Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: වැඩිදෙනෙක් නොදන්න සුදුවැල්ලේ සුන්දරත්වය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: වැඩිදෙනෙක් නොදන්න සුදුවැල්ලේ සුන්දරත්වය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

වැඩිදෙනෙක් නොදන්න සුදුවැල්ලේ සුන්දරත්වය

3 hours ago
73 Views

අතීතයේ අප සමාජය සතුව තිබූ අසිරිමත් දායාද බොහොමයක් පසු කාලීනව කාලයේ වැලි තලාවන් ගෙන් යටපත්ව අද වනවිට සදහටම අහිමි වීමේ තත්ත්වයක් දක්නට ලැබේ. මේ පසුගිය කාලයේ මට හමුවූ එවන් හරිත දනව්වක් පිළිබඳ සටහනකි.

ජාඇල තුඩැල්ලෙන් වමට හැරෙන පමුණුගම පාර ඔස්සේ තරමක් දුර ගියවිට හමුවන දෑලතුර කතෝලික සුසාන භූමිය හමු වේ. ඉන් මඳක් ඔබ්බෙන් වමට හැරෙන පාර අදත් හැඳින්වෙනුයේ ‘නෙලුම් විල පාර’ යනුවෙනි. රත් නෙලුම් සිය දහස් ගණනක් දැකිය හැකිව තිබූ ඒ නෙලුම් විල අද අතුරුදන්ව ඇත්තේ පාරට පමණක් එම නම ශේෂ කරමිනි. මේ නෙලුම් විල පාර ඔස්සේ සුදුවැල්ල නම් ප්‍රදේශයකට පැමිණිය හැක. ඊට අමතරව දෑලතුර කතෝලික සුසාන භූමිය ඉදිරිපිට පාරෙන් මීටර් දෙසීයක් පමණ යනවිට වර්තමානයේ දැකිය හැකි ‘පතහ’ නමින් හඳුන්වන මිරිදිය ජලාශය ද අතීතයේ එහි වැසියන් දිය නෑම සඳහා යොදා ගත් නිල්වන් දියවරකින් යුතු මිරිදිය ජලාශයකි. එහෙත් ගමින් ගමට නිවසින් නිවසට නළ ජල පහසුකම් ලැබීම මත අද වනවිට ඒ පැරණි දිය නාන පොකුණ ජරාවාස වෙමින් තිබේ. එහෙත් අතීතයේ ඒ පොකුණේ ජලය මුව සේදීමට පවා සුදුසු තත්ත්වයක තිබූ බව පැරණි ගැමියෝ කියති. රණ හංසවිලට ඒ සොඳුරු නම ලබාදුන් එනමින් යුතු ජලාශය ද අද දක්නට නැත. එහෙත් අතීතයේ එනමින් යුතු ජලාශයක් තිබූ බවට අනුමාන කෙරෙන වගුරුබිම් කිහිපයක් තවමත් එහි දක්නට ලැබේ.

එමෙන්ම අද වනවිට ඕලන්ද ඇළ නමින් හඳුන්වන මුතුරාජවෙල බටහිර මායිමෙන් ගලා බසින පැරණි ඇළ මාර්ගය කැපීමට ඒ සමයේ අප රටේ විවිධ ප්‍රදේශවලින් පවුල් පිටින් පැමිණි කම්කරුවන් පසුව එවක වගුරු බිමක්ව තිබූ දෑලතුර ප්‍රදේශයේ පදිංචි වූ බව කියනු ලැබේ. එම ජනාවාස තැනීම සඳහා මීගමු කලපු ඉහත්තාවේ දඬුගම් ඔයේ මෝය ප්‍රදේශයෙන් ඔරු පාරු මගින් ගෙනා පස් ටොන් ගණනක් යොදා දෑලතුර ගම්මානය තනාගත් බවට ද කතා පැතිර තිබේ. මෙසේ පැමිණි ඇතැම් කම්කරුවන් සමග ඕලන්ද යටත් විජිත සමයේ මෙරටට ගෙනා ඉන්දියානුවන් ද සිටි බව ඇතැමෙක් කියති. ඒ කෙසේ වෙතත් අතීතයේ දෑලතුර ආදී ප්‍රදේශ ගොඩකිරීම සඳහා පස්ටොන් දහස් ගණනක් ඉවත් කර ගත් බව පැවසෙන ප්‍රදේශය අද ද මැටිවල බොක්ක නමින් හැඳින්වේ. ඊට හේතුව එසේ මහා පරිමාණයෙන් පස් කැපීම හේතුවෙන් මීගමු කලපු ඉහත්තාවේ කෘතිම බොක්කක් නිර්මාණය වී තිබීම නිසාය. දෑලතුර ගැමියන්ගේ අතීත ජනවහර අතරේ ඔවුන්ට ම ආවේණික අන් අයට නොවැටහෙන උප භාෂාවක් හා වදන් තිබූ බවට තොරතුරු ඇතත් වත්මන් නාගරීකරණය මත පදනම් වූ සමාජ පරිණාමය යටතේ එම උප භාෂාව සහ වදන් අතුරුදන්ව ගොස් ඇතැයි පැරණි ගැමියෝ කියති.

වර්තමානයේ ජනාකීර්ණ ප්‍රදේශයක් වුවද මීට දශක හතර පහකට ඉහත දී සුදුවැල්ල, සුදුවැලිවලින් පිරීගත් ඉතා මනරම් ජල ජීවී පරිසර පද්ධතියකි. එහෙත් විවිධාකාර ගොඩ කිරීම් මුල්කොට අද එම ඉසව්වේ මුල් ස්වරූපය බොහෝ දුරට විපරිත වී තිබේ. දුරාතීතයේ මුහුද ගොඩගැලීම නිසා සුවිසල් ප්‍රදේශයක් පුරා පැතිරුණු වැලි නිධියක්ව පැවති සුදුවැල්ලේ ඕලු, නෙලුම්, මානෙල් ආදියෙන් සුසැඳි කුඩා විල් දහයක් පහළොවක් හෝ ඊට වැඩි ගණනක් දක්නට ලැබිණි. මෙම මුහුද ගොඩ ගැලීම සම්බන්ධ සිදුවීම කෝට්ටේ යුගයේ ලියැවුණු කෝකිල සංදේශයේ 171 කවියේ මෙලෙස සඳහන් ය.

මතු වනු නො දැන ගුරු එ රහත් හිමි නිමල
සි තු විකලින් බඳනෙහි ලු වෙනි උණු තෙල
ඇ තු සහ නිරිඳු ගෙනැ ගිය මඟ පොළෝ තල
ඇතු බුන් වළැයි යෙති ඒ දකු මඟ අසල

එහි සඳහන් වන පුවතේ සඳහන් අන්දමට විහාර මහා දේවිය මුහුදට බිලි දීමෙන් පසු කැලණි තිස්ස රජු ඇතා පිටින් යම ලොවට ඇදගෙන ගිය ඇතු, බුන් වල මේ වනවිට ද “ඇතා එරුණු වළ” ලෙසින් හඳින්වේ. එය පිහිටියේ කඳාන නාගොඩ ප්‍රදේශයේ ය. එම ස්ථානය නිවැරදිව හඳුනාගැනීම පිණිස මට වසර විස්සක පමණ කාලයක් ඒ පිළිබඳව විපරම් කිරීමට සිදු විය. එහෙත් අද එම ප්‍රදේශයේ පාරම්පරික වියපත් ගැමියන් හැරුණු කොට නව පදිංචිකරුවන් ඒ සම්බන්ධ කිසිවක් නොදනිති. ඒ අතරේ එහි සමහර වැසියන් ඒ සම්බන්ධයෙන් පවසනුයේ “ඔතන ඉස්සර රජ කෙනකුගේ ඇතෙක් එරිලා තියෙනවා” යන්න පමණි.

