ත්‍රිරෝදයෙන් පැමිණි ඝාතකයන් අල්ලන්න පොලිසියෙන් බර වැඩ
කඩු සහ පොලු රැගෙන නිවසකට කඩාවැදුණ සන්නද්ධ කණ්ඩායමක් නිවසේ දොර කඩා දරු දෙදෙනා ඉදිරිපිට කළුතර ප්‍රාදේශීය සභාවේ විදුලි සේවකයකු කපාකොටා ඝාතනය කර ඔහුගේ බිරිඳට ද පහරදී තුවාල සිදුකර පලාගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.

මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර, පනාපිටිය, වාද්දගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි සුගත් ප්‍රසන්න නමැති 43 හැවිරිදි දෙදරු පියකු බව පොලිසිය කීය.
ඊයේ (08 දා) අලුයම 2ට පමණ නිවසේ දොර කඩා ඇතුළුවුණු සන්නද්ධ කණ්ඩායම මෙම ඝාතනය සිදුකර ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළිව ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඝාතනය සිදුවන අවස්ථාවේ 16 හැවිරිදි දියණිය සහ 5 හැවිරිදි බාල පුතණුවන්ද නිවසේ සිට ඇති බවත් සදහන් වේ. නිවසේ සිටි සුනඛයාද අතුරුදන්ව ඇති බවත් පවුලේ සාමාජිකයෝ පවසති.
ඝාතකයන් ත්‍රිරෝද රථයකින් පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පරීක්ෂණ සිදුකරන නිලධාරියෙක් කීය. කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් ඊයේ (08 දා) උදෑසන පරීක්ෂණ සිදුකළ අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණය දහවල් සිදුකිරීමට නියමිතව තිබුණි. කළුතර උතුර ස්ථානාධිපති ප්‍ර.පො.ප. දමිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.
බණ්ඩාරගම – මිනිදු රණවක සහ ගල්පාත – චන්දන පෙරේරා