Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: එස්. එස්. සී. පරදා මැලේ ශූරතාව දිනයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: එස්. එස්. සී. පරදා මැලේ ශූරතාව දිනයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

එස්. එස්. සී. පරදා මැලේ ශූරතාව දිනයි

June 12, 2025
222 Views

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙය වීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් බී කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මැලේ ක්‍රිකට් සමාජය (09 දා) සමත්විය. අදාළ අවසන් මහ තරගයේදී එස්.එස්.සී. පිලට එරෙහිව කඩුලු 6ක පහසු ජයක් වාර්තා කළ මැලේ ක්‍රීඩකයෝ ශූරතා කුසලානට අමතරව මුදලින් රුපියල් ලක්ෂ හතහමාරක ජය මල්ලකට ද හිමිකම් කීවේය.

කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා පිටියේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් එස්.එස්.සී. කණ්ඩායම පන්දුවාර 19.4කදී සියලුදෙනා ලකුණු 100කට දැවී ගිය අතර එම ඉලක්කය හඹා ගිය මැලේ පිතිකරුවෝ ඉලක්කය පන්දු 10ක් ඉතිරිව තිබියදී කඩුලු 4ක් පමණක් දැවී රැස් කර ගැනීමට සමත්වූහ.

මෙම තරගයේදී එස්.එස්.සී. කණ්ඩායමට ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත්ව සිටිය ද මැලේ කණ්ඩායමට ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද එකම ක්‍රීඩකයකු හෝ ඇතුළත් නොවුණු පසුබිමක මෙම ජයග්‍රහණය ඔවුන් වාර්තා කිරීම සුවිශේෂීත්වයක් එක් කරවන්නක් විය. චමිඳු වික්‍රමසිංහ, දසුන් ශානක, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, නුවනිඳු ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මදුශාන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් අද තරගයේදී එස්.එස්.සී. පිල නියෝජනය කළ ක්‍රීඩකයෝ වූහ.

පන්දු යැවීමේදී තිමිර මල්ශාන් කඩුලු 3ක් දවා ගනිද්දී කාවින්ද ඊශ්වර සහ චානක දේවින්ද කඩුලු 2 බැගින් දවා ගනිමින් එස්.එස්.සී. පිතිකරු බලඇණියේ බලය බිඳූහ. පන්දුවට අමතරව පිත්තෙන් ලකුණු 26ක් රැස් කර ගත් කාවින්ද ඊශ්වර අවසන් මහ තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේය. තරගාවලියේ ජය සංකේත ප්‍රදානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජික සහ තරග සංවිධායක කමිටු සභාපති නලීන් අපෝන්සු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

ඊට අමතරව තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජයේ දෙනුවන් රාජකරුණා ද දක්ෂතම පිතිකරු ලෙසින් ගාල්ල ක්‍රීඩා සමාජයේ අමිත කෞෂල්‍ය ද තරගාවලියේ වීරයා ලෙසින් එස්.එස්.සී. කණ්ඩායම් නායක අවිශ්ක ප්‍රනාන්දු සම්මාන දිනාගත්හ.

එස්.එස්.සී. පන්දුවාර 19.4 කදී සියලුදෙනා දැවී ලකුණු 100 යි – (දිනුර කලුපහන 19, අවිශ්ක ප්‍රනාන්දු 35, තිමිර මල්ෂාන් 21/3, කාවින්ද ඊශ්වර 21/1, චානක දේවින්ද 14/2)

මැලේ කණ්ඩායම පන්දුවාර 18.2 කදී කඩුලු 4ක් දැවී ලකුණු 101යි – (හිරන්ත ජයසිංහ 19, කාවින්ද ඊශ්වර 26, බුද්ධික හසරංග 25)

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රාජ නාගයකු බේරාගත් කේරළ වන නිලධාරිනිය සමාජ මාධ්‍ය කලඹයි

July 8, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ක්‍රී​ඩා

පළමුවරට හිරුණ සහ මීදුම් රන් පදක්කම් දිනති

ක්‍රී​ඩා

බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

ක්‍රී​ඩා

ජවසම්පන්න පහරකට විශේෂඥ පුහුණුවක්

ක්‍රී​ඩා

විම්බල්ඩන් ටෙනිස් ශූරතාව ඊගා ශ්වියොන් ටෙක්ට

ක්‍රී​ඩා

ගාල්ලේ මහා ක්‍රිකට් සංග්‍රාමය 18 – 19

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok