හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු ඇතුළු ප්‍රබල පෙළේ දේශපාලනඥයන් 26 දෙනකු විසින් අයථා ලෙස ඉපයූ බව කියන රුපියල් කෝටි ගණනක දේපළ රජයට පවරා ගැනීම සඳහා නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් විමර්ශන ආරම්භ කර ඇත.
මෙම දේශපාලනඥයන්ගේ සහ හිටපු ආරක්ෂක ප්‍රධානියාගේ දේපළ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන මේ වනවිටත් ආරම්භ කර ඇති අතර මෙම දේපළ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රකාශ ගැනීමේ කටයුතු ඉදිරියේදී සිදුකිරීමට නියමිතය.
අයථා ඉපයීම් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන හිටපු ආරක්ෂක ප්‍රධානියා වන්නේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියාව සිටි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාය.
මෙම දේශපාලනඥයන්ගේ සහ හිටපු හමුදා ප්‍රධානීන්ගේ අයථා දේපළ ඉපයීම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඒවා පවරාගෙන පසුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විමර්ශන නිලධාරියෙක් කියා සිටියේය.
හේමන්ත රන්දුණු