( චිත්‍රපටය නොවේ )
ඊයේ ( 7 ) පෙරවරුවේ මට්ටක්කුලිය, රාවත්ත පාර ප්‍රදේශයේ සිදුකරන ලද වැටළීමකදී 45වියෙහි පසුවන සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ .කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට ලැබී ඇති බුද්ධි තොරතුරක් මත එම කොට්ඨාශයට අනුයුක්ත නිලධාරීන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
වැටළීමමේ දී සැකකරු සතුව හෙරොයින් ග්‍රෑම් 6.6 ක් තිබී සොයාගෙන තිබේ.
වැඩිදුර පරීක්ෂණ ඔස්සේ සැකකරුගේ නිවසට පොලිසිය ගොස් සති අතර, එහිදී සොරකම් කරන ලද බවට සැකකෙරෙන බයිසිකල් 170ක් සොයාගෙන පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරු කොළඹ 15 හි පදිංචි අයෙකි . සැකකරු මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ වැඩිදුර පරීක්ෂණ සඳහා රඳවා තබා ඇත.
