Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඉමියුනොග්ලෝබියුලීන්වල මාරාන්තික බැක්ටීරියා වතුර
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඉමියුනොග්ලෝබියුලීන්වල මාරාන්තික බැක්ටීරියා වතුර
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

ඉමියුනොග්ලෝබියුලීන්වල මාරාන්තික බැක්ටීරියා වතුර

4 hours ago
618 Views

රිටොක්සිමැබ්වල ලුණු වතුර

ජර්මානු රසායනාගාරයක පරීක්ෂණවලින් හෙළි වූ බව නීතිපති උසාවියට කියයි

ප්‍රශ්නගත ඉමියුනොග්ලෝබියුලීන් ඖෂධ තුළ මනුෂ්‍ය ශරීරයට අහිතකර මාරාන්තික බැක්ටීරියා වතුරත්, පිළිකා නාශක රිටොක්සිමැබ් ඖෂධයේ ලුණු වතුරත් පමණක් අඩංගු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි ජර්මානු රසායනාගාරයකින් සිදුකළ පරීක්ෂණ වාර්තා අනුව හෙළි වී ඇතැයි නීතිපතිවරයා ඊයේ (19දා) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මියට දැනුම් දුන්නේය. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් නව දෙනකුට එරෙහිව ගොනුකර ඇති නඩුව කැඳ වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය ඒ බව අධිකරණයට දැනුම් දුන්නාය.

පැමිණිල්ල විසින් එකී රසායනාගාරය වෙත සාම්පල් 200ක් යොමු කළ බවත් ඒවා පරීක්ෂා කළ රසායනාගාරය එකී වාර්තා නිකුත් කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට පෙන්වා දුන්නාය. ප්‍රමිතියෙන් තොර ප්‍රශ්නගත එන්නත් සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව ද එහිදී අධිකරණයට දැනුම් දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙම නඩුවේ සැකකරුවන්ට එරෙහිව අද (20දා) හෝ ලබන සඳුදා වනවිට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කොට නඩු පැවරීමට පියවර ගන්නා බව ද අධිකරණයට දැනුම් දුන්නාය.

මෙම නඩුවේ සැකකරුවකු වන හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා, එම නඩුවේ සැකකරුවකු වන බාල ඖෂධ සැපයූ අයුසුලේට් බයෝටෙක් ෆර්මා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු සමග එම සමයේ දුරකථන ඇමතුම් අටක් ලබාදී ඇති බවත් තවත් සැකකරුවකු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමග 31 වතාවක් දුරකථන මගින් සම්බන්ධ වී ඇති බවත් අධිකරණයට දැනුම් දුන්නාය.

සෙසු ඖෂධ සැපයුම්කරුවන් සමග ද හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා දුරකථන ඇමතුම් මගින් සම්බන්ධ වී ඇතිදැයි සොයා බැලූ නමුත් ඒ ආකාරයෙන් සම්බන්ධ වූ බවට කරුණු අනාවරණය නොවූ බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට වැඩිදුරටත් පැවසුවාය. පැමිණිල්ල ඉදිරිපත් කළ එකී කරුණු අනුව තම අධිකරණය හමුවේ පැවැති නඩු කටයුත්ත අවසන් කිරීමට මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය නියෝග කළාය.

ඒ.ජේ.ඒ. අබේනායක

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

6 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

6 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

5 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

6 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

5 days ago
Related News
ප්‍රධාන පුවත්

ඇමරිකාවේ ‘බංකර් බස්ටර්’ ඉරානයේ ෆෝඩෝ න්‍යෂ්ටික බලාගාරය වනසයිද?

ප්‍රධාන පුවත්

ඉරානයේ බැලස්ටික් මර්දනයට ඊශ්‍රායලයට ඇරෝ මිසයිල හිඟ වෙයි

ප්‍රධාන පුවත්

ඊශ්‍රායලයේ රැකියා කරන කිසිම ශ්‍රී ලාංකිකයකු ආපහු එන්න ඉල්ලීම් කර නෑ – ඇමැති විජිත හේරත්

ප්‍රධාන පුවත්

ඉන්දීය සිනමා නළු මොහාන් ලාල් අපේ පාර්ලිමේන්තුව බලන්න එයි

ප්‍රධාන පුවත්

මාස 5 1/2ට ඩෙංගු රෝගීන් විසිහය දහසක්: මරණ 14ක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok