Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කොරෝනා වසංගතය එළිපත්තේ සිට ‘හලෝ’ කියයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කොරෝනා වසංගතය එළිපත්තේ සිට ‘හලෝ’ කියයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
කතුවැකි

කොරෝනා වසංගතය එළිපත්තේ සිට ‘හලෝ’ කියයි

June 12, 2025
652 Views

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය ඉන්දියානු අර්ධද්වීපය තුළ ඉතා වේගයෙන් වර්ධනය වන්නේ, ලංකාවේ ත්‍රීවීලර්වල මීටරය වැඩකරනවාක් බඳුවය. අපේ රටේ ත්‍රීවීලර්වල මීටරයේ පළමු වැනි රුපියල් සියය පෙන්වා තත්පර කිහිපයක් තුළ රුපියල් දහයේ කෑලි වැටෙන්නට පටන් ගනී. මේ වන විට තම රට තුළ කොරෝනා රෝගීන් 6500 ක් පමණ සිටින බව ඉන්දියාව පෙරේදා සවස කීවේය. ඒ ගණන අද උදේ වන විට 7000 කි. සාමාන්‍යයක් වශයෙන් ගත් කල දිනකට කොරෝනා රෝගීන් හාරසියයකට කිට්ටු සංඛ්‍යාවක් ඉන්දියාවෙන් හමුවේ. මෙහි වැඩිම අවදානම තිබෙන්නේ ශ්‍රී ලංකාවට ය. ඉන්දියාව යනු රටවල් ගණනාවකට ගොඩබිම් දේශසීමාවලින් සම්බන්ධ වන රටකි. බංග්ලාදේශය, පාකිස්තානය, නේපාලය, භූතානය සහ චීනය යන රටවල් ඒ අතර තිබේ. ඒත් මේ රටවලින් ඉන්දියාව තුළට පැමිණෙන පිරිස අල්ප ය. බංග්ලාදේශයෙන් ඉස්ලාමීය කඩාකප්පල්කාරයන් එන බැවින් ඉන්දියාව දේශසීමා අසල ඉතා කල්පනාවෙන් සිටී. පාකිස්තානයෙන් එන අන්තවාදීන් ඉන්දියාව තුළ බෝම්බ පිපිරවීමට ඉඩ ඇති නිසා ඉන්දියාවට ඇතුළු වීමට ඔවුන්ට ද ඉඩ නොදේ. නේපාලයේ වැඩිදෙනකු ඉන්දියාවට යන්නේ නැත. එයට හේතුව ඉන්දියාවට යෑමට ඒ රටේ මිනිසුන්ට කිසිදු වුවමනාවක් නැත. භූතානයේ වැසියෝ ලෙහෙසියෙන් පිටරටවලට නොයති. එයට හේතු කිහිපයක් තිබේ. පළමුවැන්න නම් විදේශ සංචාරවල නිරත වී ෆන් ගැනීමට ඒ මිනිසුන්ට සල්ලි නැත. දෙවනුව එසේ සල්ලි තිබුණත්, භූතානය තම රටින් පිටවීමට තම වැසියන්ට ඉඩ දෙන්නේ කලාතුරකිනි. චීනය, ඉන්දියානු දේශසීමාව සම්බන්ධයෙන් දැඩි විමසුම් සහගත ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. ඒ රටවල් දෙක අතර විවිධ ප්‍රශ්න තිබේ. ඒ ප්‍රශ්නවලට රාජ්‍ය තාන්ත්‍රික උත්තර අවශ්‍ය වේ. ඒ උත්තර ලැබෙන විට ගතවන කාලය නිසා ඉන්දියාවෙන් චීනයටත්, චීනයෙන් ඉන්දියාවටත් එන පිරිස ඉතා අඩුය. එහෙත් ලංකාව සහ ඉන්දියාව අතර සම්බන්ධය එසේ නොවේ. ඉන්දියානුවෝ නිරන්තරයෙන්ම ලංකාවට එති. ලාංකිකයෝ නිරන්තරයෙන් ඉන්දියාවට යති. මේ නිසා ඉන්දියාවෙන් ඕනෑම ලෙඩක් ඉතා සුළු කලක් තුළ ලංකාවට ලැබෙන බව අප මතක තබා ගත යුතුය. 1970 ගණන්වල ඉන්දියාවේ කොලරා රෝගය පැතිර ගියේය. ඉතාම සුළු කලකින් රෝගය ලංකාවට ද බෝ විය. එකල වෛi විiාව අද පමණටම දියුණු වී නැත. එසේම අපේ රටේ සෞඛ්‍ය සම්පත් ද හිඟ ය. මේ නිසා ලංකාවේ කොලරා රෝගීහු බහුල වශයෙන් මිය ගියහ.

බොහෝ හොඳ දේවල් ද බොහෝ නරක දේවල් ද ඉන්දියාවෙන් අපට ලැබුණි. තමන්ට මේ රට අල්ලාගන්නට උදව් කළ යක්‍ෂ ගෝත්‍රික රැජන වූ කුවේණිය රවටා ඇය සමග විවාහ වී, රටේ රාජ්‍ය බලය අත්පත් කර ගැනීමෙන් පසු, ඇය පන්නාහළ විජය නමැති කුමාරයා පැමිණියේ ද ඉන්දියාවෙනි. ඔහු සිය බිරිඳට කළ ද්‍රෝහී ක්‍රියාව ලංකා ඉතිහාසයේ සඳහන් වේ. එවැනි විටෙක අපට සිදුවන්නේ විජය නමැති කෙනෙක් ලංකාවට කවදාවත් පැමිණියේ නැතැයි කියැවෙන මතයට ගරු කරමින් සිත සනසා ගැනීමය. අපට බුදුදහම ලැබුණේ ද ඉන්දියාවෙනි. සමහර විට ඉන්දියාවෙන් අපට ලැබුණු උසස්ම ත්‍යාගය සහ විශිෂ්ටතම දායාදය බුදුදහම විය හැකිය. හැබැයි අමතක කරන්න එපා! අපට පළාත් සභා ලැබුණේ ද ඉන්දියාවෙනි. ඒ අතර ඉන්දියාව හොඳ බලපෑම් මෙන්ම නරක බලපෑම් ද විටින් විට අපට කරන්නේ ය. ගෝඨාභය රාජපක්‍ෂගේ ආණ්ඩුව පැවැති අවසාන කාලයේ දී ලංකාව කන්න නැති තත්ත්වයට පත් වන විට, ඉන්දියාව අපට ඩොලර් බිලියන තුනක් වටිනා ආහාර සහ වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තෑගි කළේය. එවැනි අවස්ථාවලදී ඉන්දියාව සහ ලංකාව අතර තිබෙන සංස්කෘතික බැම්ම ඉතා දැඩි බව කියමින්, ඉන්දියානුවන් දුන් බත් කෑමට අපි කටයුතු කළෙමු. මනුෂ්‍ය ස්වභාවය එසේ ය. මනුෂ්‍යයා නිතරම කාට හරි බැණවදී. එසේම නිතරම කාටහරි හොඳ කියයි. මේ සියලු කරුණු අතර අප මතක තබා ගත යුතු වැදගත්ම දේ වන්නේ ඉන්දියාවේ සිදුවන ඕනෑම ක්‍රියාවක විභවය ලංකාවට දැනෙන බවය. එනම් ඉන්දියාවට හෙම්බිරිස්සාව හැදුණොත් අපට කැස්ස හැදෙයි. ඉන්දියාවට කැස්ස හැදුණොත් අපට ක්‍ෂය රෝගය වැලඳෙයි.

අපගේ ආසන්නතම රට සහ වැඩිම ජන හුවමාරුවක් සිදුවන රට වන ඉන්දියාවේ කොවිඩ් වෛරසය යළි පැතිරේ නම් අපි කල්පනාකාරී විය යුත්තෙමු. අපේ ආණ්ඩුව මේ දිනවල වැඩි අවධානය යොමු කරන්නේ පළාත් පාලන ආයතන ටික ගොඩදමා ගන්නේ කෙසේද යන කාරණය සම්බන්ධයෙනි. ඒ නිසා ලංකාවේ පවතින කොරෝනා, චිකුන්ගුන්‍යා සහ ඉන්ෆ්ලුවන්සා වසංගත ගැන වැඩි අවධානයක් යොමු කිරීමට ආණ්ඩුවට බැරිය. ගෝඨාභය රාජපක්‍ෂ බලයේ සිටි කාලයේ දී කොරෝනාව පැතිරෙන්නට ඔන්න මෙන්න කියා තිබිය දී විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් කොරෝනාව අපේ රටට බෝ වුණොත් ලොකු අවුලක් විය හැකි බව කීවේය. මෙය ඇසූ එවකට සෞඛ්‍ය ඇමැතිනියව සිටි පවිත්‍රා දේවි සිනාසුණාය. ඉන්පසු ඇය හොර වෙදෙක් දුන් පූජා භාණ්ඩ මුට්ටියක් ගඟකට හෙළා, කොරෝනා රෝගය දුරුවන ලෙස ප්‍රාර්ථනා කළාය. මේ ප්‍රාර්ථනයෙන් ස්වල්ප කලකට පසු කොරෝනා නාශක මුට්ටිය පිළියෙල කළ වෙදා කොරෝනාවෙන්ම මළේය. ගෝඨාභයගේ ආණ්ඩුව, සජිත් ප්‍රේමදාසගේ ප්‍රකාශය බැහැර කළ අතර, සති කිහිපයකට පසු කොරෝනා රෝගය කෙතරම් තදින් බෝ වුණේ ද යත්, අවුරුද්දකට වැඩි කලක් ලංකාව වසා දැමීමට සිදු විය. ආණ්ඩුව කරන පක්‍ෂය විපක්‍ෂයට සවන්දීම ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසකි. එදා සජිත් ප්‍රේමදාස කී දේට ගෝඨාභයගේ ආණ්ඩුව සිනාසීම කිසිසේත් නොකළ යුතුව තිබිණ. මේ වෙලාවේදී ද මේ රටේ විපක්‍ෂය කොරෝනා අවදානම ගැන පාර්ලිමේන්තුවේ කතා කරමින් සිටී. එය ගණන් නොගෙන ආණ්ඩුව හිතුමතේ කටයුතු කර තවත් අවුරුද්දකට රට වැසීමට සිදුවුවහොත්, ආයේ කවදාවත් රට අරින්නට සිදුවන්නේ නැත.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025
Related News
කතුවැකි

ගමෙන් ලියුමක් ඇවිල්ලා ට්‍රම්ප්ගෙන් වාගේ……

කතුවැකි

කඩු ගත් අය කඩුවලින් මැරෙති…කුඩුගත් අය කුඩුවලින් මැරෙති

කතුවැකි

මේ විපතින් අප ගැලවෙන්නේ කවදා ද?

කතුවැකි

සමූහ සංහාරයේ කොටකෙතන බ්‍රෑන්ඩ් එක

කතුවැකි

උසාවි දෙකටම ජයවේවා!

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok