ඕනෑ නම් රටින් පිටවීමට ඉඩ සලසා දෙනවා – ශ්‍රී ලංකා තානාපති
ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බවත්, අවශ්‍ය නම් ඊශ්‍රායලයෙන් පිටවීමට කටයුතු සලසා දෙන බවත් එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.
තානාපති කාර්යාලයේ නිලධාරීන් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීමට සෑම පියවරක්ම ගෙන ඇති බව හෙතෙම කියා සිටී.
මේ වනවිට පනවා ඇති සංචාරක සීමා හේතුවෙන් ඊශ්‍රායලයෙන් පිටව යන්නන්ට ඒලාම් දේශසීමාව හරහා ඊජිප්තුවට යෑමේ හැකියාව සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇතැයි ද තානාපතිවරයා පවසයි.
ව්‍යාපාරික කටයුතු සඳහා ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් රටින් පිටවන ගුවන් ගමන් නොමැතිවීම නිසා තවදුරටත් එරට රැඳී සිටින බවද තානාපති නිමල් බණ්ඩාර මහතා කියා සිටී.
සුජීව තත්සර