Sunday, 15 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඉතිහාසයට එක්වන සිර වංචාව
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 15 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඉතිහාසයට එක්වන සිර වංචාව
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
කතුවැකි

ඉතිහාසයට එක්වන සිර වංචාව

14 hours ago
491 Views

2025 ජුනි මස 15 වැනිදා ඉරිදා

මෙයට දින පහකට පමණ පෙර ඉන්දියාවේ අහමදාබාද්හි දී එයාර් ඉන්දියා ගුවන්යානයක් කඩා වැටීමෙන් 241 දෙනකු මරණයට පත්වීම ගැන අපි අපගේ සාතිශය සංවේගය පළ කරමු. අපගේ මිත්‍රයා ද සහෝදරයා ද වන ඉන්දියාව අපට සිදුවන සෑම අකරතැබ්බයක දීම මුලින්ම උදව් කිරීමට එන අසල්වැසියා ය. ගුවන්යානය කඩා වැටුණේ අඩි තිස්තුන්දහසක් ඉහළින් පියාසර කිරීමේ දී නොව ගුවන්තොටුපළට පේන මානයේ උසකින් පියාසර කරන විටය. මෙහිදී බේරුණේ එකම එක යුරෝපීය පුරවැසියකු පමණි. ඔහු ඇරුණු කොට අන් සියලුම දෙනා එකම තැනක දී මිය යන්නට පතාගෙන එන්නට ඇති. කර්ම ශක්තිය බොහෝ පුදුමසහගත ය. එය හොඳට මෙන්ම නරකට ද බලපාන බව පෙනේ.

පසුගිය වෙසක් උළෙල දා සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව දීමේ දී එම සමාව හොඳට මෙන්ම නරකට ද බලපා තිබේ. මේ සිද්ධියේ දී ජනාධිපති සමාව නොලැබූ පිරිසක් ද කාටත් හොරා එළියට දමන ලද අතර ඒ හේතුවෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියත්, අනුරාධපුර බන්ධනාගාරයේ කොමසාරිස්වරයාත් රිමාන්ඩ් සිරගෙදර ලගිති. සිරගෙදර යනු මෙතෙක් කලක් ඔවුන් වැඩ කළ තැනය. අද සිරගෙදර යනු ඔවුන් සිරකරගෙන සිටින තැනය. රජය අවුරුද්දකට අවස්ථා කිහිපයකදීම ඇතැම් සිරකරුවන් ජනාධිපති සමාව යටතේ නිදහස් කරනු ලැබේ. ඒ සඳහා එම සිරකරුවන් අවශ්‍යතා කිහිපයක් සම්පූර්ණ කළ යුතුය. පළමුවෙන්ම ඔවුන්ගේ කල්ක්‍රියාව යහපත් විය යුතුය. දෙවනුව ඔවුහු ස්ත්‍රී දූෂණ හෝ ළමා අපචාර හෝ කුඩු නඩුවල හෝ ත්‍රස්තවාදී නඩුවල වරදකරුවන් නොවිය යුතුය. එසේම ඔවුන් සිරගෙදර තුළ දීර්ඝ කාලයක් දඬුවම් විඳි අය ද විය යුතුය. මේ කොන්දේසි එකක්වත් සපුරා නැති මහතෙක් පසුගිය වෙසක් දවසේ දී ජනාධිපති සමාව ලැබීය. හෙතෙම මූල්‍ය වංචාවකට සිරගත කරනු ලැබ සිටි ෆිනෑන්ස් කොම්පැනිකාරයෙකි. ඔහු හිරේ ගොස් ඇත්තේ ද ඉතා කෙටි කලකට පෙර ය. ඔහු ප්‍රධානත්වය දරන මූල්‍ය සමාගමේ මුදල් තැන්පත් කළ බොහෝ දෙනකු නන්නත්තාරව සිටින අතර විත්තිකරු සිරෙන් නිදහස්ව ආ බව ඔවුන්ට ආරංචි විය. කේස් එක ඇදුණේ මෙතැනිනි. මේ කේස් එක ඇදීම වාසනාවකි. මන්දයත් ජනාධිපති සමාව යටතේ මීට පෙර ද සමාව නොලැබූ පුද්ගලයන් එළියට ගොස් ඇති බව මේ කේස් එක එළියට ඒමත් සමගම හෙළි විය. ජීවිතාන්තය දක්වා හිරේට ගිය එකකු ආපසු එළියට යෑම සඳහා රුපියල් කෝටි තුන හතරක් වුව වියදම් කිරීමට කැමැතිය. එවැනි සල්ලිකාරයෝ බොහෝ දෙනකු හිරගෙදර තුළ සිටිති. අපට දැන ගැනීමට ඇති පරිදි හිරගෙදර සිටින සිරකරුවන් ජනාධිපති සමාව පෙන්වා නිදහස් කරන්නේ මෙසේය. ජනාධිපති සමාව දීම සඳහා සුදුසු පුද්ගලයන්ගේ නම් සෑම සිරගෙදරකින්ම කැඳවන අවස්ථා තිබේ. නිදහස් දිනය, වෙසක් පොහෝ දිනය වැනි විශේෂ දවස්වල මේ සිරකරුවන් නිදහස් කිරීම ආණ්ඩුවේ අරමුණ වෙයි. ඒ ඒ බන්ධනාගාරවලින් පුද්ගලයන්ගේ නම් යෝජනා කර අධිකරණ අමාත්‍යාංශයට එවීමෙන් පසු එම අමාත්‍යාංශය මගින් එම පුද්ගලයන් පිළිබඳ වෙන වෙනම වාර්තා කැඳවා වෝහාරික විගණනයක් කරනු ලැබේ.

බන්ධනාගාරය විසින් එවනු ලබන ලැයිස්තුවේ සිටින සිරකරුවන්ගෙන් කවරකු නිදහස් කළ යුතු ද යන්න තීරණය කරන්නේ එයින් පසුය. එසේ අනුමත කරනු ලබන සිරකරුවන්ගේ නම් ලැයිස්තුව ආපසු සිරගෙදර කොමසාරිස්ට යවනු ලැබේ. එය සිදුවන්නේ ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් හරහා බව අපගේ වැටහීම වේ. මේ ලැයිස්තුවල කාත්කවුරුත් නැති හිරෙන් එළියට ගියොත් අනාථ වන නිසා හිරේම ඉන්නට කැමති හාන්චිපයිස් සිරකාරයෝ ද වෙති. කපටි බන්ධනාගාර නිලධාරීන් කරන්නේ එවැනි සිරකරුවන් සොයා බලා ඔවුන් වෙනුවට ඇතුළේ සිටින ජනාධිපති සමාව නොලැබූ හොර ගුඩ්ඩන් එළියට දැමීම ය. මේ සඳහා ගන්නා ගාස්තුව අපි නොදනිමු. මේ පිළිබඳව නඩු ඇසීමේ දී බන්ධනාගාර නිලධාරීන් අදාළ පුද්ගලයන්ගෙන් අය කළ මුදල ද, ඒ සඳහා වැට්එක ද අය කරගත යුතු බව අපගේ යෝජනාව වේ. ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම සිරගෙවල් දූෂිත ය. ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවර ජනාධිපති ධුරයට පත්වූ සැණින් සිරගෙවල්වල සිටි තම ආධාරකරුවන් 1500 ක් නිදහස් කළේය. ඒ සියලු දෙනා ඩොනල්ඩ් ට්‍රම්ප් පැරදුණු අවස්ථාවේ දී ඔහු වෙනුවෙන් ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරතවූ අය වෙති. ලංකාවේ පාලකයන් ඒ තරමටම දූෂිත නොවීම ගැන අප තුළ ඇත්තේ මහත් සතුටකි. පසුගිය කාලයේ දී බලයට පත්වූ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් කිහිපදෙනකු යටතේම සිරකරුවන්ගේ නම් මාරු කර ජනාධිපති සමාව අස්සේ නිදහස් කර ඇති බව හෙළිවී තිබේ. ඒවාට ඒ ඒ ජනාධිපතිවරුන් සම්බන්ධ නැත. ඒ සම්බන්ධයෙන් වගකිව යුත්තේ සිරගෙදර සහ අධිකරණ අමාත්‍යාංශය ය. සිරගේ ඇතුළේ කවර දූෂණයක් සිදු වුවද මේ ආකාරයේ ගේම් ගසන බව කවුරුවත් විශ්වාස කරන්නේ නැත. ඒ නිසා අපට මෙය අලුත්ම අත්දැකීමකි. සිරගෙදරට නම් පරණ අත්දැකීමකි. කල්ගත වී හෝ මේ දූෂිත තත්ත්වය හෙළිදරව් වීම ගැන අපි සතුටු වෙමු. මේ සිද්ධියට සම්බන්ධ බන්ධනාගාර නිලධාරීන් සියලුම දෙනා තම සේවා ස්ථානයේම නේවාසිකයන් බවට පත් විය යුතුම ය.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

6 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

2 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

1 day ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

19 hours ago
Related News
කතුවැකි

අපගේ හද පිරි සංවේගය ඉන්දියාවට මෙසේ දන්වමු

කතුවැකි

වෝල්ටේජ් තිස්තුන්දාහ

කතුවැකි

කොරෝනා වසංගතය එළිපත්තේ සිට ‘හලෝ’ කියයි

කතුවැකි

දේවාලේ පිට්ටු හොරා පොල් බෑයට තට්ටු කළා

කතුවැකි

පෝය සඳේ සඳ කිරණින් දැයේ අඳුර දුරුවේවා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok