Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: යුනිචෙලා – සරසන්ස් ආණ්ඩුකාර කුසලානයේ සම ශූරයෝ වෙති
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: යුනිචෙලා – සරසන්ස් ආණ්ඩුකාර කුසලානයේ සම ශූරයෝ වෙති
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

යුනිචෙලා – සරසන්ස් ආණ්ඩුකාර කුසලානයේ සම ශූරයෝ වෙති

June 19, 2025
396 Views

යුනිචෙලා සහ සරසන්ස් ක්‍රීඩා සමාජ අතර බී. ආර්. සී. ක්‍රීඩාංගණයේ දී පසුගිය දා පැවැති “ගවනර්ස් කප්” අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීමෙන් තරගය අතරමග නවතා කණ්ඩායම් දෙකම සම සූරයන් ලෙසට නම් කැරිණි.

පන්දුවාර 50කට සීමා වූ මේ තරගයේ 22 වන පන්දු වාරයේ දී වර්ෂාවෙන් බාධා ඇතිවීමෙන් තරගය නතර කර නැවත ආරම්භ වූයේ කණ්ඩායමකට පන්දුවාර 40ක් ලැබෙන පරිදිය.

කාසියේ වාසිය දිනූ යුනිචෙලා කණ්ඩායම තීරණය කළේ මුලින් පන්දුවට පහර දීමටය. පන්දුවාර 21.1ක දී යුනිචෙලා කඩුලු තුනකට ලකුණු 91ක් ලබා සිටිය දී වර්ෂාව පතිත වී තරගය නතර කිරීමට සිදුවීමෙන් නැවත තරගය ආරම්භ වූයේ කණ්ඩායමකට පන්දුවාර 40ක් හිමි වන අයුරිනි. පන්දුවාර 40 නිම වන විට යුනිචෙලා කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 200කි.

‘ඩක්වර්ත් ලුවිස්’ න්‍යාය අනුව මේ තරගයෙන් ජය ලැබීමට සරසන්ස් කණ්ඩායමට පන්දුවාර 40ක දී ලකුණු 206ක් අවශ්‍ය වුවත් වර්ෂාව මත සවස 3.30ට තරගය නැවත නතර කරන විට ඔවුන් කඩුලු හතරක් දැවී රැස් කර සිටියේ ලකුණු 44ක් පමණකි. ඇඳිරි කාලගුණය සහ වර්ෂාව මත නැවත තරගය ආරම්භ නොවූ අතර කණ්ඩායම් දෙකම සම සූරයන් ලෙස නම් කැරිණි.

2025 ගවනර්ස් කුසලාන තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කුරුණෑගල ක්‍රීඩා සමාජයේ නිසංජය හෙට්ටිආරච්චි නම් කෙරිණි. තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස සරසන්ස් ක්‍රීඩා සමාජයේ ගැවින් බොතේජු සහ තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස යුනිචෙලා ක්‍රීඩා සමාජයේ දිල්ෂාන් මෙන්ඩිස් තිළිණ ලැබීය.

උදෑසන කාසියේ වාසිය උරගා බැලීමේ දී එය දිනාගත් යුනිචෙලා නායක රත්සර විතාන තීරණය කළේ මුලින්ම පන්දුවට පහර දීමටය.

යුනිචෙලා කණ්ඩායම පන්දුවට පහර දීමේ දී කැපී පෙනුණු පිතිකරුවන් වූයේ අංක පහ පිතිකරු තරිඳු දිලංක ලකුණු 63ක් ද (පන්දු 53යි හතරේ හතරයි හයේ දෙකයි) ආරම්භක පිතිකරු අංක එක කළණ සංදීප ලකුණු 37ක් ද (පන්දු 54යි හයේ තුනයි) අංක තුන පිතිකරු ගිම්හාන් ආශිර්වඩන ලකුණු 33ක් ද (පන්දු 50යි හතරේ දෙකයි හයේ දෙකයි) අංක හතර පිතිකරු තේනුක දේවප්‍රිය ය. ලකුණු 30ක් ද (පන්දු 50යි හතරේ දෙකයි හයේ පහරයි)

හොඳම සබඳතා වූයේ දෙවන කඩුල්ලට කළණ සංදීප සහ ගිම්හාන් ආශිර්වඩන එක් කළ ලකුණු 58ක සබඳතාවයත් සිව්වන කඩුල්ලට තරිඳු දිලංක සහ තේනුක දේවප්‍රියගේ ලකුණු 39ක සබඳතාවයත්ය. සරසන්ස් කණ්ඩායමේ දක්ෂතම පන්දු යවන්නා වූ කමල රාසන් අයියර් ලකුණු 35කට කඩුලු දෙකක් දවාලුවේය.

සරසන්ස් පන්දුවට පහර දෙද්දී යුනිචෙලා කණ්ඩායමේ දිල්ෂාන් මෙන්ඩිස් ලකුණු 14කට ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනකුම දවාලීමෙන් තරගය නතර කරන විට සරසන්ස් කඩුලු 4ක් දැවී රැස් කර සිටියේ ලකුණු 44ක් පමණි. (පන්දුවාර 9.1යි)

සරසන්ස් නායක විනුජ රණසිංහ පන්දු 23ක දී හතරේ තුනක් හයේ පහරක් සමග ලකුණු 23ක් ලැබීය.

තරග විස්තරය

යුනිචෙලා පන්දුවාර 40දී කඩුලු 7ට 200යි

(තරිඳු දිලංක 63, කළණ සංදීප 37, ගිම්හාන් ආශිර්වඩන 33, තේනුක දේවප්‍රිය 30, කමල රාසන් අයියර් 35/2, අචල පෙරේරා 12/1, ඔමේෂ් උදාර 27/1, රශ්මික මෙවන් 27/1)

සරසන්ස් කඩුලු 4ට 44යි (පන්දුවාර 9.1යි)

(විනුජ රණසිංහ 23, රශ්මික මෙවන් 08, ගැවින් බොතේජු නොදැවී 06, දිල්ෂාන් මෙන්ඩිස් 14/3, ධනුෂ්ක රණසිංහ 22/1යි)

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025
Related News
ක්‍රී​ඩා

කුසල්ගෙන් අති විශිෂ්ට ශතකයක්

ක්‍රී​ඩා

ජූනි මාසයේ ICC ක්‍රීඩකයා අතරට පැතුම් නිස්සංකත්

ක්‍රී​ඩා

කාංචනා ජයරත්නට ලෝකඩ පදක්කමක්

ක්‍රී​ඩා

බස්නාහිර පළාත් කබඩි ශූරතාව පිළියන්දල මධ්‍ය විදුහල දිනාගනී

ක්‍රී​ඩා

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට සහභාගී වන චමිඳු සත්සරට ශක්තියක් වෙමු

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok