සිංගර් සමාගම විසින් නවතම HONOR 400 සහ HONOR 400 ඡරද ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදන පෙළ පසුගියදා ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදී.
ඒ සමග AI බලයෙන් ක්‍රියාත්මක ස්මාර්ට් ජංගම දුරකතන තාක්ෂණයේ තවත් ඉදිරි පියවරක් තබමින් මෙරට එම ක්ෂේත්‍රයේ විප්ලවීය පරිවර්තනයක් සිදු කිරීමට සිංගර් සමාගම සමත්ව සිටියි. AI විශේෂාංගයන් තුළින් භාවිතයේ පහසුව සමඟින් නිර්මාණශීලී ඡායාරූප හා වීඩියෝ ලබා ගැනීමේ හැකියාව ඉහළ නැංවීමට සමත්ව ඇති HONOR 400 ස්මාර්ට් ජංගම දුරකතන පෙළ පාරිභෝගිකයින්ට සුවපහසු හා අසමසම අත්දැකීමක් එක් කරනු නිසැකය.
මෙම HONOR 400 නිෂ්පාදන මාලාවෙහි ඇති නවතම AI විශේෂාංගයන් හේතුවෙන් පරිශීලක අත්දැකීම් ඉහළ නැංවීමට මෙන්ම ස්මාර්ට් ජංගම දුරකතනයන්හි හැකියාවන් ඉහළ නැංවීමටද හැකි වී තිබේ. මෙහි ඇති සුවිශේෂී විශේෂාංගයක් වන AI Image-to-Video තුළින් ඡායාරූප ස්වයංක්‍රීයව වීඩියෝ බවට පරිවර්තනය කරමින් සොඳුරු මතකයන් ආකර්ෂණීය අයුරින් සකසා ගැනීමට හැකියාව උදා වේ. AIවැඩි දියුණු කිරීම හේතුවෙන් රූපයේ ගුණාත්මකභාවයද බොහෝ සෙයින් ඉහළ නංවා ගැනීමට හැකිවීම මෙහි තවත් විශේෂත්වක් ලෙස පෙන්වා දිය හැකිය. එපමණක් නොව AI Portrait Engine තුලින් වෘත්තීය ඡායාරූපයක් තරම් සුපැහැදිලි ආකර්ෂණීය සෙල්ෆි ඡායාරූප ලබා ගැනීමේ හැකියාවද උදා කර දෙයි. තවද එහි ඇති AI Cutout විශේෂාංගය මඟින් පාරිභෝගිකයින් හට ඡායාරූපයන්ගෙන් තමන්ට අවශ්‍ය කොටස පහසුවෙන් වෙන් කර ගැනීමේ හැකියාව හේතුවෙන් නිර්මාණශීලීත්වය මෙන්ම සංස්කරණය කිරීමේ පහසුවද අත්විඳිය හැකි වේ.
මෙම නවතම හඳුන්වාදීම පිළිබඳ අදහස් දැක්වූ සිංගර් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේරත්න මහතා “සිංගර් සමාගම ශ්‍රී ලාංකේය ජනතාවගේ එදිනෙදා ජීවිතය වැඩි දියුණු කරන නවීන තාක්ෂණයෙන් යුත් උසස් තත්වයේ නිෂ්පාදන ලබා දීමට නිරන්තරයෙන් කැපවී කටයුතු කරනවා. සිංගර් සතු මෙම විශිෂ්ටත්වය සමඟින් පහසු මිලකට අසමසම කාර්ය සාධනයකින් යුත් ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයින් හට HONOR 400 නිෂ්පාදන පෙළ නවමු අත්දැකීමක් වනු ඇතැයි අපි විශ්වාස කරනවා.” යනුවෙන් පැවසීය.