‘ස්ටාර්ලින්ක්’ අන්තර්ජාල සේවාව මේ වන විට ශ්රී ලංකාව තුළ ක්රියාත්මක බව ලොව සුප්රකට ව්යාපාරික ඊලොන් මස්ක් ඔහුගේ එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් ප්රකාශ කර තිබේ.
සීමාසහිත ස්ටාර්ලින්ක් ලංකා (පුද්ගලික) සමාගමට චන්ද්රිකා තාක්ෂණය භාවිතයෙන් ශ්රී ලංකාවේ අන්තර්ජාල සේවා සැපයීම සඳහා ‘විදුලි සංදේශ සේවා සැපයුම්කරු’ බලපත්රයක් නිකුත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව 2024 අගෝස්තු 14 දා කටයුතු කළේය. ශ්රී ලංකාවේ දැනට පවතින ෆයිබර් තාක්ෂණ අන්තර්ජාල සේවාව මෙන් කිහිප ගුණයකින් මෙම අන්තර්ජාල සේවාව වේගවත් වීම නිසා හා ලෝකයේ ඕනෑම ස්ථානයක සිට මෙම සේවාව ලබා ගැනීමට මෙමගින් හැකියාව හිමිවනු ඇති බව වාර්තා වේ.
චතුර පමුණුව