Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ත්‍රීරෝදයෙන් දිවිය ජයගත් ඉෂාරා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ත්‍රීරෝදයෙන් දිවිය ජයගත් ඉෂාරා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

ත්‍රීරෝදයෙන් දිවිය ජයගත් ඉෂාරා

7 hours ago
111 Views

තොටිල්ල පදවන අත සියුමැලි වුවද වර්තමානයේ පවතින සමාජ හා ආර්ථික තත්ත්වය මත ඇයද පිරිමින් සමග උරෙනුර ගැටී පවුලේ ආර්ථිකය පමණක් නොව රටේ ආර්ථික ක්‍රියාවලියටද දායක වීමට ඇති හැකියාව ගෙනහැර දක්වන තවත් උදාහරණයක් ලෙස ඉෂාරා පෙරේරාගේ කතාව හැඳින්විය හැකිය. සමාජයට බරක් නොවී තම පවුලේ ජීවිකාව සරි කර ගැනීමට ඇය යොදන විරිය සැමට මහඟු ආදර්ශයක් සපයයි.

සුපිරි වෙළෙදසලේ සිට රියැදුරු අසුන දක්වාසාර්ථක ත්‍රිරෝද රථ ව්‍යාපාරයක හිමිකාරිය වීමට පෙර ඉෂාරා ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසල් ජාලයක වසර ගණනාවක් සේවය කළාය. එහිදී ඇයට ස්ථාවර රැකියාවක් තිබුණත්, එහි සීමාවන් තිබුණේය. “මට නිදහසක් තිබුණේ නැහැ. මම දිගු වේලාවක් වැඩ කළා. සාමාන්‍යයෙන් වැටුප් ලැබෙනකන් මාසය අවසානය දක්වා බලා සිටීමට සිදු වනවා. මම වෙහෙස මහන්සි වී වැඩ කළාට මම හිර වී ඇති බවක් තමයි මට දැනුනේ,” යනුවෙන් ඉෂාරා පැවසුවාය.

සුපිරි වෙළෙඳසලේ ඇගේ රැකියාව ස්ථාවර වුවත් ඉෂාරා ආශා කළ නිදහස වගේම තමන්ට අවශ්‍ය වේලාවට මුදල් අතේ ගැවසීම ඇයට නොතිබුණු බව ඇය පවසයි. මුදල් අවශ්‍ය වුණු සමහර අවස්ථාවල ඇය පවුලේ අය සමග අසරණ වුණු අතර ඒ ගැන සිතේ කලකිරීමක් ඇති විය. “මගේ පවුලට අවශ්‍ය මුදල් ඉපයීම සඳහා වෙනත් කෙනකු මත යැපෙන සේවිකාවක් වීමට වඩා වැඩි යමක් කිරීමට මට අවශ්‍ය වුණා,” ඉෂාරා පවසයි.

ස්වාධීන ආදායමක් සඳහා නිර්භීත පියවරක්

ඇගේ ජීවිතය වෙනස් කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටි ඉෂාරා නිර්භීත පියවරක් ගැනීමට තීරණය කළාය. ඇය සමාජ මතය කුමක් වුවත් කාන්තාවක් ලෙස ත්‍රිරෝද රථයක් මිලදී ගෙන එමගින් ආදායමක් උපයා ගැනීමට තීරණය කළාය. ඒ තීරණය පහසු එකක් නොවූ අතර එය ඇගේ ජීවිතයේ සෑම කෙනකුම පාහේ කණස්සල්ලට පත් කරන්නක් විය.

ඇගේ සැමියා වන යුද හමුදාවේ සේවය කළ මේජර් නිරෝෂන් මුලදී මෙම අදහසට විරුද්ධ වූ බව ඇය පවසයි. “මුලදී, ඔහු මගේ තීරණයට විරුද්ධ වුණා. එය මට නොගැළපෙන රැකියාවක් කියල තමයි ඔහු හිතුවෙ. නමුත් මම අධිෂ්ඨානශීලීව ඒ කටයුත්ත කරනව කියල සුබවාදීව ඒ දෙස බලන ලෙස අනිත් අයගෙන් ඉල්ලා සිටියා. අද වෙනකොට මම මට එය කළ හැකි වගේම කාන්තාවකට මෙය ගැළපෙන රැකියාවක් බව ඔප්පු කරල තියෙනවා.”

මූල්‍යමය ස්වාධීනත්වය ලබා ගැනීම

ඉෂාරා ඇගේ ත්‍රිරෝද රථයේ හිමිකරු වූ මොහොතේ සිට ඇගේ ජීවිතය ඇය කිසි විටෙකත් අපේක්ෂා නොකළ ආකාරයෙන් වෙනස් වීමට පටන් ගත්තේය. “දැන් මගේ රැකියාවෙන් මට අවශ්‍ය වෙලාවට මුදල් ලැබෙනවා වගේම මගේ ස්වාධීනත්වයද තියෙනවා.,” ඇය සිනහවකින් පවසයි.

“මට තවදුරටත් මාසය අවසානයේ වැටුපක් බලාපොරොත්තුවෙන් ඉන්න අවශ්‍ය නෑ. මට මගේම කාලසටහනකට අනුව වැඩ කරන්න පුළුවන්. මම කොපමණ මුදලක් උපයනවාද යන්න පිළිබඳව මම සැළසුමකට වැඩ කරනවා.”

ඉෂාරාගේ නව රැකියාවෙන් ඇයට සෑම විටම සිහින මැවූ මූල්‍ය ස්ථාවරත්වය ලබා දුන්නේය. “මගේ ආදායම දැන් ස්ථාවරයි, මගේ සැමියාට බරක් නොවී මට මගේ පවුලට සහයෝගය ලබාදෙන්න පුළුවන්. මම කරන දේ ගැන මම ආඩම්බර වෙනවා,” යැයි ඇය පවසයි.

මුලදී ඇයගේ ත්‍රිරෝද රථ රැකියාව

ගැන අකමැත්තෙන් සිටි ඇගේ සැමියා දැන් ඇයට සම්පූර්ණයෙන්ම සහාය දක්වයි. “මුලදී, ඔහු කනස්සල්ලට පත්ව සිටියා, නමුත් දැන් ඔහු ඒ ගැන සතුටු වගේම ආඩම්බර වෙනවා. මට තවදුරටත් ඔහුගෙන් දෛනික වියදම් ඉල්ලන්න අවශ්‍ය නෑ. මම සියල්ල හොඳින් කළමනාකරණය කරනවා.”

වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ ආත්ම විශ්වාසය තුළින් කාන්තාවන් සවිබල ගැන්වීම ඉෂාරාගේ කතාව කාන්තාවක් ඇගේ ඉරණම වෙනස් කරගත් අයුරු ගැන ප්‍රබල උදාහරණයකි.

“අනෙක් කාන්තාවන්ටත් මම කියන්නෙ එක දේකට කොටු නොවී වෙනස් ආකාරයෙන් හිතන්න පටන් ගන්න කියල. අපිට වෙනසක් කරන්න පුළුවන්. මම එයට සාක්ෂියක්.”

ඉෂාරාට ත්‍රිරෝද රථය යනු වාහනයක් පමණක් නොවේ. එය කාන්තාව සවිබලගැන්වීමේ සංකේතයකි. ඇයට තවදුරටත් අන් කිසිවකු මත යැපෙන්නේ නැති ජීවිතයක් නිර්මාණය කරගැනීමට හැකි වී ඇත.

තම දියණියට ආදර්ශයක් තැබීම

ඉෂාරාගේ ගමනේ වැදගත්ම කොටස ඇය තම දියණියට තබන ආදර්ශයයි. “මට දියණියක් ඉන්නවා. මට අවශ්‍ය වන්නේ ඇයට ඕනෑම දෙයක් කළ හැකි බව දැනෙන විදියට ඇයව ලොකු මහත් කරන්න. කාන්තාවන් ශක්තිමත් සහ දක්ෂ බව ඇයට පෙන්වීමට මම කැමතියි. ඇයට කිසි විටෙකත් වෙනත් කෙනකු මත විශ්වාසය තැබිය යුතුයි කියන සංකල්පය මම පුරුදු කරන්නේ නෑ. මා මෙන් ඇයටත් ස්වෝත්සාහයෙන් නැඟිසිටිය හැකි බව උගැන්වීමට මම කැමතිය.”

ත්‍රිරෝද රථ රැකියාවේ අනාගතය

ඉෂාරාට තමාගේ ත්‍රිරෝද රථ රැකියාව පිළිබඳව සුබවාදී සිහින ඇති බව ඇය සමග දොඩමළු වීමේදී පැහැදිළි වේ. ඇය තම ත්‍රිරෝද රථ බලඇණිය පුළුල් කිරීමට, අන් අයට රැකියා අවස්ථා ලබා දීමට සහ ඇගේ ප්‍රජාවට දිගටම උදව් කිරීමට බලාපොරොත්තු වේ. “ස්වාධීන වීමට අවස්ථාවක් අවශ්‍ය කාන්තාවන්ට තවත් අවස්ථා නිර්මාණය කිරීමට මට අවශ්‍යයි,” ඇය පවසයි. “රැකියාවක් කරන්න කැමති නමුත් ආරම්භ කරන්නේ කෙසේ දැයි නොදන්නා කාන්තාවන් බොහෝ දෙනෙක් ඉන්නවා. මගේ කතාව ඔවුන්ට ඒ පළමු පියවර ගැනීමට ධෛර්යය ලබා දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.”

ඇය පදවන සෑම සැතපුමකම ඉෂාරා මගීන් ප්‍රවාහනය කරනවා පමණක් නොව කාන්තාවන් සඳහා බලාපොරොත්තුව සහ සවිබලගැන්වීමේ පණිවිඩයක් ද රැගෙන යයි.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

6 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

පාතාලේ නමක් හදාගන්න පැට්ට මරපු මුතු

ප්‍රාදේශීය පුවත්

පොලිස් වධහිංසාවෙන් විනාශ වූ තරුණ ජිවිතයක්!

ප්‍රාදේශීය පුවත්

රට වටේ ප්ලාස්ටික් ටොන් ගණන් එකතු කර…කාන්තා ශ්‍රම බළකායකින් හැදූ අලුත්ම ප්‍රතිචක්‍රීයකරණ ‘ෆැක්ටරිය’

ප්‍රාදේශීය පුවත්

වැඩිදෙනෙක් නොදන්න සුදුවැල්ලේ සුන්දරත්වය

ප්‍රාදේශීය පුවත්

සින්දු වෙන්දේසි…නූතන ගැමි සංස්කෘතිකාංගය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok