Friday, 27 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 27 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025
3164 Views

ග්‍රීක රජය ආර්ථික අර්බුදයකට ලක්ව ඇති බව දැනුවත්ව තිබියදීත් 2012 වසරේදී ශ්‍රී ලංකා රජයට අයත් මුදල් එරට බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රජයට රුපියල් බිලියන 1.8කට අධික පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනකුට එරෙහිව පවරා තිබූ නඩුව ලබන ඔක්තෝබර් 10 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා ඊයේ (26දා) නියෝග කළේය.

එම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ඊයේ පැවැත්වීමට නියමිතව තිබිණි. කෙසේ නමුත් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ඊයේ නොපවත්වා වෙනත් දිනයක් ඒ සඳහා නියම කරන ලෙස පැමිණිල්ල එනම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මෝසමක් මගින් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

එහිදී පළමු විත්තිකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා ඇතුළු විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමන් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්‍ෂේප කරමින් මහාධිකරණය මින් පෙර ලබාදුන් නියෝගයට එරෙහිව විත්තිකරුවන් අභියාචනාධිකරණයට අභියාචනා ගොනුකර ඇති බව පෙන්වා දුන්හ. එකී අභියාචනා ලබන සැප්තැම්බර් 19 වැනිදා අභියාචනාධිකරණය හමුවේ කැඳවන බැවින් ඉන්පසු දිනයක එම නඩුව කැඳවීමට දින නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම්වලට පිළිතුරු දුන් මහාධිකරණ විනිසුරුවරයා තම අධිකරණය නිරතුරුවම ඉහළ අධිකරණවලට ගරු කරන බවත් තමන් මින් පෙර ලබාදුන් නියෝගයකට එරෙහිව විත්තිය ඉහළ අධිකරණයට අභියාචනා ගොනු කර ඇත්නම් ඉහළ අධිකරණයෙන් තීන්දුවක් ලැබෙනතුරු එකී නඩුව කැඳවීම නුසුදුසු බව සිය අධිකරණය ද සිතන්නේ යැයි පෙන්වා දුන්නේය.

මේ අධිකරණය සංදර්ශන පැවැත්වීම සඳහා නඩු කැඳවීමට කිසිසේත්ම අපේක්‍ෂා කරන්නේ නැතැයි ද විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා එම නඩුව කල්තැබීමට නියෝග කරමින් වැඩිදුරටත් පැවසීය.

ඒ. ජේ. ඒ. අබේනායක

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ජීවිත 263ක් සමග අඩි 37,000 ඉහළදී බෝයිං 747 එන්ජින් 4 නවතියි

June 22, 2025

“මම දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ” “මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ”

June 22, 2025

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

ඇප ලබා පැය විසිහතරෙන් රට පැන්න කංජිපානිගේ අලුත්ම බ්‍රෑන්ඩ් එක

June 22, 2025

ඩොක්ටර් මහේෂි මෙච්චරකල් හිටියේ කොහොමද ?

June 22, 2025
Related News
ප්‍රධාන පුවත්

චෝදනා 43ක් යටතේ කෙහෙළියගේ මුළු පවුලටම අල්ලස් කොමිසමෙන් නඩු

ප්‍රධාන පුවත්

කෝටි 14ක් වැය කර බාල බෙහෙත් ගෙන්වූවාටත් කෙහෙළිය ඇතුළු 12කට නීතිපති නඩු පවරයි

ප්‍රධාන පුවත්

අයුතු ලෙස වත්කම් රැස් කළැයි හිටපු සෞඛ්‍ය ලේකම් රිමාන්ඩ්

ප්‍රධාන පුවත්

දරුවනේ ප්‍රවේශම් වෙන්න

ප්‍රධාන පුවත්

අපේ සිංහල වචන රැසක් ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට එක් වෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok