මැද පෙරදිග කලාපයේ යුද්ධය ඇතිවූ අවස්ථාවේදී ඉන්ධන හ
ිගයක් ඇතිවේ යැයි යන බලාපොරොත්තුව මත විශාල ඉන්ධන තොගයක් රැස් කොට ගබඩා කොට තිබූ වවුනියාවේ බණ්ඩාරීකුලම ප්‍රදේශයේ නිවසක් ඊයේ (30 දා) හදිසියේම ගිණි ගෙන තිබේ.
මෙම නිවසේ උදවිය පහනක් දැල්වීම පිණිස පොල්තෙල් වෙණුවට පෙට්‍රල් භාවිත කොට ඇත්තේ ඉන්ධන විශාල තොගයක් විවිධ භාජන වල රැස් කොට නිවසේ අසුරා තිබීම නිසා බෝතල් මාරු වීමෙනි.
පහන දැල්වීමට උත්සහ කළ අවස්ථාවේදී දේව කාමරයට ගිණි ඇවිලී ඇති අතර පසුව නිවසේ ගබඩා කොට තිබූ ඉන්ධන වලට ගිණි ඇවිලී තිබේ.
ගින්න නිවස පුරාම පතිර යාමත් සමගම වවුනියාව නගර සභාවේ ගිණි නිවන ඒකකයේ පිරිස් පැමිණ ගින්න නිවා දමා ඇතත් ඒ වන විට නිවසේ භාණ්ඩ රැසක්ම ගින්නෙන් දැවී පිලිස්සී ගොස් තිබේ.
වවුනියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී
