සෙනසුරාදා (21දා) සිට අඟහරුවාදා (24දා) දක්වා තායිලන්තයේ බැංකොක් අගනුවර දී ක්‍රියාත්මක කෙරෙන තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ඡායාරූපයෙන් දැක්වේ.
මෙම තරගාවලියට සහභාගි කරවන ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයන් 04 දෙනකුගෙන් සහ ක්‍රීඩිකාවන් 04 දෙනකුගෙන් සැදුම්ලත් වේ.
පුහුණුකරු ලෙස අනුර බණ්ඩාර මහතා ද කළමනාකර රංජිත් හෙන්නායක මහතා ද කටයුතු කරයි.
වම් පස සිට අසුන්ගෙන – ලුතිනන් කර්නල් රංජිත් හෙන්නායක මහතා (කළමනාකරු), සමන් කුමාර ගුණවර්ධන මහතා (ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ලේකම්), ඩබ්ලිව්. කේ. එල්. ඒ. නිමාලි (කාන්තා මීටර් 800), සෆ්රීන් අහමඩ් (පිරිමි තුන් පිම්ම), ශාන්ත ද සිල්වා මහතා (ශ්‍රී ලංකා මලල ක්‍රීඩා භාණ්ඩාගාරික), අනුර බණ්ඩාර මහතා (පුහුණුකරු)
පසු පෙළ වම් පස සිට : අමාෂා ද සිල්වා (මීටර් 100 කාන්තා), වත්සලා හපුආරච්චි (මීටර් 100 කඩුලු පැනීම කාන්තා), රුසිරු චතුරංග (මීටර් 800 පිරිමි), අයෝමාල් අකලංක (මීටර් 400 කඩුලු පැනීම පිරිමි), වී. වොක්ෂන් (මීටර් 1500 සහ මීටර් 5000 පිරිමි), මධුෂානි හේරත් (දුර පැනීම සහ තුන් පිම්ම කාන්තා)
අනුරුද්ධ හේරත් බණ්ඩාර