මෙවන් අතීතයක් සහිත එම ඉසව්වට තරමක් නොදුරින් පිහිටි සුදුවැල්ලේ තැනින් තැන හමුවන පිහිටි පොළොවේ වැටී ඇති උස් ගස් හැරුණුකොට ඇත්තේ එහි නමේ හැටියට ම සුදුවැල්ලකි. රාත්‍රී කාලයට දක්නට ලැබෙන අද්භූත ගැහැනියකගේ අවතාරයක් පිළිබඳව මුල්වරට මට කරුණු දැනගත හැකි වූයේ එවක ජාඇල ජයන්ති විද්‍යාලයේ විදුහල්පතිව සිටි එම්.ටී.ධර්මසේන මහතා ගෙනි. එවක එම පාසලේ ඉගෙනුම ලැබූ සිසුන්ගේ පියවරුන් කිහිපදෙනකුම එම අවතාරය දැක බියපත් වූ බවද ඔහු කීය.

එමෙන්ම සුදුවැල්ල ආශ්‍රිතව සුදුවැලි පොකුණ නම් කුඩා ජලාශයක් ඇති බවටත්, එය අතීතයේ එහි රජකම් කළ රැජිනක් දිය නෑමට යොදාගත් රාජකීය පොකුණක් බවටත් සුදුවැල්ල අවට ජීවත් වූ පාරම්පරික වැසියන් අතර විශ්වාසයක් තිබූ බව ධර්මසේන මහතාගෙන් අසා දැනගැනීමට මට හැකි විය. එමෙන්ම එම රැජින දියට බැසීම පිණිස යොදාගත් ගල් පඩිපෙළක් හා ගල් පුවරුවක් අතීතයේ ඉස්මතුව තිබී කාලයාගේ ඇවෑමෙන් වැල්ලට යටවී ඇති බව ගැමියන් පවසන බව ද හෙතෙම කීය. ‘හරි නම් ඔය වගේ තොරතුරු පදනම් කරගෙන් මේ යට ගියාවේ සුලමුල හොයන එක මේ පළාත්වල කාගේත් වගකීමක්. ඒත් අද සමාජේ දාහකට කෙනෙක් වත් ඒ වගේ දේකට යොමු වෙන්නෙ නෑනේ” ඔහු කීයේ දුක් මුසු ලෙසිනි.

අනූව දශකයේ මුල් භාගයේ අවස්ථා කිහිපයක දීම සුදුවැල්ලේ සංචාරය කරන්නට අවස්ථාව ලැබුණත් මට ඊට පසු කලෙක ඒ තොරතුරු නිසි පරිදි අසාගත නොහැකි වූයේ ඒ වනවිට එහි පදිංචිව සිටි පිරිස මුළුමනින්ම පාහේ පිට පළාත්වලින් පැමිණි සංක්‍රමණිකයන් වීම නිසා ය. එහෙත් බෝපිටියේ මුතුරාජවෙල පරිසර කේන්ද්‍රයේ අධ්‍යක්ෂ අරුණ වීරසිංහයන්ගේ මඟ පෙන්වීම යටතේ මට හමුවූ එන්.ඩී.කේ.පෙරේරා නම් වන දෑලතුර ප්‍රදේශයේ පාරම්පරික ගැමියකුගෙන් සුදුවැල්ලේ දක්නට ලැබෙතැයි පැවසෙන අද්භූත ගැහැනිය පිළිබඳව වැඩිදුර යමක් දැනගත හැකි විය.

‘ඔය සුදුවැල්ල වගේම තුඩැල්ල (තුඩුවැල්ල) වැලිගම්පිටිය, වැලිසර වගේ පළාත් සුදුවැලිවලින් වැහිලා තියෙන්නේ කැලණිතිස්ස රජ්ජුරුවන්ගේ කාලේ විහාරමහාදේවි සම්බන්ධ මූද ගොඩ ගලපු සිද්ධියෙන් කියලයි අපේ පරණ මිනිස්සු කිව්වේ. අදත් ඔය සුදුවැල්ලේ වැලි අතරේ දිරාගිය සිප්පි කටු, කවඩි වගේ දේවල් හම්බු වෙනවා. සුදුවැල්ලේ ඔය කියන රැජිනගේ මාලිගාව තිබිලා තියෙන්නේ ඊටත් හුඟාක් කලින්ලු. පස්සේ ඒ මුහුද ගොඩගැලීමෙන් ඒ මාලිගාව මුහුදට ගහගෙන ගියාලු. නමුත් පහුකාලෙකදී ඒ රැජින දියනාපු පොකුණ ඔය සුදුවැල්ලෙන් මතුවෙලා තියෙනවා. ඒ වගේම ඒ රැජින යක්ෂ ගෝත්‍රික කියලත් කියනවා. ඊට පස්සේ හඳ පායපු දවස්වල රෑට ඒ යක්ෂ රැජින කෙහෙවල්ලත් විහිදාගෙන තමන්ගේ මාලිගාව තියෙන තැනට ඇවිත් හඬා වැළපෙනවා කියලා කතාවක් අපි පුංචි කාලේ අහලා තිබුණා. ඔය සුදුවැල්ලේ අදත් ඉඳලා හිටලා හඳ පායපු රෑට දකින්න තියෙනවාය කියන්නේ ඒ යක්ෂ රැජිනගේ අවතාරය කියලයි කියන්නේ. ඊට කලකට ඉහත විදුහල්පති ධර්මසේන මහතා කී ඒ අපූර්ව ප්‍රවෘත්තියෙහි පූර්වාපර සන්ධි පෙර්රා මහතා විසින් එසේ ගැළපීම සම්බන්ධයෙන් මා සිතට පිවිසියේ අතිමහත් ප්‍රබෝධයකි.

ක්‍රිස්තු පූර්ව හයවන සියවසට ඉහත අප රටේ යක්ෂ ගෝත්‍රිකයන් විසූ බවට ප්‍රකට මතයක් තිබේ. දේශීය වංශ කතා අනුව එවක අප රටේ කුවේණි නම් යක් රැජිනක් රජකම් කොට ඇත. එමෙන්ම කුවේණියගේ සොයුරියක ලෙස හැඳින්වෙන අල්ලි රාණි නම් යක් රැජිනකගේ මාලිගාවක නටඹුන් කල්පිටිය අර්ධද්වීපයේ පල්ලිවාසතුරෙයි ප්‍රදේශයේ තිබේ. ඒ අනුව පසුකාලීන අවතාරයක් ලෙස හඳුන්වන ලද්දේ දූරාතීතයේ සුදුවැල්ලේ විසූ එකී යක්ෂ ගෝත්‍රික නායිකාව විය නොහැකිද? මෙම කතා යථාර්ථවාදී පදනමින් විමසීම අනුවණ කමක් සේ යමකුට හැඟී යා හැක. එහෙත් දුරාතීතයේ සිට මුඛ පරම්පරා කතා මගින් පැවත එන මෙම පුවත් මානව විද්‍යාතමක විශ්ලේෂණයකට ලක් නොකිරීම ද බරපතළ අපරාධයක් බව මාගේ වැටහීමය.

තිලක් සේනාසිංහ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

6 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

පාතාලේ නමක් හදාගන්න පැට්ට මරපු මුතු

ප්‍රාදේශීය පුවත්

පොලිස් වධහිංසාවෙන් විනාශ වූ තරුණ ජිවිතයක්!

ප්‍රාදේශීය පුවත්

රට වටේ ප්ලාස්ටික් ටොන් ගණන් එකතු කර…කාන්තා ශ්‍රම බළකායකින් හැදූ අලුත්ම ප්‍රතිචක්‍රීයකරණ ‘ෆැක්ටරිය’

ප්‍රාදේශීය පුවත්

සින්දු වෙන්දේසි…නූතන ගැමි සංස්කෘතිකාංගය

ප්‍රාදේශීය පුවත්

ත්‍රීරෝදයෙන් දිවිය ජයගත් ඉෂාරා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok