හොඳ කලා නිර්මාණ බිහිවේ
කෘෂිකර්මාන්තයට බාධා
ආරක්ෂක අංශයන්හි ප්‍රතිසංස්කරණ රැසක්
කුඩා දරුවන්ට කරදර
මුහුද රඵවීම්, සාගර භූ කම්පන තත්ත්වයක්
මැති සබයේ කැළඹීම්
ග්‍රහලොව කලාකාරිය සුකුමාලිය යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වනු ලබන සිකුරු තමාගේ ස්වක්ෂේත්‍ර රාශියක් වූ වෘෂභ රාශියට 2025.06.29 ප.ව. 2.10ට ගෝචර වන අතර එය දින 27 ක පමණ කාලයක් රැඳී සිටී.
මෙහිදී තත්කාල ලග්නය වශයෙන් තුලා ලග්නයත්, කුම්භ නවාංශකයත් උදාව පවතී. එහිදී පස්වැන්නේ රාහු ද, හයවැන්නේ ශනි ද, අටවැන්නේ සිකුරු ද, නවවැන්නේ රවි, ගුරු ද, දහවැන්නේ 22 වන දෙර්කානාධිපතිට අයත් බුධ ද, එකොළොස් වැන්නේ කුජ, කේතු, සඳු ද මෙසේ ගමන් ගෙන තිබුණි. කලාවට සම්බන්ධ අයට යහපත් වන අතර හොඳ කලා නිර්මාණ බිහිවන කාලයක්ද වේ. මෙරට කලා නිර්මාණයක් සඳහා ජාත්‍යන්තර ඇගයීම් හිමිවන බවක් ද පෙනෙන්නට තිබේ.
කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ හතරවන භාවය තුළ සිකුරු බලවත්ව ගමන් කරනු ලබයි. ප්‍රබල පතල් අනතුරක්
ගැන අසන්නට ලැබේ. එසේම පොළොවෙන් හටගන්නා ධාන්‍ය වර්ගවල හානි ඇති වන බවක් ද පෙන්නුම් කරයි. විශේෂයෙන් කුජ, කේතු, සඳු පිහිටීම පිපිරීම්, ලේ
වැගිරීම්වලට තුඩු දෙන බවක් ද පෙනේ. මැති සබය තුළ බොහෝ කරදර කැළඹිලි ඇති කරයි. මන්ත්‍රීවරු අතර රෝග බිය ඇති විය හැකි අතර සමහර මන්ත්‍රීවරුන්ට යම් යම් අසුබතා ඇති වන බවක්ද පෙන්නුම් කරයි. ආරක්ෂක අංශයන්හි ප්‍රතිසංස්කරණ දියත්වන බවක් ද පෙනේ.
ප්‍රසිද්ධ දෙපාර්තමේන්තුවල ගැටලු, බාධක, අවුල් වියවුල් ඇති වන බව පෙනේ. සමහර ආයතනවල උසස් ප්‍රධානීන්ගේ බලය ගිලිහෙන බවක්ද පෙනෙන්නට තිබේ. කුඩා දරුවන් මෙම දින කිහිපය තුළ ප්‍රවේශම් කිරීම ඉතා වැදගත් වේ. කැබිනට් මණ්ඩලයේ වෙනසක් ද ඇති කරයි.
නාවික ධීවර කටයුතුවලට බාධක ඇති කරන බව පෙනේ. මුහුද ර`ඵවීම්, සාගර භූ කම්පන තත්ත්වයක්ද ඇති විය හැකි කාලයක් වේ. ඒ අනුව සිකුරුගේ ග්‍රහ ගමන ලග්න 12 ට බලපාන ආකාරය කෙසේදැයි බලමු.
මේෂ ලග්නය
මේෂ ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ 7 අධිපති වෙමින් සිකුරු දෙවෙනි භාවය තුළ දී ගෝචර වේ. ඔබගේ වචන ආකර්ශනීය බවකින් යුක්ත වන දින කිහිපයකි. ලැබීම් අතින් හවුල් ව්‍යාපාරවලින් ලාභ, වාසි ඇති විය හැකි දින කිහිපයකි. උදරගත ආබාධ ඔබට ඇති විය හැකි අතර රැකියාවේ ගැටලු, ප්‍රශ්න ද පෙනෙන්නට තිබේ.
වෘෂභ ලග්නය
වෘෂභ ලග්න ඔබගේ ලග්න අධිපති වෙමින් ලග්නගතව සිකුරු ගෝචර වේ. ප්‍රසිද්ධිය, ජනප්‍රියත්වය, යම් යම් තනතුරු හිමි බව බවක්ද ඇති වන දින කිහිපයකි. තරමක් ආවේගශීලී ගති ඔබ තුළින් පෙන්නුම් කරයි. පපුව, පෙණහලු ආශ්‍රිත අසනීප තත්ත්ව ඇති කරයි.
