අනුරාධපුර බන්ධනාගාරයේ සහකාර කොමසාරිස්වරයා අද (08 ) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ . ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයකට අදාළවය . ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කර තිබිණි .
Reading: අනුර’පුර බන්ධනාගාරයේ සහකාර කොමසාරිස් අත්අඩංගුවට