Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සම්මාන දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් තරු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සම්මාන දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් තරු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

සම්මාන දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් තරු

6 days ago
232 Views

වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා – කමිඳු
චමරි අතපත්තුට සම්මාන 6ක්
දක්ෂතම එක්දින පන්දු යවන්නා – වනිඳු
දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නා – ප්‍රභාත්

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහ ක්‍රීඩිකාවන්ගේ දස්කම් ඇගයීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ‘හෝම් ලෑන්ඩ්’ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියේදී කාන්තා අංශය යටතේ වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය ඇතුළු සම්මාන 6 ක් දිනා ගැනීමට චමරි අතපත්තු සමත් වෙද්දී පිරිමි අංශය යටතේ වැඩිම අවධානයක් යොමුව තිබූ වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය කමිඳු මෙන්ඩිස් විසින් දිනාගනු ලැබීය. ඊට අමතරව වසරේ දක්ෂතම ටෙස්ට් පිතිකරුවා සම්මානයෙන්ද කමිඳු මෙන්ඩිස් පිදුම් ලැබුවේය.

අතිඋත්කර්ෂවත් අන්දමින් කොළඹදී පැවැති මෙම සම්මාන රාත්‍රියේදී වැඩිම සම්මාන සංඛ්‍යාවකට හිමිකම් කියන ලද ක්‍රීඩිකාව බවට පත්වූ චමරි අතපත්තු, දිනා ගන්නා ලද සම්මාන අතරට වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානයට අමතරව වසරේ දක්ෂතම එක්දින පිතිකාරිණිය, වසරේ එක්දින තුන් ඉරියව් ක්‍රීඩිකාව මෙන්ම විස්සයි-20 ජාත්‍යන්තර තරග අංශය යටතේ වූ වසරේ දක්ෂතම පිතිකාරිණිය, වසරේ දක්ෂතම පන්දු යවන්නිය මෙන්ම වසරේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව යන සම්මාන ත්‍රිත්වයම අත්පත් කර ගැනීමට සමත්වූවාය.

ගෙවී ගිය 2024 වසරේදී දේශීය මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ දරන ලද සියලු කැප කිරීම් සහ වෙහෙස මහන්සිය වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෞරවයට පාත්‍ර කිරීම වෙනුවෙන් පිරිනැමුණු සමස්ත සම්මාන සංඛ්‍යාව 46 ක් විය. එහිදී ජාත්‍යන්තර තරග පිටිය නියෝජනය කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 දෙනෙක්ද දේශීය තරග අංශය යටතේ පිරිනමන ලද සම්මාන 20 ක්ද ඇතුළත්විය.

12 වැනි වරටත් පවත්වන ලද මෙම ක්‍රිකට් සම්මාන ප්‍රදානයේදී ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද ක්‍රිකට් තරු රතු පලස මතින් පැමිණි අතර ත්‍යාග ප්‍රදානය දේශීය තරග පිටියේ දක්ෂතා දක්වන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා අගයමින් ආරම්භ විය. මෙහිදී පිරිමි අංශය යටතේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගන්නා ලද්දේ වනිඳු හසරංග වන අතර ඔහු වසරේ දක්ෂතම එක්දින පන්දු යවන්නා, වසරේ දක්ෂතම විස්සයි-20 පන්දු යවන්නා මෙන්ම වසරේ දක්ෂතම විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩකයා යන සම්මාන ත්‍රිත්වයෙන් පිදුම් ලැබීය.

ඊට අමතරව වසරේ දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නා ලෙස ප්‍රභාත් ජයසූරිය ද, වසරේ දක්ෂතම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ද සම්මාන ලබාගනිද්දී වසරේ දක්ෂතම එක්දින පිතිකරුවා ලෙස පැතුම් නිස්සංක ද වසරේ දක්ෂතම විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් එක්දින නායක චරිත් අසලංක ද සම්මාන දිනාගත්හ. මේ අතර වසරේ නැගීඑන ක්‍රීඩකයා සම්මානය තුන් ඉරියව් ක්‍රීඩක ජනිත් ලියනගේ විසින් දිනාගත්තේය.

ජාත්‍යන්තර පිටියේ කාන්තා අංශය යටතේ පිරිනැමුණු සම්මාන 7 න් 6 ක්ම චමරි දිනා ගනිද්දී වසරේ දක්ෂතම එක්දින පන්දු යවන්නිය වශයෙන් කවීෂා දිල්හාරි සම්මාන දිනාගත්තේය.

මේ අතර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් තම ජීවිතයෙන් වැඩි කාලයක් ඒ සඳහා කැප කළ පුද්ගලයින් සිව්දෙනෙකු වූ රංජිත් ප්‍රනාන්දු, චන්ද්‍ර ශාෆ්ටර්, ජානක පතිරණ සහ ස්ටැන්ලි ජයසිංහ යන මහත්වරුන් වෙනුවෙන් පිරිනැමුණු ජීවිතයටම එක් වරක් පිදෙන සම්මාන ප්‍රදානය බොහෝ දෙනාගේ සිත්ගත් අවස්ථාවක් බවට පත්විය. මීට අමතරව ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සිය මාධ්‍ය කටයුතුවල නිරත වන මාධ්‍යවේදීන් දෙදෙනකු වූ දිනමිණ පුවත්පතේ ක්‍රීඩා කර්තෘ ප්‍රින්ස් ගුණසේකර සහ ඉරිදා ලංකාදීප පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා මෙන්ම ක්‍රීඩා කර්තෘවරයා ලෙසින් කටයුතු කරන ප්‍රසන්න සංජීව තෙන්නකෝන් මහතාව ද මෙහිදී ඇගයීමට ලක්වීම කැපී පෙනිණ.

මේ අතර දේශීය තරග පිටියේ දක්ෂතා දක්වන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම වෙනුවෙන් සිදුකරන ලද ත්‍යාග ප්‍රදානයේදී අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 තරගාවලියේ දක්ෂතම පිතිකරුවා ලෙස සම්මානයට පාත්‍ර වුණු පවන්ත වීරසිංහ, අන්තර් සමාජ ප්‍රධානතම තුන්දින ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා වූ දිලුම් සුදීර, එම දක්ෂතම පිතිකරුවා වූ සහන් කෝසල මෙන්ම එම තරගාවලියේ වීරයා වශයෙන් සම්මාන දිනාගත් රවිඳු ප්‍රනාන්දු ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සමඟින් බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැත්වෙන තරගාවලියට සහභාගිවීම සඳහා පිටත්ව ගිය බැවින් මෙම වටිනා අවස්ථාවට සහභාගිවීමට අවස්ථාව නොලදහ. කෙසේ වෙතත් ඔවුන් වෙනුවෙන් එම සම්මාන පිළිවෙළින් වනුජ සහන්, පසිඳු සූරියබණ්ඩාර, අශාන් ප්‍රියන්ජන් සහ නිපුන් කරුණානායක විසින් ලබා ගන්නා ලදී.

මෙම සම්මාන ප්‍රදානයේදී ප්‍රධාන ආරාධිතයා ලෙසින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහභාගිවූ අතර ඔහුට අමතරව වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, නියෝජන්‍ය ක්‍රීඩා අමාත්‍ය සුගත් තිලකරත්න යන මහත්වරුද සහසභාගිව සිටියහ. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ මඟ පෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම ක්‍රිකට් සම්මාන ප්‍රදානය සඳහා හිටපු ක්‍රිකට් සභාපතිවරුන් දෙදෙනකු වන තිලංග සුමතිපාල, මොහාන් ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා, ශ්‍රී ලංකා ජාතික පිරිමි කණ්ඩායමේ පුහුණුකරුවන් වන සනත් ජයසූරිය, ජාතික කාන්තා කණ්ඩායමේ රුමේෂ් රත්නායක යන මහත්වරුන්ට අමතරව, මෙම සම්මාන ප්‍රදානෝත්සවය සාර්ථක කර ගැනීම වෙනුවෙන් එක්වුණු හෝම් ලෑන්ඩ් සමාගම් සමූහයේ සභාපති නලීන් හේරත් මහතා ද සහභාගිව සිටියහ. ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු පරිපාලකයින්, වර්තමාන සහ හිටපු ක්‍රිකට් නායකයින් වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රාහක පාර්ශ්වකරුවන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් මෙන්ම මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් ඇතුළු මාධ්‍යවේදීන් ද මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගි වූහ.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

3 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

3 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

2 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

2 days ago
Related News
ක්‍රී​ඩා

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් ගැටුම අද

ක්‍රී​ඩා

මම හිතනවා හැම තිස්සෙම හරිදේ කරන්න උත්සහ කළා කියලා – ටෙස්ට් පිටියට සමුදෙන්න යන ඇන්ජලෝ කියයි

ක්‍රී​ඩා

ඉසිපතන, ශාන්ත පීතර, රාජකීය, ශාන්ත තෝමස්, ත්‍රිත්ව සහ වෙස්ලි අපරාජිතව ඉදිරියට

ක්‍රී​ඩා

ආමන්ඩ් ඩුප්ලැන්ටීස් 12 වැනි වරටත් රිටි පැනීමේ වාර්තාව අලුත් කරයි

ක්‍රී​ඩා

ලෝක ටෙස්ට් ශූරතාවලියේ හයවැනි තැනට ආ ශ්‍රී ලංකාවට කෝටි 25ක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok