ඉන්දියානු සිනමාවේ මුහුණුවර වෙනස් කළ කෙනකු ලෙස හැඳින්වෙන අධ්‍යක්ෂවරයකු මෙන්ම දක්ෂ නළුවකු ද වන පද්ම ශ්‍රී පද්ම භූෂණ ආචාර්ය මොහාන් ලාල් විශ්වනාදන් මහතා ඊයේ (19දා) මෙරට පාර්ලිමේන්තු කටයුතු දැක බලා ගැනීම සඳහා පැමිණ සිටියේය.
ඔහු පාර්ලිමේන්තුවට පැමිණ කථානායකවරයාගේ අමුත්තන් අසුන් ගන්නා ගැලරියේ අසුන් ගෙන සිටින බව මූලාසනයේ සිටි නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා නිවේදනය කළේය. මන්ත්‍රීවරුන්ගේ අත්පොළසන් නාදයෙන් ඒ මහතා පිළිගනු ලැබීය.
විශ්වනාදන් මහතා ප්‍රධාන වශයෙන් මලයාලම් සිනමා නළුවකු සහ චිත්‍රපට නිෂ්පාදකයෙකි. දෙමළ, හින්දි, තෙළිඟු සහ කන්නඩ චිත්‍රපටවල පෙනී සිටීමට අමතරව දශක හතරක් පුරා විහිදුණු සාර්ථක වෘත්තීය ජීවිතයක් මොහාන් ලාල් සතු වේ. එම කාලය තුළ ඔහු චිත්‍රපට 400 කට වඩා රඟපා ඇත.
ඉන්දියානු සිනමාවට කළ දායකත්වය වෙනුවෙන් 2001 දී පද්ම ශ්‍රී සහ 2019 දී ඉන්දියාවේ සිව්වන සහ තෙවන ඉහළම සිවිල් ගෞරව වන පද්ම භූෂණ යන සම්මාන ඔහුට පිරිනමන ලදී. 2009 දී ඔහු ඉන්දීය හමුදාවේ ලුතිනන් කර්නල් ගෞරවනීය තනතුරක් ලැබූ ඉන්දියාවේ පළමු නළුවා බවට ද පත්විය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන