වරායේ ගොඩබාන මිලටම තෙල් ලබා දෙන බව කී වත්මන් ආණ්ඩුව තෙල් මිල ඉහළ දැමූ පදනම දැන ගැනීමට අවශ්‍ය යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
දුර්වල අකාර්යක්ෂම බොරුකාර රැවටිලිකාර වත්මන් රජයේ ක්‍රියාපටිපාටිය තුළ රටේ ජනතාවට ලොකු හානියක් සිදුවනවා. පෙරේදා දිනයේ හිටිහැටියේම ආණ්ඩුව විසින් තෙල් මිල ඉහළ දැමූවා. තෙල් මිල ඉහළ දැමූ වත්මන් රජය පසුගිය මැතිවරණවලදී පවතින තෙල් මිල සූත්‍රය වෙනස් කරන බවට පැවසුවා. ඊට අමතරව වරායේ ගොඩබාන මිලටම තෙල් ටික පාරිභෝගික ජනතාවට ලබාදෙන බවට ප්‍රකාශ කළ බවත් වරායේ ගොඩබාන විට එක මිලක් සහ ජනතාවට ලබාදෙන්නේ තවත් මිලකට. හේතුව දූෂණය වංචාව හොරකම කොමිස් ගැසීම බවත් ඒවා සියල්ල නතර කර තෙල් මත පටවන බදු ඉවත් කර බලාපොරොත්තු වූ ආකාරයටම වරායේ ගොඩබාන මිලටම තෙල් ටික දෙනවා කිව්වත් එය ඉටු වූයේ නෑ.
ඇමැතිවරුන්ට නිලධාරීන්ට යන කොමිස් මුදල් නතර කළාද? ඉන්ධන මත පටවන බදු බර නැති කළාද? කියා දැන ගැනීමට අවශ්‍යයි. වරායේ ගොඩබාන මිලටම පාරිභෝගික ජනතාවට තෙල් ලබාදෙනවාද? කියා දැනගැනීමට අවශ්‍යයි. අයිඑම්එෆ් 04 වැනි වාරිකය ලබාගැනීමට ඒ කොන්දේසි
ක්‍රියාත්මක කරන්නේද කියා ගැටලුවක් ඇති වෙනවා. තෙල් මිල සූත්‍රය වෙනස් කර ජනතාවාදී කරනවා යැයි කී වත්මන් ආණ්ඩුව අද පිළිපදින්නේ හිටපු රජයේ තෙල් මිල සූත්‍රයමයි. අපට තෙල් මිල ඉහළ දැමූ පදනම දැනගැනීමට අවශ්‍යයි.