මහනුවර ප්‍රදේශයේ ප්‍රමුඛතම පෞද්ගලික සුවසේවා සපයන්නකු වන සුවසෙවන රෝහල පසුගිය දා ශ්‍රී ලංකා යුද හමුදාව සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹුණේය. ඒ සුවසහන රක්‍ෂණ යෝජනා ක්‍රමයට දායකත්වය ලබා දෙමින් යුද හමුදා නිලධාරීන්ට සුවසෙවන රෝහල හරහා සෞඛ්‍ය සේවාවේ සහනදායී ප්‍රතිලාභ අත්කර දීමේ අරමුණෙන් යුතුවය. ජාතිය ආරක්‍ෂා කිරීම සඳහා දිවි හිමියෙන් කැපවන යුද හමුදා නිලධාරීන්ට සහන සැලසීමට සුවසෙවන රෝහල විසින් දක්වන කැපවීම මෙම ගිවිසුම හරහා තහවුරු විය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන් බ්‍රිගේඩියර් ප්‍රනාන්දු මහතා, මේජර් ධනුෂ්ක කුමාර මහතා සහ ලුතිනන් කර්නල් ප්‍රේමචන්ද්‍ර මහතා සහභාගි වූ අතර සුවසෙවන රෝහල වෙනුවෙන් එහි ව්‍යාපාර සංවර්ධන අංශ ප්‍රධානී ශ්‍රීමත් වැලිවිට මහතා, අලෙවි විධායක ලක්‍ෂානි පෙරේරා මෙනෙවිය සහ ව්‍යාපාර සංවර්ධන නිලධාරී අශාන් ප්‍රේමචන්ද්‍ර මහතා සහභාගි වූහ. මෙම ගිවිසුම හරහා යුද හමුදා සාමාජිකයන්ට ගුණාත්මක සුව සේවාවක් වෙත ප්‍රවේශ වීමට ඇති අවස්ථා පුළුල් කරමින් ඉහළ ප්‍රතිලාභ අත් කර දෙනු ඇත.
මෙම අවබෝධතා ගිවිසුමට අනුව සුවසහන රක්‍ෂණ හිමියන් සුවසෙවන රෝහලේ ඇතුළත් වීමේ ගාස්තුවලින් නිදහස් කරන අතර බාහිර රෝගී අංශයෙන් නොමිලේ උපදේශන සේවා ලබා ගැනීමටත් සුවිශේෂී වට්ටම් යටතේ වෙනත් විවිධ වෛද්‍ය සේවාවන් ලබා ගැනීමටත් අවස්ථාව සලසා ඇත. CT ස්කෑන්, MRI, Mammograms, X-rays සහ Ultrasounds ඇතුළු රසායනාගාර පරීක්‍ෂණ සහ විකිරණ පරීක්‍ෂණ සඳහා මෙන්ම ECHO සහ ECG පරීක්‍ෂණ සඳහා ද 20%ක වට්ටමක් හිමි වන අතර සුවසෙවන රෝහලේ නේවාසික වෛද්‍ය පහසුකම් ලබා ගැනීමේදී ද එම වට්ටම වලංගු වේ. මීට අමතරව හෘද සැත්කම් සඳහා රු. 50,000/=ක වට්ටමක් ලබා දෙන අතර රෝහලේ සිට කිලෝමීටර් 10ක දුරින් සිටින රෝගීන් සඳහා නොමිලේ ගිලන් රථ සේවාවක් ද සපයනු ඇත. සුවසහන රක්‍ෂණ යෝජනා ක්‍රමය යුද හමුදා නිලධාරීන් වෙනුවෙන් වෛද්‍ය ආධාර සහ මූල්‍යමය ආධාර සම්පාදනය කිරීම අරමුණු කර ගත්තකි. රෝහල් ගතවීම්, මාරාන්තික රෝග සහ ආබාධිත තත්ත්වයන් ආශ්‍රිත වියදම්වලදී සැළකිය යුතු මූල්‍ය ආවරණයක් ලබා දෙන මෙම රක්‍ෂණ යෝජනා ක්‍රමය රටේ සාමය ගොඩනැංවූ යුද හමුදා නිලධාරීන්ට මානසික සාමය පවත්වාගෙන යාමට මහෝපකාරී වෙයි.