මිථුන ලග්නය
මිථුන ලග්න ඔබගේ කේන්ද්‍රයේ 5 අධිපති වෙමින් දෙළොස්වෙනි භාවය තුළදී සිකුරු ගෝචර වේ. තමාගේ නමට හානි වන පුවත් අසන්නට ලැබෙන දින කිහිපයකි. අධ්‍යාපනයේ යෙදී සිටි දරුවන්ට උනන්දුව අඩු කරයි. යම් යම් තීන්දු තීරණ කෙලින් ගන්නා දින කිහිපයකි.
කටක ලග්නය
කටක ලග්න ඔබගේ බාධක ග්‍රහයා වෙමින් එකොළොස්වෙනි භාවය තුළ සිකුරු ගෝචර වේ. ඔබ කරන කියන කටයුතුවලට යම් යම් බාධක ඇති කරයි. වැය පස අධික වන දින කිහිපයකි. බෙල්ල, පෙණහලු යන ස්ථානවල අපහසුතා ඇති කරයි. තරමක් දුරට වචන වේගවත් විය හැකි දින කිහිපයකි.
සිංහ ලග්නය
සිංහ ලග්න ඔබගේ කේන්ද්‍රයේ දහවැන්න තුළ සිකුරු ගෝචර වේ. ලැබීම් අතින් යහපත් වන දින කිහිපයකි. රැකියාව තුළ පෙරට වඩා වැඩ වැඩිවීමක් ද ඇතිකරයි. යම් යම් තනතුරු ලාභ ලැබීමට පවා වාසනාව පවතී. වැය පස අධිකයි.
කන්‍යා ලග්නය
කන්‍යා ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ 2 සහ 9 අධිපති වෙමින් සිකුරු භාග්‍යස්ථානගතව ගමන් කරනු ලබයි. පෙර පින මතුවන දින කිහිපයකි. ලැබීම් අතින් යහපත් වේ. හවුල් ව්‍යාපාරවලින් වාසි ඇති කරනු ලබන දින කිහිපයකි.
තුලා ලග්නය
තුලා ලග්න ඔබගේ ලග්නාධිපති වෙමින් අටවැන්න තුළ සිකුරු ගෝචර වේ. තමාගේ තත්ත්වයට නමට හානි ඇතිවන පුවත් අසන්නට ලැබෙන දින කිහිපයකි. ලැබීම් අතින් යහපත් වේ.
වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්න ඔබගේ කේන්ද්‍රයේ 12 අධිපති වෙමින් හත්වැන්න තුළ සිකුරු ගෝචර වේ. විවාහ බලාපොරොත්තුවෙන් සිටි අයෙකු යම් බලාපොරොත්තුවක් ඇති විය හැකි දින කිහිපයකි. රැකියාවේ ප්‍රශ්න, ගැටලු, මානසික පීඩා ප්‍රබලව ඇති විය හැක.
ධනු ලග්නය
ධනු ලග්න ඔබගේ කේන්ද්‍රයේ 11 අධිපති වෙමින් හය වැන්න තුළ සිකුරු ගෝචර වේ. මිතුරන් මෙන් පෙනී සිටින සතුරන්ගෙන් ප්‍රවේශම් විය යුතු දින කිහිපයකි. රැකියාවේ මානසික පීඩා ඇති විය හැක. හවුල් ව්‍යාපාරවලින් ඔබට පාඩු ඇති කරයි.
මකර ලග්නය
මකර ලග්න ඔබගේ කේන්ද්‍රයේ යෝග කාරක ග්‍රහයා වෙමින් පස් වැන්න තුළ සිකුරු ගෝචර වේ. අධ්‍යාපනයේ යෙදී සිටි දරුවන්ට යහපත්ය. අඹු සැමියන් අතර ගැටුම් ඇති විය හැකි දින කිහිපයකි. තරමක් ඔබේ වචන ආවේගශීලිී වීමට ඉඩ පවතී. හවුල් ව්‍යාපාර වලින් අවාසි – පාඩු ඇති කරයි.
කුම්භ ලග්නය
කුම්භ ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ 4 සහ 9 අධිපති වෙමින් හතරවැන්න තුළ සිකුරු ගෝචර වේ. පදිංචි භූමිය ආශ්‍රිතව ගැටලු තිබුණ ද එම ගැටලු නිරාකරණය වීමක් ද ඇති කරයි. අධ්‍යාපනයේ යෙදී සිටි දරුවන්ට උනන්දුව ඇති කරයි.
මීන ලග්නය
මීන ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ සිකුරු තුන්වෙනි භාවය තුළ ගෝචර වේ. බාල සහෝදරයන්ගෙන් උදව් හිමි විය හැකි දින කිහිපයකි. උදරගත ආබාධ, අසනීප ඔබට ඇති කරනු ලබයි.
(මෙය පොදු පලාඵල විස්තරයක් බැවින් ඔබ දැනට ගත කරන මහ දසා, අතුරු දසා අනුව මෙම තත්ත්වය වෙනස් වේ. නිවැරදි තක්සේරුව එළඹීමට නම් ඔබගේ කේන්ද්‍රය පරීක්ෂා කළ යුතුව තිබේ.)

සමස්ත ලංකා වෘත්තීය ජ්‍යොතිෂවේදීන්ගේ සංගමයේ ලේකම්
ආචාර්ය. පී.කේ.තරංග කුමාර
077 796 2658