යාපනය දිස්ත්‍රික්කය ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශවල වායු දූෂණය දිගින් දිගටම පැවැතීම නුසුදුසු බවට නිගමනය කළ අභියාචනාධිකරණය එකී වායු දූෂණය වැළැක්වීම සඳහා ගතහැකි උපරිම පියවර ගන්නා ලෙස යාපනය මහ නගර සභාව, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු වගඋත්තරකරුවන්ට ඊයේ (01දා) නියෝග කළේය.
යාපන ප්‍රදේශයේ පදිංචිකාරියක වන වෛද්‍ය උමා සුකී නඩරාජා මහත්මිය විසින් ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය හා කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරු එම නියෝගය කළහ.
ඒ.ජේ.ඒ. අබේනායක