බටහිරෙන් දර්ශනීය මධ්‍ය ධරණී සාගරයට මුහුණලා පිහිටි මෙන්ම උතුරින් ලෙබනනය ද, දකුණින් රතු මුහුදින් හා ඊජිප්තුවෙන්ද, නැගෙනහිරෙන් ජෝර්දානයෙන් වටවූ වර්ග කිලෝමීටර් 22072ක් හිමි සුන්දර බිම්කඩ ඊශ්‍රායලය වශයෙන් හඳුන්වයි. ලෝකයේ සිටින හමුදාමය ශ්‍රේණිගත කිරීම අනුව පහළොස්වන බල සම්පන්න හමුදාවකට හිමිකම් කියන ඊශ්‍රායලයේ ජනගහනය ලක්ෂ දහයකට අධික ප්‍රමාණයකි. ආර්ථික අතින්ද ගත් කල ලෝකයේ විසි පස්වන ශක්තිමත් ආර්ථිකයක් ඇති රාජ්‍යයක් වශයෙන් ඊශ්‍රායලය පත්ව ඇත. 1948 ඊශ්‍රායලය පිහිටුවීමත් සමගම ඊශ්‍රායල් ආරක්ෂක බළකාය ද පිහිටුවිය. මේ වනවිට අරාබි යුද්ධය, සුවස් යුද්ධය, සය දින යුද්ධය වැනි යුද්ධ රාශියකට සාර්ථකව මුහුණ දුන් ඊශ්‍රායලය ලෝකයේ අපරාජිතව සිටින එකම රාජ්‍ය වශයෙන්ද දැකිය හැකිය.
පසුගිය ජුනි මස 13 වැනි දින ඉරානයට එල්ල කළ ඊශ්‍රායල් හදිසි ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායල් හමුදාව වර්තමානය වන විට මැදපෙරදිග අනසක පතුරවා පෙර ගමන්කරු වී හමාරය. ගුවන්, නාවික, පාබල යන බල සේනා ත්‍රිත්වයක් ඇති බළකායට තාමත් ලෝකයකට ආවරණ වූ අධි තාක්ෂණයන් දායක කරගන්නා බවද නොයෙකුත් වාර්තා මගින් හෙළිවෙයි. මෙවන් අති දක්ෂ හමුදාවක් හිමි සුන්දර ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කිහිප දෙනකු සේවය කරන බව පැවසිය යුතුය. තවද ඊශ්‍රායලයේ වර්තමානයේදී විසි දහසකට අධික ශ්‍රී ලාංකිකයන්ගෙන් දෛනිකව අන් රටවලට වඩා වැඩිම විදේශ විනිමයක් ලාංකික ආර්ථිකයට දායකත්වය වන රට වශයෙන්ද ඊශ්‍රායලයේ වැදගත්ය.
ඊශ්‍රායලය ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ආදරය දිනා සිටින ජනත් විමල උත්තම වඩු මහතා අම්බලන්ගොඩ වතුගෙදර ග්‍රාමයේ උපත ලැබූ කෙනෙකි. පසුව ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකයකු වශයෙන් අප රටට කීර්තිමත් සේවයක් කර 1993 ඊශ්‍රායලය වෙත පැමිණෙන්නේ බලාපොරොත්තු රාශියක් කරපින්නාගෙනය. ජනත් විමල මහතා 1995 දී ඊශ්‍රායල් පුරවැසිභාවය හිමි රෝෂ් මාරී සමග ඊශ්‍රායලයේදී විවාහය සිදුවෙයි. 1997දී ඔවුන් හටලේන් දෝවිඋත්තම වඩු නමින් පුතෙකු ඉපදෙන අතර 2004 වසරේදී බිජට් දිල්ෂානි උත්තමවඩු නමින් දියනියක් ද ඉපදේ. ඊශ්‍රායලයේ ප්‍රධාන භාෂාව වන හීබෲ බසින් මොවුන් දෙදෙනා අධ්‍යාපනය ලබන අතර පාසලේ දී ද ඔවුන්ගේ දක්ෂකම්වලට ඇගයීම්වලට ලක්විය. ජනත් විමල මහතාගේ වැඩිමහල් පුතු ඊශ්‍රායල් රාජ්‍යයේ හමුදාවට බැඳෙන අතර ඔහු කාල තුවක්කු බළකායට අනියුක්ත වීම විශේෂය. තවද ඊශ්‍රායල් හමුදාවේ විශේෂ ඇගයීම් කිහිපයකට හිමිකම් ඇති මේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති මොහු හට අනතුරකදී ඔහුගේ පාදයකට ආබාධයක් සිදුවන අතර මේ වන විට වෛද්‍ය නිවාඩු ලබාදී ඇත.

