අද (8) තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී පැවත්වුනු , මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ අත්පත් කර ගත්තේය
එම තරග ඉසව්වේදී චමෝද් යෝධසිංහ තත්පර 10.38ක කාලයක් වාර්තා කිරීමට සමත් විය.
ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ රන් පදක්කම දිනාගැනීමට සමත් විය. ඔහු සිය ඉසව්ව තත්පර 10.34කින් අවසන් කළේය.
රිදී පදකක්ම දිනාගත්තේ , තත්පර 10.36කින් තරගය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ ය.
ලෝක මලල ක්‍රීඩා ‘ලෝකඩ’ කාණ්ඩයේ ශූරතාවලියක් වන මෙය තායිපේ නගරයේ දී ඊයේ (7) ආරම්භ වූ අතර, එය අද (8) අවසන්වීමට නියමිතය.
තායිවානයේදී ශ්‍රී ලංකාවට මීටර් 100 ලෝකඩ පදක්කමක්
