කතරගම දේවාලය ඉදිරිපිට ඇති කොළ අතු දමා සකස් කළ අතු පන්දළම දුටුගැමුණු රජ දවසේ පටන් අඛණ්ඩව සෑම ඇසළ පෙරහැර සමයකම අලුත් කිරීම සිදු වේ.
පෙරහැර දින 05 ක් ගිය පසු මෙම අතු පන්දළමේ ඇති පැරණි අතු දඬු ඉවත් කරන අතර මාදම් කොළ අතු දඬු දමා අලුතින් සකස් කරන්නේ පෙරහැරේ ගමන් ගන්නා අලි ඇතුන්ගේ උපකාරයෙනි. මෙම කොළ අතු රැගෙන විත් බස්නායක නිලමැඳුරේ පැවැත්වෙන දාන පිංකම අවසන් වීමෙන් පසු මෙම අතු පන්දළම සකස් කෙරේ.
මෙසේ අලුත් කෙරෙන අතු පන්දළම නැවත අලුතින් සකස් කරනු ලබන්නේ ලබන වසරේ ඇසළ මංගල්‍යයේදීය. අතු පන්දළම මේ අයුරින් සකස් කරනු ලබන්නේ අතීතයේ සිදුවීමක් සනිටුහන් කිරීමට බව පාරම්පරික කපු මහත්වරු පවසති.
කඳ කුමරු හමු වූ දුටුගැමුණු මහ රජතුමා යුද්ධයෙන් ජය ලැබීමට බාරයක් විය. දුටුගැමුණු රජු එළාර රජු පරදා ජයගත් විගස රන් උ`ඵ මාලිගාවක් සාදවා පූජා කිරීම මෙම බාරයයි. එම බාරය ඔප්පු කරන තෙක් සන්නාසි වෙසින් සිටි කඳ කුමරුන්ට රජතුමා සෙබළුන් ලවා තාවකාලිකව කොළ අතු පන්දළමක් සාදවා දෙනු ලැබීය. එදා සෑදූ අතු පන්දළම සිහි කරමින් අදත් සැම වසරකම කතරගම දේවාලය ඉදිරිපිට පිහිටි මෙම අතු පන්දළම සකස් කිරීම චාරිත්‍රයක් ලෙස සිදුවේ.
අතු පන්දළම සැකසීමේ මෙම චාරිත්‍රය ඊයේ (01වැනිදා) දහවල් සිදු කරනු ලැබිණි. දාන පිංකම අවසන් කර දේවාලයේ අතු පන්දළම සඳහා අලි ඇතුන් රැගෙන ආ ප්‍රථම කොළ අතු මිටිය කතරගම වාසනා හස්තියා වෙත ලබාදීම බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා විසින් සිදු කරන ලදි.
කතරගම – කේ.ඩී. දේවප්‍රිය