තවද ජනත් විමල මහතාගේ දියණිය වන දිල්ෂානී මෙනවියද මේ වන විට පූර්ණකාලීනව ඊශ්‍රායල් හමුදාවේ සේවය කරන අතර ඇයට උපතින්ම පිහිටා ඇති දක්ෂකම් නිසා මේ වන විට සැරයන් නිලයේ තනතුරක් දරයි. ජනිත් විමල මහතාගේ දරුවන් දෙදෙනා ශ්‍රී ලාංකිකයන් පවත්වන සංස්කෘතික, ආගමික වැඩසටහන්වලට ඔවුන්ගේ දායකත්වය මෙහිදී විශේෂයෙන් මතක් කළ යුතුය. ජනත් විමල මහතාද මේ වන විට ඊශ්‍රායලයේ ව්‍යාපාර කටයුතුවල නියැළෙමින් ශ්‍රී ලාංකික සුබසාධන කටයුතුවලදී අනගි මෙහෙවරක් සිදු කරන ආදරණීය චරිතයකි.
තවද මාතර වැලිගමදී මෙලොව එළිය දුටු සුරංජි මහත්මිය ඊශ්‍රායලය වෙත පැමිණෙන්නේ 2007 වසරේය. එවකටත් ඊශ්‍රායලයේ යුද්ධයක් පැවති නිසාවෙන් භීතියෙන් තොරව ඇය ඊශ්‍රායලයට පැමිණෙන්නේ ඇයටම ආවේණික වූ දිරිය ශක්තිය නිසාවෙනි. සුරංජි මහත්මිය යුදෙව් ජාතික යෝෂි මහතා සමග විවාහ වන්නේ ශුද්ධ වූ ඊශ්‍රායලය තුළය. ඇය විවාහ වීමට පෙර යුදෙව් ආගම වසරක් පුරා ඉගෙන ගත් බව මා සමග පැවසුවේය. මෙසේ කාලයත් සමග පුතුන් දෙදෙනකු සහ දියණියක් හිමි ලස්සන පවුලක් ඔවුන්ට හිමිවන්නට විය. යුදෙව් සංස්කෘතියක් මත හැදී වැඩුණු සුරංජි මහත්මියගේ වැඩිමහල් පුතා වන ඉස් හක් මහතාද හීබෲ බසින් අධ්‍යාපනය ලබයි. පසුව ඊශ්‍රායල් හමුදාවට බැඳෙන අතර ඔහුට චතුරව සිංහල භාෂාවෙන් ද කතා කිරීමට හැකි බව අපි දන්නා කරුණකි. තවද මොහුටද නිතැතින්ම ලැබුණු හැකියාවන් හා දක්ෂකම් මත ඉක්මනින්ම සැරයන් පදවිය ලැබුණු අතර ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආදරය දිනාගත් පුද්ගලයකු බවද පැවසිය යුතුය. ඊශ්‍රායල් ජාතිකයන්ද අනන්‍ය වූ නිරහංකාරකම මොහු සතුව ඇති උතුම් ගුණාංගයකි.
මේ අනුව අප ශ්‍රී ලංකා දේශයටත් වඩා එදා කුඩා බිම්කඩක් හිමි ඊශ්‍රායලය ලෝක යුද ආධිපත්‍යයේ හිනිපෙත්තේ වැජඹෙන විනයගරුක හමුදාවක ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දූ පුතුන් අල්ප ප්‍රමාණයක් සේවය කිරීමද ශ්‍රී ලාංකිකයන් වන අපටද ආඩම්බරයට ගෙන දෙන්නකි. තවද ඊශ්‍රායල් ආරක්ෂක බළකායේ මෙහෙවර වන්නේද ලෝක ත්‍රස්තවාදය ලොවෙන් තුරන් කර සාමයේ සිසිලස ලෝකය තුළ පැතිරවීමය.
මංගල කරඳවල ඊශ්‍රායලය