තිදෙනෙක් අත්අඩංගුවට
මොරොන්තුඩුව, ගෝනදූව, කවටයාගොඩ ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක වැඩබිමේ සේවයේ නිරත සේවකයන් දෙදෙනකු අතර පෙරේදා (30දා) රාත්‍රී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් එක් අයකු අනෙක් පුද්ගලයාට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි මොරොන්තුඩුව පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ ලුණුවිල, බණ්ඩිරිප්පුව පදිංචිව සිටි ප්‍රදීප් කුසුම්සිරි (29) යන අයෙකි.
මෙම නිවෙස් හිමිකරු විදෙස්ගතව සිටින බව පොලිසිය කියයි. කොන්ත්‍රාත් පදනම මත සේවකයන් පිරිස මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරමින් සිට ඇත.
පෙරේදා රාත්‍රී සේවකයන් මත්පැන් පානය කරමින් සිට තිබේ. එහිදී මත්පැන් පානය කර සිටි සේවකයන් දෙදෙනකු අතර ඇති වූ කතා බහක් දුරදිග යෑමෙන් එක් අයකු අනෙකාගේ බඩ ප්‍රදේශයට හා පිට ප්‍රදේශයට පිහියෙන් ඇන තිබේ.
ඔහු මොරොන්තුඩුව ගෝනදූව රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී පරීක්ෂා කළ වෛiවරුන් ඔහු මියගොස්
ඇති බව පවසා තිබේ. මෙම ඝාතනයට අදාළව වව්නියාව පදිංචි කම්කරු සේවකයන් තිදෙනකු පිහියද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මොරොන්තුඩුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැලුම් ද සිල්වා මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක තෙන්නකෝන් ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්