බණ්ඩාරවෙල දෝව රජ මහ විහාරස්ථානයට පිටු පසින් පිහිටි වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ටර්පන්ටයින් හා මානම සහිත රක්ෂිත කන්ද ගිනි ගත් බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
දියතලාව යුද හමුදා අනුඛණ්ඩ දෙකක් පැමිණ ගින්න ප.ව. 9.30 පමණ වනවිට ගින්න නිවා දැමූ බවත් විනාශ වූ භූමි ප්‍රමාණය තක්සේරු කර නැති බවත් තොරතුරු විමසීමේ දී බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නි. අධ්‍යක්ෂ උදය කුමාර මහතා දිවයිනට පැවැසීය.
බදුල්ල – එච්.එම්. සමරකෝන් බණ්ඩාර