Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: දෙහිවල නැදිමාලේ වෙළෙඳ සලක සිටි අයට වෙඩි තබා ඝාතනයට උත්සාහ කිරීම: හිටපු ආබාධිත හමුදා සෙබළා අත්අඩංගුවටආධාර අනුබල දුන් අයත් දැලේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: දෙහිවල නැදිමාලේ වෙළෙඳ සලක සිටි අයට වෙඩි තබා ඝාතනයට උත්සාහ කිරීම: හිටපු ආබාධිත හමුදා සෙබළා අත්අඩංගුවටආධාර අනුබල දුන් අයත් දැලේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

දෙහිවල නැදිමාලේ වෙළෙඳ සලක සිටි අයට වෙඩි තබා ඝාතනයට උත්සාහ කිරීම: හිටපු ආබාධිත හමුදා සෙබළා අත්අඩංගුවටආධාර අනුබල දුන් අයත් දැලේ

1 week ago
34 Views

අත්අඩංගුවට ගන්නා විට දෙදෙනා ළඟ මත්ද්‍රව්‍ය

දෙහිවල, නැදිමාල ප්‍රදේශයේ පිහිටි දැනට රටින් පලා ගොස් සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන බඩෝවිට අසංක නැමැත්තාගේ ඥාතියකුට අයත් පොලිතින් වෙළෙඳ සලක් තුළදී එම ඥාතිවරයාගේ පුත්‍රයා වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි වෙඩික්කරු හා ආධාර අනුබල දුන් තවත් පුද්ගලයකු මත්ද්‍රව්‍යය ද සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසයි.

අත්අඩංගුවට පත් වූ වෙඩික්කරු හිටපු ආබාධිත යුද හමුදා සෙබළෙක් බව අනාවරණය කරගෙන ඇති බවත් වෙඩි ප්‍රහාර එල්ලකොට පුද්ගලයකු ඝාතනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 03 ක කොන්ත්‍රාත්තුවක් ලබාගත් බව අත්අඩංගුවට ගත් වෙඩික්කරු වන ආබාධිත යුද හමුදා සෙබළාගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ.

බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේ නිවසක සැඟව සිටියදී ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් සැකකාර සෙබළා සහ ඊට ආධාර අනුබල දුන් සැකකරු පරීක්ෂා කිරීමේදී වෙඩික්කරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 10160 ක් සහ අනෙක් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 10350 ක් පොලිස් භාරයට ගෙන තිබේ. මැයි මස 19 වැනි දින සවස සිදුකර තිබූ එම වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගලයකුට ජීවිත හානි හෝ තුවාල සිදු නොවූ බවත් වෙඩි තැබීමෙන් අනතුරුව වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය මීගොඩ, කජුගහයටදෙණිය ප්‍රදේශයේ දමා ගොස් තිබියදී මීගොඩ පොලිසිය මගින් එදින රාත්‍රී සොයා ගෙන තිබූ බවත් පොලිසිය පවසයි.

වෙඩි තබන අවස්ථාවේදී ගිනි අවියෙන් එක් වෙඩි ප්‍රහාරයක් පමණක් නිකුත් වීමෙන් අනතුරුව එය අක්‍රිය වීමෙන් පසු වෙඩික්කරු යතුරුපැදියේ නැගී පලා ගොස් තිබූ බවට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. දෙහිවල නැදිමාලේ පොලිතින් වෙළෙඳසලට වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේ නිවසක සැඟව සිටින බවට බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන් 69598 අනිල් නිලධාරියාට ලද තොරතුරකට අනුව එම නිවස වටලා මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් වෙඩික්කරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී කොස් මල්ලී නමැත්තා රුපියල් ලක්ෂ තුනක් ලබාදීමේ පොරොන්දුව මත වෙඩි තැබීමේ කොන්ත්‍රාත්තුව ලබා දුන් බවත් ඔහුගේ උපදෙස් මත මිහින්තලේ අඹතලාගම සිට කොළඹ පැමිණ හෝමාගම පිටිපන ඉස්කෝල හන්දියේ තම මිතුරෙකුගේ නිවසේ නවාතැන් ගත් බවත් සැකකරු ප්‍රකාශ කළ බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය. කුලී ත්‍රිරෝද රථයකින් ඉකුත් 19 වැනි දින බෙල්ලන්විල ඇවිදින මංතීරුව කරා පැමිණි බවත් එම ස්ථානයට පැමිණි කොස් මල්ලි විසින් දැනුම් දුන් ලියාපදිංචි අංකය සහිත යතුරුපැදියේ පැමිණි පුද්ගලයා සමග ගොස් ඔහු රැගෙන ආ ගිනි අවියෙන් දෙහිවල නැදිමාල කරා ගොස් වෙඩි තැබූ බවත් සැකකරු ප්‍රකාශ කළ බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

අනතුරුව හෝමාගමට පැමිණ යතුරුපැදියෙන් බැස පිටකොටුව කරා බස් රථයෙන් ගොස් අනුරාධපුරය මිහින්තලය ගම් ප්‍රදේශය කරා ගිය බවද සැකකරු අනාවරණය කර තිබේ.

එම වෙඩි තැබීමේ කොන්ත්‍රාත්තුව සඳහා කොස් මල්ලි විසින් ලබාදෙන බව කියූ රුපියල් ලක්ෂ තුනක මුදලින් රුපියල් එක් ලක්ෂ විසිදහසක මුදලක් තම ගිණුමට බැර කර තිබූ බව සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.

ඉතිරි මුදල් ලබා ගැනීම සඳහා ඔහුගේ මිතුරකු වන බොරලැස්ගමුවේ නිවසට පැමිණෙන ලෙස කළ දැනුම් දීම අනුව පැමිණි බවත් සැකකරුගෙන් වැඩිදුරටත් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ පැවසූ බව පොලිසිය පවසයි. පොලිතින් තොග වශයෙන් ලබා දෙන මෙම වෙළෙඳ සලේ හිමිකරු මත් ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන කොම්පඤ්ඤගේ අසංක චානක පොන්සේකා නොහොත් බඩෝවිට අසංක යන අයගේ මාමා බවත් එම පුද්ගලයාගේ පුතා වන රදම්පොළ ගමගේ ජනක ලක්මාල් යන අය ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර තිබූ බවද සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ බවත් පොලිසිය පවසයි.

ඉකුත් 19දා දහවල් 12.05ට පල්සර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණ තිබූ වෙඩික්කරුවන් දෙදෙනාගෙන් පසුපැදිකරු යතුරුපැදියෙන් බැස වෙළෙඳ සල ඉදිරි පිටට පැමිණ වෙඩි තබන අවස්ථාවේදී එහි සිටි ජනක ලක්මාල් සහ තවත් පුද්ගලයන් තිදෙනකු වෙළෙඳ සල තුළට දිව ගොස් දිවි බේරාගෙන තිබූ බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝල ගිනි අවියකින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබිණි.

අත්අඩංගුවට ගත් වෙඩික්කරු වයස අවුරුදු 43 ක් වන අතර අනෙක් සැකකරු වයස අවුරුදු 38 ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩික්කරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.

බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන, බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පත්ම කුමාර, සහකාර පොලිස් අධිකාරි ජනක කුමාර මහත්වරුන්ගේ උපදෙස් මත ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ, පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර යන මහත්වරුන්ගේ මග පෙන්වීම මත විමර්ශන ඒකක තුන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිහාල්, පොලිස් සැරයන්වරුන් වන 38723 රංජිත්, 61249 ලංකා, 56805 ගුණසේකර, 69598 අනිල්, 70471 තෙන්නකෝන්, 72979 චමින්ද පොලිස් කොස්තාපල්වරුන් වන 83774 සුදීර, 15165 දර්ශන සහ 14940 ජෆ්රාන් මහත්වරු පරීක්ෂණ පවත්වති.

එස්. ඩී. අබේසිංහ – මහරගම

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

6 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

දෙමටගොඩදී එක පෙළට ත්‍රිරෝද රථ හයක් ගිනිගනී

ප්‍රාදේශීය පුවත්

විපක්‍ෂයට බහුතරය හිමි දකුණේ සභා 15ක් කැඳවන්න දින දෙයි

ප්‍රාදේශීය පුවත්

මහියංගණ පොලිසියේ උ.පො. පරීක්ෂකවරයා විවේක කාමරයක් තුළ වෙඩි තියාගෙන

ප්‍රාදේශීය පුවත්

මෙම සැකකරු හඳුනනවාද

ප්‍රාදේශීය පුවත්

සිරුරු 18ක අස්ථි හමුවෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok