ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17දා) දින පෙරවරුවේ පාර්ලිමේන්තු සභාගැබට පැමිණියේය.
ඔහු සිය පාර්ලිමේන්තු අසුනට පැමිණෙන විට ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග අනුමත කිරීම සඳහා විවාදය පැවැති අතර ඒ වන විට ප්‍රධාන විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාව වර්ජනය කර ඉන් පිටව ගොස් තිබිණ.
එහෙත් විපක්ෂයේ ඉලංකෙයි තමිල් අරසුකච්චි මන්ත්‍රීවරුන් සභාවේ අසුන් ගෙන සිටි අතර එම පක්ෂයේ මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා අදහස් පළ කරමින් සිටියේය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන