Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඊශ්‍රායලයේ රැකියා කරන කිසිම ශ්‍රී ලාංකිකයකු ආපහු එන්න ඉල්ලීම් කර නෑ – ඇමැති විජිත හේරත්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඊශ්‍රායලයේ රැකියා කරන කිසිම ශ්‍රී ලාංකිකයකු ආපහු එන්න ඉල්ලීම් කර නෑ – ඇමැති විජිත හේරත්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

ඊශ්‍රායලයේ රැකියා කරන කිසිම ශ්‍රී ලාංකිකයකු ආපහු එන්න ඉල්ලීම් කර නෑ – ඇමැති විජිත හේරත්

June 20, 2025
1520 Views

ආපු අය දැන්ම යන්න හදන්න එපා

ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද්ධයක් පැවතියද ඊශ්‍රායලයේ රැකියාවේ නියුතු කිසිදු ශ්‍රී ලාංකිකයකු යළි ලංකාවට පැමිණීමට මෙතෙක් ඉල්ලීම් කර නැතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19දා) පැවසීය.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විපක්ෂ මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා විසින් අසන ලද ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. එහිදී ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයකට ඇමැතිවරයා මෙසේ පිළිතුරු දුන්නේය.

“ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද්ධය නිසා ශ්‍රී ලාංකිකයන් යම් පීඩාවකට පත්ව සිටිනවා. ඉරානයේ ශ්‍රී ලාංකිකයන් 35ක් පමණ ප්‍රමාණයකුත් ඊශ්‍රායලයේ විසිදහසක පමණ පිරිසකුත් සිටිනවා. ඊශ්‍රායලයේ සියලුම ගුවන්තොටුපළවල් මේ වන විට වසා දමා තිබෙනවා. යුද්ධයෙන් පසුගිය දිනවල ශ්‍රී ලාංකිකයන් 04 දෙනකු තුවාල ලබා තිබෙනවා. ඉන් තිදෙනකුගේ තත්ත්වය බරපතළ නෑ. එක් අයකුගේ කකුලකට වීදුරුවක් කඩා වැටිලා යම් බරපතළ තත්ත්වයකට පත්ව සිටිනවා. අවශ්‍ය කෑම බීම, ඉඳුම් හිටුම් ප්‍රතිකාර ලබා දීමට අපේ තානාපති කාර්යාලය පැය 24 පුරාම මැදිහත් වී කටයුතු කරනවා. අපේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිරන්තරයෙන් මේ ගැන අවධානය යොමු කරනවා.

ඊශ්‍රායලයේ සේවයේ නියුතු අයකුගේ පුත්‍රයෙක් මෙරටදී මියගොස් තිබුණා. ඒ පියාව වෙනත් රටකට මාර්ගයකින් ගෙන ගොස් මෙරටට පැමිණීමට අපේ තානාපති කාර්යාලය මැදිහත්වී පහසුකම් ලබා දුන්නා. ජෝර්දානයට ගෙන ගොස් එතනින් අම්මාන් නගරයට පැමිණ ගුවන් යානයකින් පැමිණිය හැකියි. ව්‍යාපාර කටයුතු සඳහා ගිය දෙදෙනකු නැවත පැමිණීමට ඉල්ලීම් කර තිබුණා. ඒ දෙදෙනාටත් ඉක්මනින් පැමිණීමට පහසුකම් සලසන්න පුළුවන්.

ඊශ්‍රායලයේ ජීවත්වන අනෙකුත් ශ්‍රී ලාංකිකයන් ලංකාවට එන්න ඕනෑ කියන්නේ නෑ. ඒ අය එහේ තිබෙන ආරක්ෂක විධි පාවිච්චි කරමින් ජීවත් වෙනවා. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය ඒ පිළිබඳ දැනුවත් කිරීම් කරනවා.

යුද්ධයේ ඉතා තීව්‍ර තත්ත්වයකට පත්වුවහොත් ආසන්න රටවල දේශසීමාවලට ගුවන් යානා යවා ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගන්නවා. ඕනෑම අවස්ථාවක ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගන්න අප සූදානමින් ඉන්නවා.

නිවාඩු ඇවිත් සිටින අයට අපි කියන්නේ නැවත ඊශ්‍රායලයට යන්න හදිස්සි වෙන්න එපා. යුද්ධය අවසන් වූ පසුව යන්න පුළුවන්. ඒ සඳහා වීසා කාලය දීර්ඝ කරන්න අපි මැදිහත් වෙනවා. ඊශ්‍රායලයේ කිසිම රාජ්‍ය ආයතනයක් වැඩ කරන්නේ නෑ. ඒ ගැන මැදිහත් වන පීබා ආයතනය මේ සම්බන්ධයෙන් පියවර ගන්නවා කියා දැනුම් දී තිබෙනවා.”

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
ප්‍රධාන පුවත්

දින 29ක් රිමාන්ඩ් භාරයේ සිටි වෛද්‍ය මහේෂිට ඇප

ප්‍රධාන පුවත්

භාතිය දෑස් පියාගනී

ප්‍රධාන පුවත්

රටට පිළිගත හැකි ආර්ථික දර්ශනයක් ඉදිරිපත් කළ යුතුයි – කළමනාකරණ කමිටුව හමුවේ සජබ මන්ත්‍රීවරු කියති

ප්‍රධාන පුවත්

ශ්‍රී ලන්කන් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ දැඩි ඇප කොන්දේසි මත මුදාහරී

ප්‍රධාන පුවත්

වර්ජනවලින් තැපෑලට කිසිම වාසියක් නෑ – ඇමැති නලින්ද ජයතිස්ස

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok