Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සජීවී විකාශයක් අතරතුර එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ඉරාන රූපවාහිනි සේවකයෝ 3ක් මරුට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සජීවී විකාශයක් අතරතුර එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ඉරාන රූපවාහිනි සේවකයෝ 3ක් මරුට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

සජීවී විකාශයක් අතරතුර එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ඉරාන රූපවාහිනි සේවකයෝ 3ක් මරුට

June 18, 2025
330 Views

නිවේදිකාව දිවගොස් පණ බේරාගනී

ඊශ්‍රායලය හා ඉරානය අතර හටගෙන ඇති යුද්ධය මධ්‍යයේ ඊශ්‍රායල හමුදා විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටි ඉරාන රජයේ රූපවාහිනි සංස්ථා මූලස්ථානය වෙත එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් සජීවී විකාශනයක නිරතව සිටි රූපවාහිනි සේවකයන් තිදෙනෙකු මියගොස් ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව ඉරාන රජයේ රූපවාහිනිය විසින් නිවේදනය කර තිබේ. එම අවස්ථාවේ වැඩ සටහන මෙහෙයවූ නිවේදිකාව දිවගොස් පන බේරාගෙන තිබේ. පෙරේදා (16) එල්ල කර ඇති ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් රූපවාහිනී සංස්ථාවේ සේවය කරන සේවකයන් තිදෙනකු මිය ගිය බව පැවසුව ද කොපමණ පිරිසක් එම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්දැයි යන්න රූපවාහිනී බලධාරීන් විසින් ප්‍රකශ කර නොමැත. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති ඊශ්‍රායලය පවසා ඇත්තේ ඉරාන රජය සතු සන්නිවේදන මධ්‍යස්ථානයකට සිය හමුදාවන් පහර දුන් බවයි. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කර ඇති ඉරාන රජය එම ප්‍රහාරය යුද අපරාධයක් යැයි සඳහන් කර තිබේ. මේ අතර ඉරානයේ ටෙහෙරාන් අගනුවර වැසියන් දහස් ගණනින් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ නගරයෙන් පලා යමින් සිටින බවත් ටෙහෙරාන් නගරයේ මාර්ගවල මේ නිසා දැඩි වාහන තදබදයක් නිර්මාණය වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඊශ්‍රායල – ඉරාන යුද්ධය ඉකුත් සිකුරාදා දිනයේ ඊශ්‍රායලය විසින් ඉරානයේ න්‍යෂ්ටික හා යුද – මිසයිල පහසුකම් 100කට අධික සංඛ්‍යාවක් ඉලක්ක කරගෙන එල්ල කරන ලද ප්‍රහාරයන් හේතුවෙන් ආරම්භ විය. මෙම ප්‍රහාරයන්ට ප්‍රතිප්‍රහාර වශයෙන් ඉරානය ද ඊශ්‍රායලයට ඩ්‍රෝන යානා හා මිසයිල ප්‍රහාර එල්ල කර ඇති අතර එතැන් සිට දෙරට විසින් එකිනෙකාට එරෙහිව දිගටම ප්‍රහාරයන් එල්ල කරමින් සිටිති.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රාජ නාගයකු බේරාගත් කේරළ වන නිලධාරිනිය සමාජ මාධ්‍ය කලඹයි

July 8, 2025

රවි කටකයට

July 13, 2025
Related News
විදෙස්

කේරළ හෙදියට යේමනයේදී මරණ දඩුවම ලබාදීම බදාදා

විදෙස්

කාම්බෝජ ජාතිකයන් මිලියනයක් මරා දැමුණු බන්ධනාගාර දෙකක්

විදෙස්

සම්පත් මත පදනම් වූ නව ආර්ථික ප්‍රවේශයක් ගැන චීන ජනපති අවධාරණය කරයි

විදෙස්

වසර දෙකක් තුළ ‘හූති’ කණ්ඩායම ප්‍රවාහන නැව් 70කට පහර දීලා

විදෙස්

ට්‍රම්ප්ගෙන් කැනඩාවට සියයට 35ක බද්දක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok