Thursday, 19 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දේශබන්දුගේ පෞද්ගලික සහකාර අයි.පී. බණ්ඩාරගේ බලපෑම මත රාජකාරි ලේඛනයක් වෙනස් කළා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 19 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දේශබන්දුගේ පෞද්ගලික සහකාර අයි.පී. බණ්ඩාරගේ බලපෑම මත රාජකාරි ලේඛනයක් වෙනස් කළා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

දේශබන්දුගේ පෞද්ගලික සහකාර අයි.පී. බණ්ඩාරගේ බලපෑම මත රාජකාරි ලේඛනයක් වෙනස් කළා

14 hours ago
740 Views

කාන්තා පොලිස් කොස්තාපල් නාලිකා දිල්මා කියයි
දේශබන්දු ගැන සොයන පරීක්ෂණ කමිටුව

වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පුද්ගලික සහකාර ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක බණ්ඩාර නමැති අයගේ බලපෑම මත රාජකාරි ලේඛනයක් වෙනස් කළ බව කාන්තා පොලිස් කොස්තාපල් නාලිකා දිල්මා තිලකරත්න මහත්මිය පෙරේදා (17දා) පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව හමුවේ සාක්‍ෂි දෙමින් කීවාය.

වැලිගම හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව වැඩතහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතාගේ සභාපතිත්වයෙන් මෙම පරීක්ෂණ කමිටුව පත්කර ඇත.

6 වැනි දිනට පෙරේදා (17දා) රැස්වූ එම කමිටුව හමුවේ සාක්‍ෂි දෙමින් කාන්තා පොලිස් කොස්තාපල් නාලිකා දිල්මා තිලකරත්න මහත්මිය, වැලිගම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹින් පිටත්ව ගිය වෑන් රථයට අදාළ පොලිස් පෝරමය පිළිබඳව සාක්‍ෂි දෙමින් මෙසේ ද කීවාය.

“ස්වාමිනි මෙම සිද්ධියේදී මරණයක් සිදුව ඇති බව මම පසුව දැනගත්තා. මෙම වාහනයට අදාළ ලේඛන මට හමුවුණේ දවස් දෙකකට පස්සේ. ඒ කියන්නේ 2024.01.02 වැනිදා. ඒක හම්බවුණාට පස්සේ මම ඒක ඩොකියුමන්ට් අවුට්වර්ඩ් රෙජිස්ටරයේ සටහන් කළා. දිනය විදියට සටහන් කළේ 2024.01.02 කියලා. නමුත් බණ්ඩාර සර් මට කිව්වා දිනය වෙනස් කරන්න කියලා. ඔහු කිව්වා 2023.12.29 කියලා දිනය වෙනස් කරන්න කියලා. ඊට පස්සෙ මම ඒක ටිෆෙක්ස් කරලා වෙනස් කළා. 2021.01.02 දිනයට අදාළ ලේඛනය සටහන් කිරීමෙන් පස්සේ බණ්ඩාර සර් මට බැන්නා. බැනලා කිව්වා මේක වෙනස් කරන්න කියලා. ඒ නිසයි මම වෙනස් කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් – බණ්ඩාර සර් කියන්නේ කව්ද?

පොලිස් නිලධාරිනිය – බණ්ඩාර සර් කියන්නේ පොලිස් පරීක්ෂක බණ්ඩාර. එයා තමයි දේශබන්දු සර්ගෙ ලිපි සම්බන්ධයෙන් සියලුම වැඩ කළේ. දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පුද්ගලික සහකාර විදියට තමයි ඔහු කාර්යාලය තුළ කටයුතු කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියෙක් – ඇයි ඔබ මෙවැනි වැරදි වැඩක් කළේ?

පොලිස් නිලධාරිනිය – “ස්වාමීනි මට බණ්ඩාර සර් බැණපු නිසා තමයි මම ඒක කළේ. බණ්ඩාර සර් මට අසභ්‍ය වචනවලින් බැන්නා. ඒ වචන මෙතැන කියන්නත් බැහැ. මම ඔෆිස් එකේ ලොකු පීඩනයකින් වැඩ කළේ. බණ්ඩාර සර් වැඩකරන කාලය පුරාම නරක වචනවලින් තමයි කතා කරන්නේ. ඒ ගැන කියන්න අපිට කව්රුත් හිටියේ නැහැ.

මෙහිදී සාක්‍ෂිකාරිය හඬාවැටෙමින් තවදුරටත් සාක්‍ෂි දෙමින් මෙසේ ද කීවාය.

“බණ්ඩාර සර් අංකයක් අරන් මට එන්න කිව්වා. එයා මට අත්සනක් දාලා ඒක කියද්දි නෙවිල් සිල්වා මහත්තයත් එතැන හිටියා මම දැක්කා. ස්වාමීනි මම ඉන්නේ ක්වාටර්ස් එකේ. මට දරුවො තුන්දෙනෙක් ඉන්නවා. බණ්ඩාර සර් බැන්නට පස්සෙත් මම බැණුම් අහගෙන එතැන වැඩ කළේ, මට ට්‍රාන්සර් එකක් දීලා ක්වාර්ටස් එක නැතිවෙයි කියලා බයටයි. මගේ රස්සාව නැතිවෙයි කියලත් මට බයක් තිබුණා.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා – “මෙතැන කාටවත් බය වෙන්න හේතුවක් නැහැ. ඒ නිසා බය නැතිව සාක්‍ෂි දෙන්න.”

දේශබන්දු තෙන්නකෝක් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එස්. වීරවික්‍රම මහතා – “බණ්ඩාර කියන කෙනා දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පුද්ගලික සහකාර නොවෙයි කියලා මම යෝජනා කරනවා.”

කාන්තා පොලිස් නිලධාරිනිය – එහෙම කියන්න බැහැ ස්වාමීනි. ඔහු තමයි ලියුම් වැඩ ඔක්කොම කිව්වේ. එයා පුද්ගලික සහකාර හැටියට තමයි හිටියේ.

විනිසුරු – බණ්ඩාර වැඩ කළේ පුද්ගලික සහකාර වගේ ද?

කාන්තා පොලිස් නිලධාරිනිය – ඔව් ස්වාමීනි,

දිලීප පීරිස් මහතා – ස්වාමීනි තනතුරු දෙන්නේ නැතිව ඔක්කොම වැඩ ටික කරවාගෙන තියෙනවා. ඒකයි ඔතනින් පෙනෙන්නේ.

නීතිඥ එස්. වීරවික්‍රම මහතා – මෙහෙම ලේඛනයක වෙනත් දිනයක් දාන්න කියලා දේශබන්දු තෙන්නකෝන් මහතා ඔබට කිව්වා ද?

කාන්තා පොලිස් නිලධාරිනිය – නැහැ ස්වාමීනි, මම දේශබන්දු සර්ව දැක්කේ නැහැ.

නීතිඥ එස්. වීරවික්‍රම මහතා – දේශබන්දු තෙන්නකෝන් හා නෙවිල් ද සිල්වා අදාළ ස්ථානයේදී හමුවෙනවා ඔබ දුටුවා ද?

කාන්තා පොලිස් නිලධාරිනිය – නැහැ ස්වාමීනි

දිලීප පීරිස් මහතා – බණ්ඩාර කාගේ වැඩද කළේ?

කාන්තා පොලිස් නිලධාරිනිය – දේශබන්දු තෙන්නකෝන් මහතාගේ වැඩ තමයි කළේ.

එම සාක්‍ෂිකාරියගෙන් සාක්‍ෂි ලබාගැනීම අවසන් වූ අතර කොමිසමේ 7 වැනි දිනය වූ ඊයේ (18දා) කොමිසම හමුවේ සාක්‍ෂි දුන් අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසයේ පොලිස් සැරයන් අල්විස් විජේවික්‍රම මහතා, “ස්වාමීනි මම ප්‍රශ්නගත දිනයේ හිටියේ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව පිටවීමේ දොරටුවේ. 2.43ට විතර ප්‍රශ්නගත වාහනය සම්බන්ධයෙන් අපිව දැනුවත් කළා. ඒ අනුව 3.10ට විතර ඉමදුවෙන් කොළඹට එන නිලධාරියෙක් කිව්වා අදාළ වාහනය ඇවිත් තියෙනවා කියලා. ඒ අනුව අපි එතැනට ගියා. වීදුරුව කැඩිලා තිබුණු වෑන් රථයක් අපි දැක්කා. මම කැඩිච්ච වීදුරුවෙන් ඇතුළ බලද්දී 7 දෙනෙක් වැඩිවෙලා ඉන්නවා දැක්කා. ඒක ඇතුළේ වාඩිවෙලා හිටපු සිල්වා කියන මහත්මයෙක් හැඳුනුම්පත පෙන්වලා කිව්වා අපි පොලිසියෙන් කියලා. නමුත් ස්වාමීනි ඒකෙ මූණ මැකිලා තිබුණේ. ඒ නිසා මම අදාළ නිලධාරීන් දැනුවත් කළා. ඔවුන් කිව්වා වාහනය හා පුද්ගලයන් යවන්න එපා කියලා. ඒ වෙලාවේ මම ඇතුළ බලද්දි දැක්කා එක් අයෙක් නිදාගෙන ඉන්නවා. මම ඇහුවා එයා ඇයි එහෙම ඉන්නේ කියලා. එතකොට කිව්වා එයාට තුවාල වෙලා තියෙන්නේ කියලා. ඒ අනුව අපි ගිලන් රථයකට කතා කරලා ඔහු ඒකට දැම්මා.
කමල් බෝගොඩ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

6 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

5 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

5 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

6 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

5 days ago
Related News
ප්‍රධාන පුවත්

ඇමරිකානු ප්‍රහාරක ජෙට් යානා 30ක් යුරෝපයට යවයි

ප්‍රධාන පුවත්

දේශපාලනඥයන් ඇතුළු 26 කගේ අයථා වත්කම් රජයට පවරා ගැනීමට විමර්ශන

ප්‍රධාන පුවත්

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් ආරක්‍ෂා කරනවා

ප්‍රධාන පුවත්

පක්‍ෂයේ තීරණයට පිටින් ගිය කොළොන්නාව නාගරික මන්ත්‍රී සහ කන්දකැටිය ප්‍රා. සභා මන්ත්‍රී සජබයෙන් දොට්ට

ප්‍රධාන පුවත්

අත්අඩංගුවට ගත් තරුණයාට කෲර වධ හිංසා කරලා:

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok