ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරත්වයෙන් පැවැත්වෙන 2025 ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන අයි.සී.සී.ය විසින් ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව තරගාවලිය සැප්තැම්බර් මස 30 වැනිදා සිට නොවැම්බර් මස 02 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.
එහිදී ලෝක කුසලානයේ සමාරම්භක තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර තරගය සැප්තැම්බර් මස 30 වැනිදා බැංගලෝර්හිදී පැවැත්වීමට නියමිතව ඇත. මෙහිදී ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයද ඇතුළුව පාකිස්තාන ක්‍රීඩිකාවන් එක්වන සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මූලික වටයේ සහභාගි වන ඔස්ටේ්‍රලියා, නවසීලන්ත, දකුණු අප්‍රිකා, බංග්ලාදේශය සහ පාකිස්තානය යන තරගද කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදීම පැවැත්වීමට නියමිතය.
එහිදී පළමු අවසන් පූර්ව තරගයට පාකිස්තාන කණ්ඩායම සුදුසුකම් ලබාගතහොත් එම තරගය ඔක්තෝබර් මස 29 වැනිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, කාන්තා එක්දින ලෝක කුසලානයේ අවසාන මහා තරගය නොවැම්බර් මස 02 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට වාර්තාවේ.
සිසිර ඉන්ද්‍රජිත්