රුසියාව විසින් ඇෆ්ගනිස්තානයේ තලිබාන් පාලනය නිල වශයෙන් පිළිගනිමින් එම පාලනය විධිමත් අයුරින් පිළිගත් ලොව පළමු රට බවට පත්ව තිබේ. රුසියාව විසින් තලිබාන් පාලනය නිල වශයෙන් පිළිගැනීමේ තීරණය ඇෆ්ගනිස්තානයේ සිටින රුසියානු තානාපති ද්මිත්‍රි සිර්නොව් විසින් තලිබාන් පාලනයේ විදේශ කටයුතු ඇමති අමීර් ඛාන් මුට්ටාකි වෙත පෙරේදා (03) කාබුල් අගනුවර පැවති සාකච්ඡාවක දී නිල වශයෙන් දැනුම් දී තිබේ.
කාබුල් අගනුවර රුසියානු තානාපතිවරයා මුණ ගැසීමෙන් පසු තලිබාන් පාලනයේ විදේශ කටයුතු ඇමැතිවරයා පවසා ඇත්තේ රුසියාව විසින් සිය රටේ පාලනය පිළිගැනීමට ගත් තීරණය එඩිතර පියවරක් බවයි. රුසියාවේ තීරණය ධනාත්මක සබඳතා ඇති කරගැනීමේ මෙන්ම අන්‍යොන්‍ය ගෞරවය හා නිර්මාණාත්මක සම්බන්ධතාවයක් ගොඩනැඟීමේ නව අවධියකට පිවිසීමක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ. ඇෆ්ගනිස්තානයේ රාජ්‍ය පාලනය 2021 වසරේ ” ලැබීමට පෙර සිටම ලොව බොහෝ රටවල් තලිබාන් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් බව පිළිගෙන තිබූ අතර එම සංවිධානය විසින් දිගින් දිගට ම සිදු කරනු ලබන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් ඇෆ්ගනිස්තානයට විදේශ ආයෝජන නොලැබෙන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ වුවද තලිබාන් විදේශ කටයුතු ඇමැතිවරයා රුසියාව සිය පාලනය පිළිගනීම ලොව සෙසු රටවලට ආදර්ශයක් ලෙස හඳුන්වා දී තිබේ.
සංස්කරණය – ඒමන්ති මාරඹේ