ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය ආසන්නයේ පිහිටි ඉන්ද්‍රයානි ගංගාව හරහා ඉදි කර තිබූ යකඩ පාලමක් පෙරේදා (15දා) සවස කඩා වැටීමෙන් එම පාලම මත සිටි 5 දෙනකු ගඟට වැටී මියගොස් ඇති අතර තවත් 50 දෙනකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ. ගඟට කඩා වැටුණු පාලමෙහි සිටි විශාල පිරිසක් මෙම සිදුවීමෙන් අනතුරුට පත්ව ඇත්තේ පාලමෙහි පටු ඉඩකඩ, නියමිත ප්‍රමාණය ඉක්මවූ පිරිසක් එය මත සිටීම හා පාලම අනතුරට පත්විය හැකි බවට කර තිබූ අනතුරු ඇඟවීම් නොතැකීම යන හේතුන් නිසා බව ඉන්දීය බලධාරීහු පවසයි.
අදාළ පාලමෙහි එකවර ගමන්කර හැකිව තිබුණේ රෝද දෙකේ වාහනයකට හා පුද්ගලයන් කිහිපදෙනකුට පමණක් බව වාර්තා වී තිබේ.