සමගි ජන බලවේගයේ පළාත් පාලන ආයතන දෙකක මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව කොළොන්නාව නාගරික මන්ත්‍රී සුසිල් කුමාර කොස්තා සහ කන්දකැටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී නවරත්න මුදියන්සේලාගේ විජේපාල යන දෙදෙනා පක්ෂයෙන් ඉවත් කළ බව සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් දැනුම් දී තිබේ.
එම පළාත් පාලන ආයතනවල සභාපති සහ උප සභාපති පත් කිරීමේදී මෙම මන්ත්‍රීවරුන් පක්ෂයේ තීරණයට පිටින් කටයුතු කිරීම නිසා ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඇත.
අකිත පෙරේරා