කුරුණෑගල ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් ගෙල සිරකර ඝාතනය කර රන්භාණ්ඩ, මුදල් සහ දුරකථනය කොල්ල කෑ බවට සැකපිට අත්අඩංගුවට ගත් පිලැස්ස පදිංචි වෘත්තියෙන් වැහිපිහිළි සවිකිරීමේ යෙදී සිටින්නකු වන ‘බූලා’ නොහොත් සිරිමල් දුරයලාගේ දිල්ෂාන් (27) සහ කුඹුක්වැව පදිංචි වන්නකු මුදියන්සේලාගේ හෂාන් මධුසංඛ දිසානායක (19) නමැත්තන් ඊයේ (01) කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පොලිසියේ ඉල්ලීම පරිදි දින 2 ක් මහව පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා අවසර ලබා දුන්නේය.
කුරුණෑගල, මාවතගම, මහව සහ දොරටියාව පොලිස් ස්ථානවල නිලධාරින් දසදෙනකුගේ යුත් කණ්ඩායමක් විසින් සැකකරුවන් දෙදෙනා මහව සහ කුරුණෑගලදී ඉකුත් 30 දා අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ මේරිමවුන්ට් වත්ත මිල්ලව පදිංචිව සිටි කුරුප්පු අප්පුහාමිලාගේ කමල් සම්පත් කුරුප්පු (49) නමැත්තා ඔහුට අයත් එක්ස්ටේ්‍රල් වර්ගයේ ජීප් රථයෙන් ගමන් කරමින් සිටියදී පැහැරගෙන ගොස් ගෙල සිරකර ඝාතනය කර සිරුරට ගිනි තබා ඔහු සන්තකයේ තිබූ ජංගම දුරකථනය, පැලැඳ සිටි රන්භාණ්ඩ සහ රු. ලක්ෂ ගණනාවක මුදල් පැහැරගෙන මහව පොලිස් බල ප්‍රදේශයේ කට්ටබුවාව දියමැටේ කැලෑවක පාළු ප්‍රදේශයක
ඔහුගේම මෝටර් රථය තුළ දමා පිළිස්සූ බවට සැකපිට මෙම දෙදෙනා වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ නියෝග මත ඉකුත් 30 දා මෙසේ අත්අඩංගුවට ගැනීම සිදුවිය.
ඝාතනයට යොදාගත් අඩි 21ක් දිගැති ලණුවක් ද ඔවුන් සතුව තිබී ඇත.
ආර්.එම්.ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල