තහංචිය ගැසට්ටුවකින්
ජුනි පස්වැනි දිනට නියමිත ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමීව සහ ඉදිරියේදී පැවැත්වෙන කතරගම ඇසළ මංගල්‍යය නිමිත්තෙන් ඉටිකොළ වලින් නිමකරන ලද මල් මාලා ඇතුළු පූජා භාණ්ඩ පරීක්ෂා කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ මොනරාගල කාර්යාලය කටයුතු යොදා ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ මොනරාගල සහකාර අධ්‍යක්ෂක තුසිත දිසානායක මහතා පැවසීය.
අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායමක් කතරගම නගරය සහ පූජා භූමිය අවට මහා පරිමාණ සහ කුඩා වෙළෙඳසැල් කඩ පේළි, ජංගම කුඩා වෙළෙඳුන් ලෙසින් මුළු ප්‍රදේශයම ආවරණය වන පරිදි පරීක්ෂාවක් කරන ලදි.
මෙහිදී මල් මාලා ඇතුළු ඉටිකොළ වලින් නිමකරන ලද පොලිතින් අඩංගු පූජා භාණ්ඩ අලෙවි කරන වෙළෙඳසැල් හිමියන් අටදෙනකුට නීතිමය පියවර ගැනීම කටයුතු යොදා ඇත. අනෙක් වෙළෙඳසැල් හිමියන්ට නිලධාරීන් විසින් දැඩි ලෙස අවවාද කරන ලදි.
මොනරාගල දිසාපති පසන් රත්නායක මහතාගේ උපදෙස් මට මෙම වැටලීම සිදුකර තිබේ.
කතරගම උත්සව සමයට පැමිණෙන බැතිමතුන්ගෙන් මධ්‍යම පරිසරය අධිකාරිය ඉල්ලා සිටින්නේ නීතියෙන් තහනම්කර ඇති පොලිතීන් ඇතුළු ඉටිකොළවලින් නිෂ්පාදනය කරන මල් මාලා ගැසට් නිවේදනයක් මගින් තහනම් කර ඇති හෙයින් ඒවා මිලදී ගැනීම නොකරන ලෙසයි. කතරගම දේවාලයට ඉටිරෙදි වලින් නිපදවන මල් මාලා රැගෙන එන පූජා වට්ටි ප්‍රතික්ෂේප කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය දේවාලයේ කපු මහත්වරුන්ගෙන්ද ඉල්ලා සිටී.
බඩල්කුඹුර රවිඳු ගුණතිලක