ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තෙවැනි වටයේ තරගයකදී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල් 3-1කින් චීන තායිපේ කණ්ඩායම පරාජය කරමින් අති විශිෂ්ට ජයග්‍රහනයක් ලබා ගත්තේය.

මේ අනුව 2027 නිර්දේශ ලබාගැනීමේ තෙවැනි වටයේ ප්‍රසාද ලකුණු සටහනේ ඩී කාණ්ඩයේ තෙවැනි තැනට පත්විය.
මේ වනවිට පෙරමුණේ පසුවන්නේ තායිලන්තයයි. අද්වාන් රාජමොහාන් ඩිලෝන් සෙනාන් සිල්වා හා රාධික් අහමන් වසීම් යන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 49 වැනි 53 වැනි හා 59 වැනි විනාඩිවලදී ගෝල තුනක් වාර්තා කළේ තරගයේ ජයග්‍රහණය ස්ථීර කරමිනි.
චීන තායිපේ පාපන්දු කණ්ඩායම් අතර ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම තරග 5ක් පවත්වා ඇති අතර තරග 4කම ජය ලබාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මේ ජයත් සමග පිට පිටම තරග 2ක් ජයගෙන තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමට ගෝල ලබාදුන් ක්‍රීඩකයන් තිදෙනාම ද්විත්ව පුරවැසියන්වීම විශේෂත්වයකි.