Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පෞද්ගලික බස් හිමියෙක් ලංගම රියැදුරකුට යකඩ පොල්ලකින් ගහලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පෞද්ගලික බස් හිමියෙක් ලංගම රියැදුරකුට යකඩ පොල්ලකින් ගහලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

පෞද්ගලික බස් හිමියෙක් ලංගම රියැදුරකුට යකඩ පොල්ලකින් ගහලා

2 weeks ago
1661 Views

හසලක ලංගම සේවකයෝ වැඩ නවතා විරෝධතාවක

නිලධාරීන්ට වගේ වගක් නැතැයි චෝදනා

එයාලට අපේ කාලසටහනට රිංගන්න එපා කියන්න – විරෝධතාකරුවෝ කියති

‘පිය පුතුගේ මැර ප්‍රහාරය හෙළා දකිමු’, ‘ලංගම සේවකයන්ගේ ජීවිත අනතුරේ දමා නිලධාරීන් නිදි’ යැයි සටහන් කළ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් හසලක ඩිපෝ කාර්යය මණ්ඩල පිරිස ඊයේ (05 දා) සිය සේවයෙන් ඉවත් වෙමින් විරෝධතාවයක නිරතව සිටියහ.

මහියංගණ – රංදෙණිගල මාර්ගයේ ලංගම බස් රථ රියැදුරකුට පෞද්ගලික බස් රථ හිමියකු හා ඔහුගේ පුත්‍රයා විසින් යකඩ පොලුවලින් පහරදීමේ සිද්ධියක් පදනම් කර ගනිමින් එම විරෝධතාවය පැවැත්විණි. මෙම මාර්ගයේ ලංගම සේවකයන්ට පෞද්ගලික බස් සේවකයන් පහරදුන් හතරවැනි අවස්ථාව මෙය බව ද විරෝධතාකරුවෝ පැවසූහ.

වසර ගණනාවක් තිස්සේ පෞද්ගලික බස් රියැදුරන් ලංගම බස් සේවකයන්ට පහරදීම් සිදුවන බවත් මේ හේතුවෙන් තමන් දැඩි ලෙස අපහසුතාවටත් පීඩාවටත් ලක්ව සිටින බවත් වර්ජනයේ නිරත පිරිස් පැවසූහ. බලධාරීන් නිලධාරීන් ඔවුන්ගේ පුටු ටික

රැකගෙන සිටිනවා විනා සේවකයන්ගේ ගැටලුව දෙස ඇස් කන් යොමු කර නැති බවත් මේ හේතුවෙන් තමන්ගේ ජීවිත ද දැඩි තර්ජනයකට ලක්ව ඇති බවත් ඔවුහු පැවසූහ.

මීට මාස 04කට පෙරත් මේ ලෙසටම රංදෙණිගල මාර්ගයේ දී ලංගම බස් රථ රියැදුරකුට යකඩ පොලුවලින් පහර දීමක් සිදුවූ බවත් ඒ හේතුවෙන් එම රියැදුරු මේ වන විටත් කොන්දේ ආබාධයකට ප්‍රතිකාර ලබන බවත් විරෝධතාකරුවෝ පැවසූහ. පොලිසිය පැත්තෙන් ද සාධාරණයක් සිදු නොවන බව ද පිරිස වැඩිදුරටත් පැවසූහ.

පෞද්ගලික බස් රථ රියැදුරන් ලංගම කාලසටහනට විනාඩි 15ක් කලින් සිය ගමන් වාර ආරම්භ කළ ද, මාර්ගයේ තැන් තැන්වල බසය නවතා ගෙන සිටිමින්, ලංගම බස් රථ රියැදුරන්ට ඔවුන් පසු කර යෑමට ඉඩ නොදීමෙන් මෙම ගැටුම සෑම අවස්ථාවකම ඇතිවන බවත් විරෝධතාකරුවෝ පැවසූහ. රංදෙණිගල මාර්ගයේ පෞද්ගලක හා ලංගම බස් රථ කාලසටහන ඒකාබද්ධ කාලසටහනකට හෝ සකසා මෙම ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙසත්, ලංගම සේවකයන්ට නිරන්තරයෙන් පහර දෙන පෞද්ගලික බස් මැර පිරිසට නිසි දඬුවම් ලබා දෙන ලෙසත් විරෝධතාවයේ නිරතව සිටින හසලක ඩිපෝවේ සේවක මණ්ඩලය වැඩිදුරටත් ඉල්ලා සිටිති.

“පෞද්ගලික බස් රථවලට අපි දුවන්න එපා කියන්නේ නෑ. අපිට වුණත් මගී අවශ්‍යතාවලට අපේ බස් රථ කාලසටහන් සකසන්න අපේ බස් රථ ප්‍රමාණය මදි. අපේ කාලසටහන්වලට එයාලාට රිංගන්න එපා කියන්න. අපි එයාලාගේ කාලසටහන්වලට රිංගන්නේ නෑ. එයාලා රංදෙණිගල අවසානය දක්වා යන්නෙත් නෑ. ගමන මගින් හරවාගෙන එනවා. අපි මේ පඩියෙන් මේ රස්සාවෙන් තමයි අපේ දරු පවුල් ජීවත් කරවන්නේ. අපේ මේ රස්සාවේ වගකීම ගන්න මේ නිලධාරීන් මැදිහත් වෙන්නේ නෑ. ගමේ ඉන්න සීසන් ගත්ත පාසල් දරුවන්ට අපි වෙලාවට බස් එක දුවන්න ඕනෑ. කාර්යාලවල වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ට කලට වෙලාවට අපි බස් ටික දිව්වේ නැත්නම් ඒ අයගෙන් පැමිණිලි. අපිට කව්රු හරි ගැහුවා කියලා, තුවාලයක් වුණා කියලා කිසිම වන්දියක් ගෙවන්නේ නෑ කවුරුත්. දැන් මේ ඉන්න රියැදුරු මහත්තයාට මාස 04කට කලින් ඔය කියන පිරිසම යකඩ පොලුවලින් ගැහුවාට පස්සේ ඒ මනුස්සයාට තාම හොඳ නෑ. බොහෙත් ගන්නවා. ඒ මනුස්සයාට කිසි වන්දියක් නෑ. තාම හරියට එයාට සනීපයකුත් නෑ. මහත්තුරු කියන්නේ එයාට දුවන්න කියලා. දුවන්න බැරිනම් ඕෆ් වෙලා ගෙදර යන්න කියනවා. නිවාඩු ඉවර වුණාම එයාට ‘නෝපේ’ දානවා. ඊට පස්සේ මේ මනුස්සයාගේ රස්සාව නැති වෙනවා. මේවාට කිසිම වගකිවයුතු නිලධාරියකුගේ රාජකාරියක් සිදු වෙන්නේ නෑ. රජය මැදිහත් වෙලා කඩිනමින් අපිට සාධාරණයක් කරන්න කියලා තමයි අපි ඉල්ලන්නේ” යැයි විරෝධතාවයේ නිරතව සිටි ලංගම සේවකයෙක් පැවසීය.

මහියංගණ – රංජිත් කරුණාවීර

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

6 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

6 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

5 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

6 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

5 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

සබරගමුවේ චරිත්ගේ මරණයට හේතුව සරසවියේ නවක වධය

ප්‍රාදේශීය පුවත්

කොළඹ මංගල රැස්වීම ලබන 26 දා

ප්‍රාදේශීය පුවත්

එක් කෝටි විසි හය ලක්ෂයක් වටිනා විදෙස් දුම්වැටි තොගයක් ගෙනා ගුවන් මගීහු 06ක් දැලේ

ප්‍රාදේශීය පුවත්

ස.ජ.බ නම් ගැසට් කර නෑ නම් නැතිව සභාව නියෝජනය බෑ රුවන්වැල්ල ප්‍රා.ස. ලේකම් රසාංගික පතිරණ

ප්‍රාදේශීය පුවත්

කතරගමට පාද වන්දනාවේ එන බැතිමතුන්ට කුමන හා යාල වන උද්‍යානය අද සිට විවෘත වෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok