Thursday, 19 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඇමරිකානු ප්‍රහාරක ජෙට් යානා 30ක් යුරෝපයට යවයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 19 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඇමරිකානු ප්‍රහාරක ජෙට් යානා 30ක් යුරෝපයට යවයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

ඇමරිකානු ප්‍රහාරක ජෙට් යානා 30ක් යුරෝපයට යවයි

14 hours ago
2631 Views

උපදේශකයින් අතර එකඟතාවක් නැතත් ඉරානයේ භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථාන වනසන ඊශ්‍රායල ප්‍රහාරවලට එක්වීමට ට්‍රම්ප් සූදානම්
‘කොන්දේසි විරහිතව යටත් වන්න’- ට්‍රම්ප් ඉරානයට කියයි
‘සියොන්වාදීන්ට කිසිදු අනුකම්පාවක් නැහැ’ – ඉරාන උත්තරීතර නායකයාගෙන් එක්ස් සටහනක්
ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන වැසියෝ 224ක් මරුට: 188 කට තුවාල
ඉරානයේ න්‍යෂ්ටික අවි විනාශ කරන්නට අමෙරිකාව සතු බලගතු අවි….

ඇමෙරිකානු ප්‍රහාරක හමුදා ජෙට් යානා 30ක් යුරෝපයට යවා ඇති අතර ඉරානයට එරෙහි මෙහෙයුම් සඳහා ඇමරිකානු මැදිහත්වීමක් සිදුවනු ඇති බවට වාර්තා පළවී තිබේ. ඉරානයේ භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කරගත් ඊශ්‍රායල ප්‍රහාරවලට එක්වීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සලකා බලමින් සිටින බව සීබීඑස් ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබේ.

ඇමරිකාවට පහර දිය හැකි එක් ඉලක්කයක් වන්නේ ඉරානයේ ෆෝර්ඩෝ න්‍යෂ්ටික බලාගාරයයි. එය භූගත ගැඹුරු පරිශ්‍රයක පිහිටා ඇති අතර එය විනාශ කළ හැකි රාත්තල් 30,000 ක බෝම්බයක් ඇත්තේ ඇමෙරිකානුවන් සතුව පමණකි. එහෙත් ඉරානයට පහර දීමට එක්වීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ උපදේශකයින් අතර පැහැදිලි එකඟතාවක් නැත. යුද විශේෂඥයින් පවසන්නේ ඇමෙරිකාව මීට සම්බන්ධ වීම මගින් ගැටුම ‘සම්පූර්ණයෙන්ම’ වෙනසකට ලක්වනු ඇති බවයි.

ප්‍රහාරක ජෙට් යානා සහ බෝම්බ හෙළන ගුවන් යානාවලට ඉන්ධන පිරවීම සඳහා භාවිත කරන ඇමෙරිකානු හමුදාවට අයත් ටැංකි ගුවන් යානා ඇතුළු යානා 30 ක් පසුගිය දින තුන තුළ යුරෝපයට යවා තිබේ. මේ යානා ස්පාඤ්ඤය, ස්කොට්ලන්තය සහ එංගලන්තයේ ඇති ඇමෙරිකානු ගුවන් කඳවුරුවල නතර කර තිබේ.

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයෙන් ‘කොන්දේසි විරහිතව යටත් වන’ ලෙස ඉල්ලා සිටින අතර මේ අවස්ථාවේ ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනි මරා නොදමන බව ද පවසයි. එහෙත් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි එක්ස් හි සටහන් තබමින් ‘කිසි විටෙකත් සියොන්වාදීන් සමග සම්මුතියක් ඇති කර නොගන්නා’ බව පවසා තිබේ.

“අපි සියොන්වාදීන්ට කිසිදු අනුකම්පාවක් නැහැ” යනුවෙන් ඔහු තැබූ සටහනේ පරිවර්තනයක දැක්වේ. තවත් සටහනක ඔහු ‘සටන ආරම්භ වනවා’ යනුවෙන් දක්වා ඇත.

ඊයේ එනම් හයවන දිනටත් ඉරානය සහ ඊශ්‍රායලය අතර මිසයිල හුවමාරු වෙමින් තිබිණි. ඉරානය ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත ෆෙටා-1 ‘හයිපර්සොනික්’ මිසයිලයක් එල්ල කර තිබේ.

ඉරානයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලින් සිවිල් වැසියන් 224 දෙනකු මියගොස් 188 දෙනකු තුවාල ලබා තිබේ. තවත් ප්‍රහාර එල්ල වේ යැයි බියෙන් විශාල පිරිසක් ටෙහෙරානයෙන් පලා යමින් සිටිති. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට එරෙහිව සතියක් හෝ දෙකක් ඇතුළත තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකිවනු ඇතැයි ඊශ්‍රායල ආරක්ෂක හමුදා නිලධාරීන් වාර්තාකරුවන්ට පවසා තිබේ.
චතුර පමුණුව

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

6 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

5 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

5 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

6 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

5 days ago
Related News
ප්‍රධාන පුවත්

දේශපාලනඥයන් ඇතුළු 26 කගේ අයථා වත්කම් රජයට පවරා ගැනීමට විමර්ශන

ප්‍රධාන පුවත්

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් ආරක්‍ෂා කරනවා

ප්‍රධාන පුවත්

පක්‍ෂයේ තීරණයට පිටින් ගිය කොළොන්නාව නාගරික මන්ත්‍රී සහ කන්දකැටිය ප්‍රා. සභා මන්ත්‍රී සජබයෙන් දොට්ට

ප්‍රධාන පුවත්

දේශබන්දුගේ පෞද්ගලික සහකාර අයි.පී. බණ්ඩාරගේ බලපෑම මත රාජකාරි ලේඛනයක් වෙනස් කළා

ප්‍රධාන පුවත්

අත්අඩංගුවට ගත් තරුණයාට කෲර වධ හිංසා කරලා:

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok