ඉන්ධන මිල වැඩි වුවත් බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ට ඊයේ (01දා) පැවැසීය. බස් රථවල ගමන් ගන්නා මගී ජනතාව ගැන සිතන බව පැවසූ ඒ මහතා මාසයෙන් මාසයට ඉන්ධන මිල සංශෝධනය කිරීම බස් කර්මාන්තයට බරපතළ ගැටලුවක් වී ඇතැයි ද කියා සිටියේය. බස් රථවල අමතර කොටස්වල මිල දිනෙන් දින ඉහළ යෑම, ටයර් මිල මෙන්ම බස් රථ අලුත්වැඩියා කිරීමට වැය වන මුදල් ඉහළ යෑම බරපතළ ගැටලුවක් වී ඇති බවත් හෙතෙම පැවසීය. මේ අතර ඉන්ධන මිල සංශෝධනයත් සමග ඊයේ (01දා) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය ක්‍රියාත්මක නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය ‘දිවයින’ට ඊයේ පැවසුවාය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්