කැරිබියන් දූපතක් වන බහාමා රාජ්‍යය වටා සංචාරයක නිරත වී ආපසු පැමිණෙමින් තිබූ ඇමරිකාවේ ඩිස්නි ඩී්‍රම් නමැති දැවැන්ත මගී නෞකාවක ගමන් කරමින් සිටියදී මුහුදට වැටුණු පියකු හා දියණියක් නෞකාවේ කාර්ය මණ්ඩලය විසින් බේරාගෙන තිබේ.
ඉකුත් ඉරිදා දිනයේ නෞකාවේ ගමන් ගත් කුඩා දැරියක් මුහුදට ඇද වැටීම හේතුවෙන් ඇයව බේරා ගැනීම සඳහා දැරියගේ පියා ද මුහුදට පැන ඇති අතර නෞකාවේ කාර්ය මණ්ඩලය විසින් ඔවුන් දෙදෙනාම බේරාගෙන නෞකාවට ගෙනවිත් ඇති බව වාර්තා වේ. කෙසේ වුවද දැරිය නෞකාවේ සිට මුහුදට වැටුණේ කෙසේ දැයි අනාවරණය වී නොමැත.