ඉන්දියාවේ පැවති ‘සේරු ක්ලැසික්’ (Sheru Classic) ජාත්‍යන්තර කායවර්ධන ශූරතා තරගාවලියේ දී, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 90 බර පංතිය යටතේ සහභාගි වූ එච්.ඒ. සරත් සම්පත් ක්‍රීඩකයා, එහිදී දෙවන ස්ථානයට හිමි රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී තිබේ. මෙම තරගාවලිය ලෝකයේ විවිධ රටවල කායවර්ධන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150ක ගේ සහභාගිත්වයෙන් පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර පවත්විණි. සරත් සම්පත් මෙම ජයග්‍රහණයත් සමග ඩුබායි හි ඔහු රැකියාවේ නිරත සේවා ස්ථානය වෙත පැමිණ ඇති අතර, එහිදී ඔහු තවත් කායවර්ධන ශූරතා තරගාවලියක් සඳහා ඉදිරිපත් වීමට නියමිතය.
කටුනායක – ටී.කේ.ජී.කපිල