Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සචිත්‍රට නඩු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සචිත්‍රට නඩු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

සචිත්‍රට නඩු

2 weeks ago
243 Views

වර්ෂ 2020 දී ශ්‍රී ලංකාවේ පැවැති ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩා තරග මුදලට පාවාදීම සඳහා ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක තරිඳු හසංක රත්නායක පෙලඹවීම ඇතුළු චෝදනා යටතේ හිටපු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර මධුසංඛ සේනානායකට එරෙහිව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර නඩු පවරනු ලැබීය.

ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකුට එරෙහිව මහාධිකරණයක් හමුවේ පවරනු ලැබූ ප්‍රථම නඩුකරය වන එම නඩුවේ අධිචෝදනා පත්‍රය රජයේ අධිනීතිඥ අකිලා දල්පතාදු මහත්මියගේ අත්සනින් මහාධිකරණය හමුවේ ගොනුකර තිබේ.

2020.11.21 සහ 2020.11.22 අතර කාලය තුළදී මුරුසි දූපතේදී සහ හම්බන්තොටදී එකී ක්‍රිකට් තරගාවලියේ ප්‍රතිඵලයට, ප්‍රගතියට හා පැවැත්මට හෝ වෙනත් අංගයකට බලපෑම් කිරීම සඳහා යම් ක්‍රියාවක් සිදුකිරීමෙන් හෝ යම් ක්‍රියාවක් කිරීමෙන් වැළකී සිටීමට එනම් කළම්බු කිංග්ස් කණ්ඩායමේ ක්‍රීඩකයකු ලෙස තෝරාගෙන තිබූ තරිඳු හසංක රත්නායක හෙවත් ‘දැතාට’ වෙනත් අයකු කළ යෝජනාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකය වෙත දැනුම්දීම වැළැක්වීම සඳහා තරිඳු රත්නායකගෙන් අයැදීම, ඔහුව පෙලඹවීම හෝ උපදෙස් ලබාදුන්නේ යැයි එමගින් චෝදනා නඟා තිබිණි.

මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති සායිදි (SHAIDI) නමැත්තා තරිඳු රත්නායක අමතමින් “Already spoke to the Managment you will get games, and you have to give something for them too ok” කළ දැනුම්දීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකය වෙත පැමිණිලි කිරීම වැළැක්වීම මගින් 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ 5ඈ වගන්තිය උල්ලංඝනය කිරීමෙන් ක්‍රීඩාවල දූෂණය යන වැරදි සිදුකිරීමෙන් දඬුවම් ලැබිය හැකි වැරදි සිදුකර ඇතැයි ද එමගින් චෝදනා නඟා තිබිණි. ලැබුණ පැමිණිලි අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයේ උපදෙස් පරිදි විමර්ශන සිදුකළ ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකය විත්තිකාර සචිත්‍ර සේනානායක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි. රක්‍ෂිත බන්ධනාගාරගත කර තැබීමෙන් අනතුරුව ඇපමත මුදාහළ ඔහුගේ කටහඬ පිළිබඳ ඉදිරිපත් කළ කටහඬ සාම්පල් ඇතුළු වාර්තා හා සෙසු විමර්ශන වාර්තා සාක්‍ෂි සලකා බැලූ නීතිපති පාරින්ද රණසිංහ මහතා (කනිෂ්ඨ) එකී නඩු පැවැරීම සිදුකර තිබිණි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතාගේ මගපෙන්වීම යටතේ එකී විමර්ශන සිදුකර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක සහ මත්තල – දිලිප් එන්. ජයසේකර

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

3 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

3 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

2 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

2 days ago
Related News
ක්‍රී​ඩා

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් ගැටුම අද

ක්‍රී​ඩා

මම හිතනවා හැම තිස්සෙම හරිදේ කරන්න උත්සහ කළා කියලා – ටෙස්ට් පිටියට සමුදෙන්න යන ඇන්ජලෝ කියයි

ක්‍රී​ඩා

ඉසිපතන, ශාන්ත පීතර, රාජකීය, ශාන්ත තෝමස්, ත්‍රිත්ව සහ වෙස්ලි අපරාජිතව ඉදිරියට

ක්‍රී​ඩා

ආමන්ඩ් ඩුප්ලැන්ටීස් 12 වැනි වරටත් රිටි පැනීමේ වාර්තාව අලුත් කරයි

ක්‍රී​ඩා

ලෝක ටෙස්ට් ශූරතාවලියේ හයවැනි තැනට ආ ශ්‍රී ලංකාවට කෝටි 25ක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok