Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: පාතාලේ නමක් හදාගන්න පැට්ට මරපු මුතු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: පාතාලේ නමක් හදාගන්න පැට්ට මරපු මුතු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

පාතාලේ නමක් හදාගන්න පැට්ට මරපු මුතු

3 hours ago
114 Views

ඝාතන කොන්ත්‍රාත්තුව ලක්ෂ 5යි

රට පැනපු ලොකුවා මාස 17කට පසු කොටුවෙයි

දිනය 2024 වර්ෂයේ ජනවාරි මස 10 වැනිදාය. වේලාව රාත්‍රි 10.00 පසු වී තිබුණේය. කඩුවෙල කොරතොට ගලබඩවත්ත ප්‍රදේශයේ පැවතියේ දැඩි නිහැඬිතාවකි. ඒ නිහැඬියාව බිඳ දමමින් ටේ්‍රල් වර්ගයේ යතුරුපැදියක හඬක් ඇසෙන්නට විය.

වේගයෙන් ආ යතුරුපැදිය ගලබඩවත්ත ප්‍රදේශයේ එක්තරා නිවසක් ඉදිරිපිට නතර කළේය. යතුරුපැදියේ පැමිණි පුද්ගලයන් දෙදෙනා ඒ නිවසේ දොරට තඩි බාන්නට වූහ.

“කවුද මේ මහ රෑ දොරවල් කඩන්න හදන්නේ…”

නිවැසියන් ප්‍රශ්න කළෝය.

“අපි එස්. ටී. එෆ්. එකෙන්. තොරතුරක් දැනගන්න ආවෙ. අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නෙ නැතිව මේ දොර අරිනවා”

පැමිණි පුද්ගලයකු උස් හඬින් කීවේය. පැමිණ සිටින්නේ එස්. ටී. එෆ්. නිලධාරීන් නිසා බියක් වීමට අවශ්‍යතාවක් නැත. නිවැසියන් දොර විවෘත කළෝය.

“කෝ පැට්ටා ඉන්නවද? අපිට මිනිහගෙන් තොරතුරක් ගන්න තියෙනවා. එන්න කියනවා මිනිහට…”

එස්. ටී. එෆ්. යැයි කියූ දෙදෙනාගෙන් එක් අයකු සැරපරුෂ හඬින් කීවේය. පැමිණ සිටි පුද්ගලයන් දෙදෙනා සිවිල් ඇඳුමින් සැරසී සිටියහ. බැලූ බැල්මට ඔවුන් එස්. ටී. එෆ්. නිලධාරීන් ලෙස පෙනෙන්නට තිබුණේ නැත.

ඒ වනවිට නිවැසියන් සිටියේ දැඩි කුතුහලයෙන් යුතුවය. නිවසේ සිටි පැට්ටා ද එළියට ආවේය.

‘මහත්තයො මෙයා තමයි පැට්ටා කියන්නෙ. මොකක්ද උවමනාව?”

නිවැසියන් පැට්ටා හඳුන්වා දෙමින් විමසුවේය.

“අපිට පාතාලෙ එකෙක් ගැන තොරතුරක් ගන්න ඕනෙ. පැය කීපයකින් මෙයාව එවන්නම්. එතකල් කලබලයක් නොකර ඉන්නවා. අපි මෙයාව අරන් යනවා…”

එස්. ටී. එෆ්. යැයි කියූ පුද්ගලයන් දෙදෙනා ඔවුන් පැමිණි යතුරුපැදියට පැට්ටා නංවා ගත්තෝය. ඔවුන් රැගත් යතුරුපැදිය ඝණ අන්ධකාරය මැදින් නොපෙනී ගියේය.

“මේ ආපු උන් ගැන නම් මට සැකයි. උන් එස්. ටී. එෆ්. එකේ නෙවෙයි. අනික ඔය විදිහට බයික් එකක දාගෙන මිනිස්සු අරන් යනවද? එහෙනම් අඩුගාණෙ ජීප් එකක්වත් එන්න ඕනෙ”

පැට්ටාගේ පවුලේ සාමාජිකයන් පැමිණි පුද්ගලයන් ගැන සැකයෙන් කතා කරන්නට වූහ.

“අනික ඒ මිනිස්සු යුනිෆෝම් ඇඳලා හිටියෙත් නැහැ. උන්ගෙ හැටි දැක්කම එස්. ටී. එෆ්. නිලධාරීන් කියන්නත් බැහැ.

කෝකටත් අපි උන් ගිය පැත්තට ගිහින් හොයලා බැලුවොත් හොඳයි…”

නිවැසියන් සහ අහල පහල තරුණයන් කීප දෙනෙක් යතුරුපැදිවල නැඟී පැට්ටා රැගෙන ගිය දිශාවට ගියෝය. තරුණයන්ට වැඩි දුරක් යන්නට වුණේ නැත. කොරතොට වැලහිංතුඩුව මහවෙල බොක්කුව අසල මාර්ගය අයිනේ කිසියම් පුද්ගලයකු වැටී සිටිනු දැකගන්නට හැකි විය.

තරුණයන් එසේ සිටි පුද්ගලයා කවුදැයි සොයා බැලුවෝය.

‘දෙයියනේ මේ පැට්ටා. මූට වෙඩි තියලා”

තරුණයන් කෑගසන්නට වූහ.

“මූට තාම පණ තියෙනවා. ඉක්මනට ඉස්පිරිතාලෙ අරගෙන යමු.”

පිරිස වහ වහා පැට්ට රැගෙන අතුරුගිරිය රෝහලට ගියහ.

පැට්ටාගේ තත්ත්වය බරපතළය. ඔහු වහාම කොළඹ ජාතික රෝහල වෙත යැවීමට අතුරුගිරිය රෝහල කටයුතු කළේය. එහෙත් තවදුරටත් ජීවත් වීමේ වරම් පැට්ටාට ඉතිරිව තිබුණේ නැත. ජාතික රෝහලේදී පැට්ටා අවසන් ගමන් ගියේය.

පැට්ටා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු නවගමුව පොලිසිය විසින් ක්‍රියාත්මක කළේය. ඊට අමතරව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ද විමර්ශන ක්‍රියාත්මක කළහ.

විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මේ විමර්ශන කෙරෙහි වැඩි අවධානයක් යොමු කළේ තම බළකායේ කීර්තිනාමයට හානි කරමින් සංවිධානාත්මක කල්ලියක් මේ අපරාධය කිරීම නිසාය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත පැට්ටා ඝාතනයට කුලී ඝාතකයන් පැමිණි යතුරුපැදියේ හිමිකරු අත්අඩංගුවට ගැනීමට හැකි විය. මේ අතර තවත් පුද්ගලයකු ද අත්අඩංගුවට ගත්තේය. යතුරුපැදියේ හිමිකරු සහ එය උකසට ලබාගෙන පාවිච්චි කළ පුද්ගලයන් දෙදෙනා මෙසේ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළෝය.

මේ අතර බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති සුමිත් ජයසිංහ උප පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර සැරයන් (40248) ප්‍රසන්න ඇතුළු නිලධාරීන්ට ඉතාම වැදගත් තොරතුරක් ලැබිණි. ඉන් කියැවුණේ පැට්ටා ඝාතනය කළ කුලී මිනීමරුවන් දෙදෙනාගෙන් එක් අයකු තඹුත්තේගම ප්‍රදේශයේ සැඟවී සිටින බවය.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් තඹුත්තේගම හුරිගස්වැව ප්‍රදේශය වටලා කළ මෙහෙයුමකදී කුලී ඝාතකයන් දෙදෙනාගෙන් එකකු සිය අනියම් බිරිඳ සමග සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි විය.

සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී පැට්ටා ඝාතනයේ බොහෝ දේ හෙළිවන්නට වුණේය.

“සර්… මේක ඩුබායි ඉන්න මුතූගෙ කොන්ත්‍රාත්තුවකට තමයි අපි ගැහුවෙ. මම බයික් එක පැද්දා මාබිම ලොකුවා තමයි පැට්ටාට වෙඩි තිබ්බේ. රුපියල් ලක්ෂ 5ක කන්ට්‍රෑක්ට් එකකට තමයි අපි මේ වැඩේ කළේ. ඒත් අපිට තාම සල්ලි හම්බ වුණේ නැහැ. ලොකුවාට මොනවා වුණාද කොහෙ ඉන්නව ද කියලා මම දන්නෙ නැහැ.”

අත්අඩංගුවට ගත් සැකකරු පැට්ටා ඝාතනයේ බොහෝ දේ හෙළි කරන්න වුණේය.

පැට්ටා ඝාතනය කළ මාබිම ලොකුවා පිළිබඳව ඒ වනවිට කිසිදු තොරතුරක් නොවීය. පැට්ටා ඝාතනය කර සති දෙකක් පමණ ගත වෙද්දී විමර්ශන නිලධාරීන්ට මාබිම ලොකුවා පිළිබඳ තොරතුරක් ලැබුණේය.

ලොකුවා ඩුබායිවලට පැන්නා. මුතූ තමයි මිනිහව ගෙන්න ගත්තේ. දැන් ලොකුවා ඩුබායිවල මුතූ එක්ක ඉන්නවා.

මාබිම ලොකුවා රටින් පැන යෑමට පෙර ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම ගැන පොලිසිය සිටියේ දැඩි කණස්සල්ලෙන්ය. එහෙත් ලොකුවා ඩුබායි සිට මෙරටට නැවත ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නට විමර්ශන නිලධාරීන් කටයුතු කළහ.

පැට්ටා කඩුවෙල කොරතොට ගලබඩවත්ත ප්‍රදේශයේ හැදී වැඩුණු තරුණයෙකි. හරිහමන් රැකියාවක් නොකළ නිසා ඔහුට ස්ථිර ආදායම් මාර්ගයක් තිබුණේ නැත.

“රණාලේ සමයං කඩුවෙල පාතාලයේ මහා කෙළිකාරයාව සිටි සමයේ පැට්ටා ඔහුගේ ගෝලයකු විය. පැට්ටා ඝාතනයට කොන්ත්‍රාත්තුව ලබාදුන් මේ වනවිට ඩුබායිහි සිටින මුතූ ද සමයංගේ කල්ලියේ ප්‍රධාන පෙළේ සාමාජිකයකු වුණේය.

රණාලේ සමයංගේ අවශ්‍යතාව මත බියගම සියඹලාපේ ප්‍රදේශයේදී මිතිල නමැති පුද්ගලයකු ඝාතනය කෙරිණි. ඒ ඝාතනයට සමයං සමග මුතූ මෙන්ම පැට්ටා ද ගොස් සිටියහ. මිතිල ඝාතනය සම්බන්ධයෙන් සමයං මුතූ මෙන්ම පැට්ටා ද පොලිසිය අත්අඩංගුවට පත් වූහ. පැට්ටා මෙන්ම මුතූ ද මෙම ඝාතනයේ විත්තිකරුවන් විය.

සමයං කඩුවෙල පාතාලයේ ලොක්කා බවට පත්ව සිටි කාලසීමාවේදී පැට්ටා සහ මුතූ ගජ මිතුරන් වූහ. ඔවුන් කෑවේ බීවේ එකටය. ගමන් බිමින් ගියේ ද එකටය.

රණාලේ සමයං කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථය තුළ වෙඩි තබා ඝාතනය වීමෙන් පසු කඩුවෙල පාතාල කිරුළ හිස් විය. සමයංගේ පාතාල කල්ලියේ ප්‍රබලයන්ව සිටි ඌරුජුවා සහ ඉන්ද්‍රා කඩුවෙල පාතාල කිරුළට සටන් කළෝය. එහෙත් ඔවුන් දෙදෙනාටම අකාලයේ සිය ජීවිත හැර යෑමට සිදුවිය. කඩුවෙල පාතාලයේ කිරුළ පලඳින්නට මුතූගේ සිතේ ආශාවක් ඇතිවන්නේ මේ සිදුවීම්වලින් පසුවය.

මුතූගෙන් අලුත් කල්ලියක්

“සමයං එක්ක හිටිය එක වැඩකාරයෙක්වත් දැන් නැහැ. කඩුවෙල පාතාලෙ රන් කරන්න වෙන්නෙ මට තමයි. අපි එකතුවෙලා හොඳ ගමනක් යමු”

මුතූ සමයංගේ කල්ලියේ ඉතිරිව සිටි පාතාල සාමාජිකයන් ඒකරාශී කරගෙන අලුත් කල්ලියක් ගොඩනඟා ගන්නට දත කෑවේය. එහෙත් ඒ වනවිට බොහෝදෙනෙක් මේ කල්ලිය අතහැර ගොස් සිටියහ. පැට්ටා ද පාතාල ක්‍රියාකාරකම් අතහැර තමන්ගේ පාඩුවේ කසිප්පු ව්‍යාපාරයක් කරගෙන ජීවත් වන්නට පටන් ගත්තේය.

මත්ද්‍රව්‍ය ජාවාරම් කප්පම් ගැනීම් සුළුවෙන් කරගෙන ගිය ද මුතූට ඒ හැටි ආදායමක් නොවීය. පොලිසියෙන් එල්ල වී තිබූ තර්ජන හමුවේ තවදුරටත් රටේ සිටීම අනතුරුදායක බව තේරුම් ගත් මුතූ 2021 වර්ෂයේදී හොර රහසේම ඩුබායි රාජ්‍යයට පලා ගියේය. එහෙත් ඩුබායි රාජ්‍යයේ ජීවත් වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. අධික වියදමක් දැරීමට සිදුවීම මුතූ ඩුබායිහි දී මුහුණදුන් බරපතළම අභියෝගය විය.

“මෙහෙ ඉන්න ගමන් ලංකාවෙ කුඩු බිස්නස් එක ලොකුවට කරන්න ඕනෙ. ඒ වගෙම සමයංට කප්පම් දුන්න ව්‍යාපාරිකයන්ගෙන් දිගටම කප්පම් ගන්න පටන් ගන්න ඕනෙ. එහෙම නොවුණොත් මෙහෙ ජීවත්වෙන්න අමාරුයි”

මුතූ සිය මිතුරන්ට කීවේය. එහෙත් මුතූ බලාපොරොත්තු වූ තරමට කුඩු ව්‍යාපාරය සාර්ථකව කරගෙන යන්නට ඉඩක් ලැබුණේ නැත. කප්පම් ඉල්ලා ව්‍යාපාරිකයන්ට තර්ජනය කළ ද එකෙකුවත් මුතූගේ නමට බිය වුණේවත් කප්පම් දුන්නේවත් නැත. මුතූ කියන්නෙ උඹ මහ කෙරුමෙක් ද කියලා සමහර ව්‍යාපාරිකයන් අසද්දී ඔහුට බලවත් ලැජ්ජාවක් ඇති විය.

“මෙහෙම ගියොත් මට මැරෙන්න වෙන්නේ ඒ නිසා කඩුවෙල නවගමුව බෝමිරිය පැත්තේ භීෂණයක් දාන්න ඕනේ.

එතකොට තමයි මුතූ කියන නම පාතාල කරළියට එන්නෙ. වැඩක් නැති උන් නම් කමක් නැහැ දෙතුන් දෙනෙකුට ගහලා නම හදාගන්න ඕනෙ.”

‘මුතූ’ සිය කල්ලියේ සාමාජිකයන්ට කීවේය. තමා සමග වෛරයෙන් පසුවන මෑන් කව්දැයි මුතූ හොයා බැලුවේය. කලක් තම සමීප මිතුරාව සිටි පැට්ට ගැන මතකය මුතූගේ සිතට නැඟුණේ ඔය අතරතුරදීය. ඒ වනවිට පැට්ටා මුතූගේ වෛරකාරියකු බවට පත්ව සිටියේය.

මුතූගේ පියාට පැට්ටා ඇතුළු පිරිසක් පහරදීම ඒ වෛරයට හේතු වී තිබුණේය.

පැට්ටාට ගහලා වැඩේ පටන් ගන්න ඕනේ. ඒකට හොඳ ෂුවර් කෙනෙක් හොයා ගන්න ඕනෙ. මෙහෙම එකෙකුට දෙන්නෙකුට ගහලා නම හදාගන්නට කඩුවෙල සල්ලිකාරයෝ මගේ පස්සෙන් ඇවිත් කප්පම් දෙන්න පටන් ගනිවි. මුතූ සිය සගයන්ට කීවේය. පැට්ටා ඝාතනය කිරීම සඳහා කුලී මිනීමරුවකු අවශ්‍ය විය. ඒ පිළිබඳව මුතූ හොයන්නට වුණේය. මුතූගේ සිතට එකවරම ආවේ මාබිම ලොකුවාය.

මාබිම ලොකුවා පදිංචිව සිටියේද අතුරුගිරිය ප්‍රදේශයේය. ලොකුවා සහ මුතූ එකපන්තියේ එකට ඉගෙන ගත් පාසල් මිතුරන් වූහ. පාසල් අධ්‍යාපනයෙන් පසු යුද හමුදාවට එක්වූ ලොකුවා කලක් එහි සේවය කළේය. වසර කීපයකට පසු යුද හමුදාවෙන් පලා ආ ලොකුවා කඩුවෙල රස්තියාදුකාරයන්ගේ සංගමයට බැඳුණේය. ටික කලක් යද්දී මත්ද්‍රව්‍ය භාවිතයට ද තදින් ඇබ්බැහි වූ ලොකුවා සිය ජීවිතය තමන් විසින්ම ටිකෙන් ටික විනාශ කරගන්නට පටන් ගත්තේය.

මුතූ ඩුබායි සිට ලොකුවාව දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තේය.

“ලොකුවාට මුතූගෙන් ලක්ෂ 5ක කොන්ත්‍රාත්තුවක්”

ලොකුවා උඹට කියලා මට ලොකු වැඩක් තියනවා කරවගන්න. උඹ අමාරුවෙන් ජීවත් වෙන බවත් මම දන්නවා උඹට මං ලක්ෂ 5ක් දෙන්නම් මේ වැඩේ කරලා දීපං ප්‍රශ්නයක් වුණොත් මං උඹව ඩුබායිවලට ගෙන්න ගන්නම්…

මුතූ ලොකුවාට සිය යෝජනාව ඉදිරිපත් කළේය. ඒ වනවිට මිනිස් ඝාතන කිසිවක් කර නොතිබූ නිසා ලොකුවා මේ කොන්ත්‍රාත්තුව භාරගැනීමට අදිමදි කළේය.

පැට්ටා කියන්නේ වැඩක් නැති එකෙක් ඌ ජීවත් වුණා කියලා වැඩකුත් නැහැ. ඒ වගේද උඹට මේ වැඩේ කළාම ලක්‍ෂ 5කුත් හම්බවෙනවා ඩුබායි එන්නත් චාන්ස් එකක් ලැබෙනවා. මෝඩ වෙන්න එපා උඹ මේ වැඩේ භාරගණින්.

මුතූ ලොකුවාව දිරිමත් කලේ අතේ ශත පහ නොමැතිව දැඩි ආර්ථික අර්බුදයක සිටි නිසා ලොකුවා අවසානයේ මුතූගේ යෝජනාවට කැමති වුණේය.

හරි මං ලෑස්තියි. මට මේ වැඩේට තව කාවහරි සෙට් කරලා දීපං හොඳ පිස්ටල් එකකුත් ඕනේ. අනික මතක තියා ගණින් හරියටම මගේ කොන්ත්‍රාත් ගාස්තුව ගෙවපං හරිද?

ලොකුවා තම පාසල් මිතුරා මුතූට කීවේය. පැට්ටා ඝාතන සැලසුම සකස් වන්නේ එතැන් සිටය. මුතූ තම හිතවතකුගේ මාර්ගයෙන් යතුරුපැදියක් මෙන්ම පැදිකරුවකුද හොයා ගත්තේය. සිය ගෝලබාලයත් යොදවා මිලිමීටර් 3.8 වර්ගයේ පිස්තෝලයකට සහ ජීව උණ්ඩ ලබාගත් මුතූ ඒවා ලොකුවාට ලැබෙන්න සැලැස්වීය.

පැට්ටාව කොහෙට හරි උස්සගෙන ගිහින් ගහලා දාන්න. මොකුත් ප්‍රශ්නයක් නොවෙන්න වැඩේ හරියටම කරන්න ඕනේ. එස්.ටී.එෆ් එකෙන් කියලා ගිහින් ගෙදරදීම උස්සපං එතකොට කරදරයක් නැතිව වැඩේ කරන්න පුළුවන්.

මුතූ සිය කුලී ඝාතකයාට උපදෙස් ලබා දුන්නේය. මුතූගේ උපදෙස් මත පැට්ටා ඝාතනය සිදු වුණේය. මුතූගේ පාතාල නම කරළියට ගෙන එන්නට කොහොමටත් නැති මිනිසකු සිය ජිවිතයෙන් වන්දි ගෙව්වේය. පැට්ටා මරා දැමූ ලොකුවා ඊට සුළු මොහොතකට පසු ඩුබායි රාජ්‍යයේ සිට කතා කර මුතූට ඒ බව කීවේය. ඔන්න උඹ කිව්ව විදිහටම වැඩේ කළා. දැන් උඹේ යුතුකම් ඉෂ්ට කරපං ලොකුවා කීවේය. මං දන්නවා උඹට වැඩක් භාර දුන්නොත් ඒක හරියටම කරන බව මං පොරොන්දු වෙච්ච දේවල් ඒ විදිහටම කරනවා. ඔය බයික් එක හංගලා උඹ හෙමිහිට මාරුවෙයන් මං උඹට කතා කරන්නම්.

මුතූ සිය සගයාට උපදෙස් දෙමින් කීවේය. ඒ අනුව ලොකුවා යතුරුපැදිය සඟවා ආරක්ෂිත ස්ථානයක සැඟවුණේ පොලිසියෙන් බේරීම සඳහාය.

පැට්ටා ඝාතනයේ විමර්ශන ඉතාම කාර්යක්‍ෂමව සිදුවන බවත් ප්‍රහාරය සඳහා සිය යතුරුපැදිකරු අත්අඩංගුවට ගත් බවත් ඒ වනවිට ලොකුවාට ආරංචි වී තිබුණේය.

පොලිසියයි එස්.ටී.එෆ්. එකයි දුවනවා මාව අල්ලන්න. මෙහෙ හිටියොත් අනිවාර්යයෙන්ම මට මැරුම් කන්න වෙන්නේ. ඒ නිසා මාව පුළුවන් තරම් ඉක්මනට ඩුබායිවලට ගණින්. මං උඹ කියන ඕනෙ වැඩක් කරන්නම්. ඒ වනවිට දැඩි ලෙස භීතියට පත්ව සිටි ලොකුවා කීවේය.

“හරි හරි උඹ ඩුබායි එන්න ලෑස්තිවෙයන් මම ඒකට ඕන කරන හැමදේම කරලා දෙන්නම් මොකද මට උඹව ගොඩක් වටිනවා අපිට ලොකු ගමනක් යන්න තියෙනවා.

මුතූ සිය මිතුරා මෙන්ම කුලී ඝාතකයාට කීවේය. ලොකුවා යොදාගෙන තවත් මිනිස් ඝාතන රැසක් කිරීමට මුතූගේ සැලසුම විය. ඒ සඳහා ලොකුවා ආරක්ෂා කරගත යුතු නිසා ඔහු හැකි ඉක්මනින් ඩුබායි රාජ්‍යය වෙත ගෙන්වා යැවීමට මුතූ කටයුතු කළේය.

පැට්ටා මරා දමා සති දෙකක් ගතවන විට ලොකුවා ඩුබායි රාජ්‍යය වෙත ගෙන්වා ගැනීමට මුතූට හැකිවිය. ඩුබායි රට ලංකාව වගෙ නෙවෙයි බොහොම කල්පනාවෙන් ඉන්න ඕනේ. අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගත්තොත් කිසිම සමාවක් නැහැ. ඒ නිසා මං කියන විදිහට මෙතන ජීවත් වෙයන් මං උඹව බලාගන්නම්.

මුතූ ලොකුවාට කීවේය. ටික කාලයක් යනතුරු ලොකුවා යහපත් කල්ක්‍රියාවෙන් ගත කළේය. ඒ වනවිට මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වී සිටි නිසා ලොකුවාට ඒ ගෙවන ජීවිතය ඉතාම කර්කෂ එකක් විය. අවශ්‍ය විට මත්ද්‍රව්‍ය සොයා ගැනීමට නොහැකි වීම ලොකුවාට බරපතළ ප්‍රශ්නයක් වුණේය.

ඔහු ඩුබායි රාජ්‍යයේ කරක් ගසමින් තම අවශ්‍යතාවය සපුරාගන්නට උත්සාහ කළේය. උඹ මෙහෙම හැසිරෙන්න ගියොත් මමත් අමාරුවේ වැටෙනවා කාල බීලා ප්‍රශ්නයක් නැතිව ඉන්න බැරිනම් උඹ ආපහු ලංකාවට පලයං. ලොකුවාගේ හැසිරීම ගැන ඒ වනවිට දැඩි අප්‍රසාදයෙන් සිටි මුතූ ඔහුට දිගින් දිගටම අවවාද කළේය. ඒ අවවාද ඇතැම් අවස්ථාවලදී තර්ජනයක් දැක්වා දුරදිග ගියේය. එහෙත් ඒ කිසිවකින් ලොකුවාගේ චර්යාවන් වෙනස් වුණේ නැත.

මත්ද්‍රව්‍ය භාවිතයටත් ඩුබායි රාජ්‍යයේ රස්තියාදු ගැසීමටත් ලොකුවා කටයුතු කළේය. අවසානයේ මුතූ ඔහුගේ නිවසින් ලොකුවා පන්නා දැම්මේය. ඉන්න හිටින්නට තැනක් නොමැතිව නන්නත්තාර වූ ලොකුවා දන්න කියන මිතුරන් කීපදෙනෙකුගේ නවසක තාවකාලිකව රැඳී සිටියේය.

ඒ වනවිට ලොකුවාට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටීමට ලැබී තිබූ වීසා කාලය ද අවසන් වී තිබුණේය. අවසානයේ වීසා නොමැතිව රැඳී සිටීම සම්බන්ධයෙන් ලොකුවා ඩුබායි පොලිසියට කොටු වුණේය. ලොකුවා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන්නේ ඉන් පසුවය. පැට්ටා ඝාතනය කර මාස 17 කට පසු ලොකුවා කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට පත් වුණේය.

ඉදිරි විමර්ශන කටයුතු සඳහා ලොකුවා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාර කෙරිණි. පැට්ටා ඝාතනයේ සියලු රහස් හෙළි කිරීමට ලොකුවාට සිදුවිය. ‘මුතූට’ පාතාලයේ නමක් හදාගැනීමට පැට්ටාට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවුණේ ඒ ආකාරයටය.

හේමන්ත රන්දුණු

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

6 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

පොලිස් වධහිංසාවෙන් විනාශ වූ තරුණ ජිවිතයක්!

ප්‍රාදේශීය පුවත්

රට වටේ ප්ලාස්ටික් ටොන් ගණන් එකතු කර…කාන්තා ශ්‍රම බළකායකින් හැදූ අලුත්ම ප්‍රතිචක්‍රීයකරණ ‘ෆැක්ටරිය’

ප්‍රාදේශීය පුවත්

වැඩිදෙනෙක් නොදන්න සුදුවැල්ලේ සුන්දරත්වය

ප්‍රාදේශීය පුවත්

සින්දු වෙන්දේසි…නූතන ගැමි සංස්කෘතිකාංගය

ප්‍රාදේශීය පුවත්

ත්‍රීරෝදයෙන් දිවිය ජයගත් ඉෂාරා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok