කොළඹ හතේ රීඩ් මාවතේ පිහිටි කෘතීම ක්‍රීඩා පිටියේ දී නිමාව දුටු 13 වැනි ආරක්ෂක සේවා හොකී තරගාවලියේ කාන්තා ශූරතාව ෂෙහානී ප්‍රනාන්දු ගේ නායකත්වයෙන් සමන්විත වූ ගුවන් හමුදාව දිනා ගත්තේය.
එකී අනු ශූරතාව වයෝමී ප්‍රේමතිලක නායකත්වය දැරූ යුද හමුදාව සතු විය.
ගුවන් හමුදාව සහ යුද හමුදාව අතර පැවති තීරණාත්මක අවසාන මහා තරගයේ දී ගෝල් 02 – 00 ක ජයග්‍රහණයක මිහිර අත්විඳින්නට ගුවන් හමුදාව නියෝජනය කළ ක්‍රීඩිකාවන්හට හැකියාව ලැබුණේ ආරක්ෂක සේවා හොකී ඉතිහාසයේ පළමු වතාවට වීම එහි දී කැපී පෙණුනි. තරගයේ ප්‍රථම භාගය නිමා වන විට ගෝල් තත්ත්වය 01 – 00 කි. ගුවන් හමුදා ජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙණුනු ඉමේෂා වීරබාහු (01) සහ චතුරී තුසන්තිකා තේමියදාස (01) බැගින් ගෝල වාර්තා කළහ.
පසුගිය වසර කිහිපය තුළ ආරක්ෂක සේවා කාන්තා හොකී ශූරතාවයට තහවුරු කර ගත් නාවික හමුදාවට මෙවර මූලික වටයෙන්ම ඉවත් වන්නට සිදු වීම කැපී පෙණුනි.
අනුරුද්ධ හේරත් බණ්ඩාර