ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කුමේනිව ඝාතනය කිරීම සඳහා ඊශ්‍රායලය විසින් සකස් කර තිබූ සැලැස්මක් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඇමෙරිකානු රජයට සම්බන්ධ නිලධාරීන් තිදෙනකු බීබීසී ප්‍රවෘත්ති සේවයට අයත් ඇමෙරිකානු ප්‍රවෘත්ති සේවයක් වන සීබීඑස් ප්‍රවෘත්ති සේවයට පවසා ඇත්තේ ජනාධිපති ට්‍රම්ප් විසින් ඉරානයේ උත්තරීතර නායක කුමේනිව ඝාතනය කිරීම හොඳ අදහසක් නොවන බව ඊශ්‍රායල අගමැති බෙන්ජිමින් නෙතන්යානු හට පවසා ඇති බවයි. කෙසේ වුවද ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කිසිවක් ප්‍රකාශ කර නොතිබිණි. ට්‍රම්ප් හා නෙතන්යානු අතර මෙම අදහස් හුවමාරුව සිදු වී ඇත්තේ ඉකුත් සිකුරාදා ඊශ්‍රායලය විසින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ඇරඹීමෙන් අනතුරුව බව වාර්තා වේ.
Reading: ඉරාන නායක කුමේනි ඝාතනය කිරීමේ ඊශ්‍රායල සැලසුමකට ට්‍රම්ප්ගේ විරෝධය