Friday, 13 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: නීල සුලෝහිත සංග්‍රාමයේ ජය රුවන්වැල්ල රාජසිංහයන්ට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 13 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: නීල සුලෝහිත සංග්‍රාමයේ ජය රුවන්වැල්ල රාජසිංහයන්ට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

නීල සුලෝහිත සංග්‍රාමයේ ජය රුවන්වැල්ල රාජසිංහයන්ට

1 day ago
95 Views

රඹුක්කන, පින්නවල මධ්‍ය මහා විද්‍යාලය සහ රුවන්වැල්ල, රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය අතර 2 වැනි වරටත් පැවැති නීල සුලෝහිත සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය සමත්විය.

එම ජයග්‍රහණය ඔවුන් මෙම සංග්‍රාමයේ ලබාගත් කුළුඳුල් ජයග්‍රහණයයි. නීල සුලෝහිත සංග්‍රාමයේ පළමු තරගයේ ජයග්‍රහණය සතු වූයේ පින්නවල මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායමටයි.

මෙම තරගය අද (04දා) කෑගල්ල මහජන ක්‍රීඩාංගණයේ දී පැවැති අතර කාසියේ වාසිය දිනා ගත් පින්නවල මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත්තා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් ලබා ගන්නේ සියලුම දෙනා දැවී ලකුණු 124ක් පමණයි. එම ඉලක්කය කඩුලු 4ක් පමණක් දැවී සපුරා ගැනීමට රාජසිංහ විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වූහ.

පින්නවල ජාතික පාසල කාසියේ වාසිය දිනා ගනිමින් පන්දුවට පහර දුන්නද ඔවුන්ගේ ආරම්භය එතරම්ම සාර්ථක නොවීය. ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණක් ලබා ගැනීමට පෙරම දැවී ගියේය.

එහි දී කවිඳු සස්මිත පන්දු 49කට මුහුණ දෙමින් කිසිදු සීමා ලකුණක් නොමැතිව ලකුණු 14ක් ලබා ගන්නවා. ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් දැවී යන ආකාශ් කාවින්ද පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 43ක් ලබා ගැනීම සුවිශේෂී සිදුවීමක් විය.

එම අසාර්ථක ආරම්භයත් සමගින් පළමු පන්දුවාර 10 තුළ දී ඔවුන්ගේ කඩුලු ත්‍රිත්වයක් ම අහිමි වෙනවා. කඩුලු අතර හොඳම ලකුණු සබඳතාව බවට පත් වූයේ සස්මික ආකාශ් කාවින්ද එක්ව 7 වැනි කඩුල්ලට එක් කළ ලකුණු 31ක සබඳතාවයි.

කඩුලු දවා ගැනීමේ දී කවීෂ ගුණවර්ධන, සොනිල සෙනරත් සහ නායක නඳුන් රාජපක්ෂ කඩුලු 3ක් බැගින් දවා ගන්නවා. ඊට අමතරව ඉනුර වික්‍රමනායක ද කඩුල්ලක් හිමි කරගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ වැඩිම ලකුණු ලාභියා වූයේ ඉනුර වික්‍රමනායක. ඔහු පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 41ක් ලබා ගත්තා. ඔහු සයුරංග වීරසිරි සමග 2 වැනි කඩුල්ලට ලකුණු 77ක සබඳතාවක් ද ගොඩනඟනවා. එහි දී සයුරංග වීරසිරි පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමගින් ලකුණු 34ක් ලබා ගන්නවා. ඊට අමතරව විදුණ රූපසිංහ පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 23ක් ලබා ගන්නවා. කඩුලු දවා ගැනීමේ දී ඕමින් රණතුංග ලකුණු 10කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතරව ආකාශ් කාවින්ද සහ මොහොමඩ් රානා කඩුල්ල බැගින් දවා ගත්තේය.

පින්නවල මධ්‍ය මහා විද්‍යාලය – සියලුම දෙනා දැවී 124 35.1) තාරුක ආදිත්‍ය 14, කවිඳු සස්මිත 14, ආකාශ් කාවින්ද 43, නඳුන් රාජපක්ෂ 34/3, කවීෂ ගුණවර්ධන 3/14, සොනිල සෙනරත් 3/30

රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය – කඩුලු 4ක් දැවී 128 (28.0) විදුන් රූපසිංහ නොදැවී 23, ඉනුර වික්‍රමනායක 41, සයුරංග වීරසිරි 34, ඕමින් රණතුංග 2/10

රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 6ක ජයක්

තරගයේ දක්ෂතම පන්දු යවන්නා – කවීෂ ගුණවර්ධන (රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය)

තරගයේ දක්ෂතම පිතිකරු – ආකාශ් කාවින්ද (පින්නවල මධ්‍ය මහා විද්‍යාලය)

තරගයේ වීරයා – ඉනුර වික්‍රමනායක (රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය)

රාජසිංහ මධ්‍ය විද්‍යාල කණ්ඩායම

නඳුන් දනංජය (නායක), පවන් ප්‍රේමලාල්, විදුන් රූපසිංහ, ඉනුර වික්‍රමනායක, සයුරංග වීරසිරි, හිරුෂ කුමාර, තරිඳු දේශාන්, සිතිජ කුමාර, දිසුල බාලසූරිය (කඩුලු රකින්නා), සොනිල සෙනරත් සහ කවීෂ ගුණවර්ධන.

පින්නවල ජාතික පාසල

හේසර පාදෙණිය (නායක), සහන් සුගතවංශ, තාරුක අදිත්‍ය, හසිත ඩිල්සර, ලක්සිලු සහන්, කවිඳු සස්මිත, උදුල ජයසිංහ (කඩුලු රකින්නා), ආකාශ් කාවින්ද, සිතුම් නෙත්මික, ඔමින් රණතුංග සහ මොහොමඩ් රානා.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

3 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

24 hours ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

5 days ago

කාබී ලේම් ඇමෙරිකාවෙන් පිටව යයි

2 days ago

අශෝක අධිරාජ්‍යයා තැනූ ස්ථූපයකින් සොයාගත් සර්වඥ ධාතු ප්‍රදර්ශනයකට ඉන්දියාව සැරසෙයි

4 days ago
Related News
ක්‍රී​ඩා

බාලක ශූරතාව මාතලේට – බාලිකා ශූරතාව කොළඹට

ක්‍රී​ඩා

ඔස්ට්‍රේලියාවේ පළමු ඉනිම ලකුණු 212කට සීමා වෙයි

ක්‍රී​ඩා

19න් පහළ බාලක දෙවැනි සතියේ තරග සෙනසුරාදා සිට

ක්‍රී​ඩා

බටහිර වෙරළ තීරයේ ක්‍රිකට් ගැටුම හෙට

ක්‍රී​ඩා

කායවර්ධන සහ පිසික් ක්‍රීඩා තරගාවලියට ලංකාවෙන් ‘අශේන්’

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok